asd
Friday, July 26, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsලොව සුපතල නොබෙල් බයොකේයා දන්ත ශල්‍ය විසඳුම් දැන් ශ්‍රී ලංකාවේ ....

ලොව සුපතල නොබෙල් බයොකේයා දන්ත ශල්‍ය විසඳුම් දැන් ශ්‍රී ලංකාවේ ….

නව්‍ය ආදාන මත පදනම් වූ දන්ත ශල්‍ය වෛද්‍ය  ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන නොබෙල් බයොකේයා, (Nobel BioCare ) නව්‍ය දන්ත ශල්‍ය තාක්ෂණික මෙවලම්   ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදු විය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නොබෙල් බයොකේයා පවසන්නේ එහි ඉතිහාසගත සේවා වටිනාකම්  සහ ප්‍රමුඛ සායනික විශේෂඥතාවයන් සමඟින් ගොඩ නැංවුණු මෙම කීර්තිමත් නොබෙල් බයොකේයා සන්නාමය, මුල් වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

මෙම සන්නාමය ශ්‍රී ලංකාවට හදුන්වා දිම  සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෛද්‍ය උපකරණ සැපයුම්කරුවෙකු වන ඩෙල්මේජ් හෙල්ත්කෙයාර් සමඟ එක්ව, කටයුතු කිරීමට ලැබීම විශිෂ්ට කරුණක් බවත් සදහන් කරයි.

“ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍යවරුන් සහ දන්ත  රෝගීන් සඳහා විශිෂ්ටත්වයේ සහ නවෝත්පාදනයේ දායාදයක් සමඟින් උසස් නව්‍ය දන්ත දන්ත ආදාන, ප්‍රතිස්ථාපන විසඳුම් ලබා දීමට හැකිවීම සුවිශේෂයි,” යැයි ඔවුහු වැඩ්දුරටත් සදහන් කරති.

එන්විස්ටා හෝල්ඩින්ග්ස් කෝපරේෂන් (Envista Holdings Corporation) හි ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ සාමාන්‍යාධිකාරී ප්‍රියබිම්බ් බාර්ත්වාල් (Priyabimb Barthwal) මෙසේ පවසයි, “නොබෙල් බයොකේයා ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ගැන අපි සතුටට පත්වෙනවා. නොබෙල් බයොකේයා යනු නව්‍ය ආදාන මත පදනම් වූ දන්ත ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයා වේ. වසර 65ක් පුරා අඛණ්ඩ නවෝත්පාදනයන් තුළින් ගොඩනගා ඇති අපගේ ඉලක්කය වන්නේ දන්ත වෛද්‍ය වෘත්තිකයන් හා ඔවුන්ගේ රෝගීන්ට අසමසම දන්ත ශල්‍ය පහසුකම් සැපයීමයි.”

නොබෙල් බයොකේයා, ශ්‍රී ලාංකික දන්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ දැනුම සහ හැකියාවන් වැඩිදියුණු කිරීමට ප්‍රභූ පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් හරහා කැපවී සිටී. මෙම මුලපිරීම් මගින් දේශීය වෛද්‍යවරුන්ට දන්ක රෝපණ විද්‍යාවේ නවතම ශිල්පීය ක්‍රම සහ අත්දැකිම්  ලබා දීමට සහ ඔවුන්ගේ රෝගීන්ට උසස් ප්‍රතිකාර ලබා දීමට හැකි වන බව සහතික කරනු ඇත.

ඩෙල්මේජ් හෙල්ත්කෙයාර් හි ප්‍රධාන විධායක නිලධාරී ඇඩ්රියන් ශොක්මන් මෙසේ පවසා සිටියේය, “නොබෙල් බයොකේයා වැනි ගෞරවනීය සමාගමක් සමඟ අත් වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක්. එමගින් අපගේ ගෝලීය ප්‍රතිරූපය මෙන්ම සන්නාමයට ඉහළ වටිනාකමක් හා පිළිගැනීමක් ලැබෙනු ඇත. නිසැකවම බලවත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට අපට හැකියාවක් ලැබෙනවා. මෙම සන්ධානය නවෝත්පාදනයන් ගෙනයාමට, වටිනාකමක් ඇති කිරීමට සහ බෙදාහැරීමට අපගේ ශක්තීන් උපයෝගී කර ගැනීමට උපකාරී වනු ඇත.”

ඩෙල්මේජ් හෙල්ත්කෙයාර් හි කළමනාකාර අධ්‍යක්ෂක දිනුෂා භාස්කරන් පැවසුවේ, “ඩෙල්මේජ් සමූහ ව්‍යාපාරයේ සමාගම් නව මාවත්වල ආභාසය ලබමින් අඛණ්ඩව නව මාවතකට පිවිසෙන බව සඳහන් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි.”

මාධ්‍ය විමසීම් සඳහා, කරුණාකර සම්බන්ධ වන්න:  සෝනල් ගෝල්   ඊමේල්: sonal.goel@envistaco.com

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments