asd
Friday, July 26, 2024
spot_imgspot_imgspot_img
HomeBiz NewsPLC Al-Safa මූල්‍ය සේවාවන් සම්බන්ධ දශක දෙකක පුරෝගාමියා නවීන ඩිජිටල් තාක්ෂණය සමගින්...

PLC Al-Safa මූල්‍ය සේවාවන් සම්බන්ධ දශක දෙකක පුරෝගාමියා නවීන ඩිජිටල් තාක්ෂණය සමගින් තම සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරයි..  

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් [People’s Leasing & Finance PLC (PLC)] සමාගමේ Al-Safa ඒකකය 2005 වසරේ සිටම, ඉස්ලාම් ධර්මයේ ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් මෙරට ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මේ වනවිට එම ඒකකය මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී.

ආරම්භයේ සිටම නවෝත්පාදනයට මුල්තැන දුන් PLC Al-Safa ඒකකය තම ෂරීයා අධීක්ෂණය මණ්ඩලය ශක්තිමත් කිරීමටද පියවර ගෙන ඇති අතර, එමගින් තම සේවාවන් නිරන්තරයෙන් සමාලෝචනය කිරීමට එම ඒකකයට හැකියාව ලැබී ඇත. ඒ ඔස්සේ එම සේවාවන් ෂරීයා නීතියට අනුකූල බව නැවත නැවතත් තහවුරු කරගන්නා අතරම ගනුදෙනුකරුවන්ට උපරිම වටිනාකමක් සහ නම්‍යශීලීත්වයක් පිරිනැමීමට හැකි වී තිබේ.

“ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් සැපයීම සම්බන්ධ පුරෝගාමීන් වන්නේ අපගේ ඒකකයයි. එහිදී ආයෝජන පමණක් නොව ලීසිං සහ ණය ලබා දීම් සේවාවන් සම්බන්ධයෙන්ද අපගේ අවධානය යොමු වුණා. මේ වනවිට ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් ජනතාව අතර පවතින උනන්දුව ඉහළ යමින් පවතින නිසා, අපගේ සේවාවන් පුළුල් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගනිමින් අපගේ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, නව සේවාවන් හඳුන්වා දීමටත් අප පියවර ගත්තා. අවදානම් තක්සේරුකරණය සහ ණය ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයක් යොමුකිරීම මගින් අපට මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙමින්, අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා ප්‍රධාන කාර්යසාධන දර්ශක විශිෂ්ට මට්ටමක පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා.” PLC Al-Safa ඒකකයේ ඉස්ලාමීය මූල්‍ය සහ ඩිජිටල් නිෂ්පාදන ප්‍රධානී ෆස්මිල් මවුලානා මහතා පැවසී ය.

PLC සමාගමේ දීපව්‍යාප්ත ශාඛා ජාලය භාවිතා කරමින් තම සේවාවන් දිවයින පුරාම ව්‍යාප්ත කරවීම PLC Al-Safa ඒකකයේ නවතම ඉලක්කය වී තිබේ. දැනටමත් පාර්ක් ස්ට්‍රීට්, ගල්කිස්ස, මහනුවර, පුත්තලම, කාත්තන්කුඩි, කල්මුණේ සහ මුතුර් යන ස්ථානවල PLC Al-Safa ඒකකය සඳහාම වෙන්වුණු ශාඛා පිහිටුවා ඇති අතර, PLC ශාඛා 50 ක් හරහාද එහි සේවාවන් පිරිනමනු ලබයි. ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම ශාඛා සතුව පවතින අතර, ඉදිරියේදී PLC ශාඛා 109 ඇතුළුව සියලුම සේවා මධ්‍යස්ථාන හරහා ගනුදෙනුකරුවන් වෙත සේවාවන් සැපයීමට PLC Al-Safa ඒකකය බලාපොරොත්තු වෙයි.

එමෙන්ම ඩිජිටල් මාධ්‍ය හරහා එහි සේවාවන් දවසේ පැය 24 පුරාම ලබාගත හැකි වේ. PLC Touch App සහ eDoc වැනි ක්‍රම හරහා මෙම සේවාවන් ලබාගත හැකි අතර, එමගින් ඩිජිටල් ක්‍රමයට ලිපිලේඛන, ලදුපත් සහ අලුත් කිරීමේ නිවේදන ආදිය පරිශීලනය කිරීම ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැකි වේ. 2024/25 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේදී ණය සේවාවන් සඳහාද ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට PLC Al-Safa ඒකකය පියවර ගෙන ඇත. මීට අමතරව ඉස්ලාමීය මූල්‍ය පහසුකම් සඳහාම වෙන් වූ සුවිශේෂී VISA කාඩ්පතක්ද හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර, මෙය ඩිජිටල් බැංකුකරණ සේවාවන් තවදුරටත් පහසු කරනු ඇත.

PLC Al-Safa ඒකකය මේ වනවිට Wakalah ආයෝජන විසඳුම් සහ Wadi’ah රන් සුරැකුම් සේවාවන් ආදියද නිර්මාණශීලී ලෙස වැඩිදියුණු කර හඳුන්වා දී තිබේ. Wakalah ආයෝජන විසඳුම් යනු ඉහළ ප්‍රතිලාභ පිරිනමන, පොලිය පදනම් කර නොගත්, විශ්වාසනීය ආයෝජන විසඳුමකි. Wadi’ah රන් සුරැකුම් සේවාවද සාම්ප්‍රදායික රන් ණය ක්‍රමවලට විකල්පයක් වන, පොලිය පදනම් කර නොගත්, ෂරීයා නීතියට අනුකූල සේවාවකි. මෙම සේවාවන්ට අමතරව PLC Al-Safa ඒකකය තවත් සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ඒ සියල්ලට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මෙන්ම එහි මවු සමාගම වන මහජන බැංකුවේ පිටුබලය හිමි වී තිබේ.

“අපගේ ක්‍රමෝපායික පුළුල්කරණ වැඩසටහන හුදෙක් වර්ධනයට එහා ගිය දෙයක්. ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම ලෙස ෂරීයා නීතියට අනුකූල සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප පියවර ගනිමින් සිටිනවා. අප උත්සාහ කරන්නේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන් වඩාත් හොඳින් සපුරාලීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමටයි. එමෙන්ම ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් යනු හුදෙක් ඉස්ලාම් ආගමික ප්‍රජාවට පමණක් සීමා වූ සේවාවන් නොවන බවත් මෙහිදී අවධාරණය කළ යුතුයි. මෙම සේවාවන් ඕනෑම කෙනෙකුට ලබාගත හැකි අතර, ඒවා සාම්ප්‍රදායික මූල්‍ය සේවාවන් සඳහා තිරසාර හා සාධාරණ විකල්පයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් හි Al-Safa ඒකකයේ ප්‍රධාන විධායක නිලධාරී උදේශ් ගුණවර්ධන මහතා පැවසී ය.

PLC Al-Safa ඒකකය මගින් පිරිනමන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු 0766140513 අංකය ඇමතීමෙන් හෝ ළඟම පිහිටි PLC Al-Safa සේවා ස්ථානය හෝ PLC ශාඛාව වෙත පැමිණීමෙන් ලබාගත හැකි වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments