asd
Friday, October 18, 2024
spot_imgspot_imgspot_img
HomeBiz Newsස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ විශිෂ්ට කළමනාකාරිත්වය Companies With Great Managers 2023 සම්මාන උළෙලේදී...

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ විශිෂ්ට කළමනාකාරිත්වය Companies With Great Managers 2023 සම්මාන උළෙලේදී ඇගයෙයි ..

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ අතිවිශිෂ්ට කළමනාකාරිත්වය සහ නායකත්වය විශිෂ්ට නායකත්වය සඳහා වන කොළඹ නායකත්ව ආයතනය (Colombo Leadership Academy for Leadership Excellence) විසින් සංවිධානය කරන ලද Companies With Great Managers 2023 සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. විවිධාකාර වූ කර්මාන්තයන්හි නියැලෙන ආදර්ශමත් නායකයින් ඇගයීමට ලක් කරන ලද මෙම උත්සවයේදී ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ කළමනාකාරවරුන් පස් දෙනෙකු ඇගයීමට පාත්‍ර විය.

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ අලෙවි ප්‍රධානී ගිහාන් ද සිල්වා, තාක්‍ෂණික අංශ ප්‍රධානී (පර්යේෂණ සහ සංවර්ධන) සමින්ද බණ්ඩාර, සැපයුම් දාම කළමනාකරු හර්ෂක විජේසූරිය, තත්ත්ව පාලන සහකාර කළමනාකරු සුමිත් දේශප්‍රිය සහ අඛණ්ඩ සංවර්ධනය පිළිබඳ සහකාර කළමනාකරු සසංක වනිගතුංග යන විධායක නිලධාරීහු ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ උන්නතිය උදෙසා ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් මෙහිදී ඇගයීමට ලක් වූහ.

විවිධ කර්මාන්තයන්හි කළමනාකරණ සහ නායකත්ව භූමිකාවන්හි ශක්‍යතාවයන් මැන බැලීම පිළිබඳව කීර්තියක් උසුලන සම්මාන උළෙලක් ලෙස කොළඹ නායකත්ව ආයතනය විසින් පවත්වන Companies With Great Managers සම්මාන උළෙල හඳුන්වා දිය හැකිය. ව්‍යාපාරයේ දියුණුවට හේතු වන සාධක ඇගයීම, සමාගමේ දියුණුවට ලබා දී ඇති දායකත්වය, තමන් යටතේ සේවය කරන නිලධාරීන් මනාව මෙහෙයවීම හා පුහුණු කිරීම, සාමූහික කාර්ය සාධනය, පරිපූර්ණ නායකත්වය ආදිය සළකා බලමින් සහ නිපුණතාවයන් පිළිබඳව දැඩි සහ වඩාත් සුපරික්‍ෂාකාරී විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කරමින් මෙහිදී ජයග්‍රාහකයන් තෝරා ගැනෙයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා විශිෂ්ට ආයතනික සංස්කෘතියක් පෝෂණය කරමින්, ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ කැපවීමකින් කටයුතු කරන සිය කණ්ඩායමට කෘතඥතවය පළ කළේය. “මේ ඇගයීම නිසා ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඉලක්ක කර ගනිමින් ගුණාත්මක වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා ආදර්ශමත් නායකත්වයක් යටතේ සිදු කරන අඛණ්ඩ කැපවීම නැවත වරක් තහවුරු වෙලා තියෙනවා. අපේ ගෞරවනීය නායකත්වයන්හි විශේෂ දායකත්වය නිසා ආයතනයක් වශයෙන් අප තුළ පවත්නා වටිනාකම් තව දුරටත් වර්ධනය කර ගනිමින් තිරසාර සාර්ථකත්වයක් සහ අඛණ්ඩ දියුණුවක් ලබා ගන්න අපට හැකියාව ලැබෙනවා.” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම සම්මාන ප්‍රදානය හරහා සිය කළමනාකරණ කුසලතා පෝෂණය කර ගැනීමට සමාගම සතු වන උනන්දුව තහවුරු වන්නා සේම විශිෂ්ටත්වයේ සළකුණු තබමින් මේ වන විට කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස ලබාගෙන ඇති ස්ථාවරත්වය ද අවධාරණය වන බව අතපත්තු මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. සිය නිෂ්පාදන අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ සහ නවෝත්පාදන බිහි කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් ආයතනය තුළ වන උනන්දුව ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමට කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගැනීමට හේතු වූ බව ද ඒ මහතා අවධාරණය කළේය.

Vallibel One PLC ව්‍යාපාර සමූහයට අයත් Lanka Walltiles PLC සමාගමට අනුබද්ධ ආයතනයක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම 2009දී පිහිටුවන ලද අතර එය මේ වන විට වාණිජ, කාර්මික, නේවාසික, ඉදිකිරීම් ඇතුළු වෙළෙඳපොල ක්‍ෂේත්‍ර ගණනාවක් සඳහා මනා නිමාවකින් යුතු ඇලුමිනියම් නිස්සාරණ නිෂ්පාදන සැපයීමේ විශේෂඥතාවයක් උසුලයි. කළමනාකරණ විධික්‍රම, තිරසාරත්වය සහ නවෝත්පාදන කෙරෙහි සැළකිලිමත් වෙමින් විශිෂ්ටත්වයේ ඉහළම ප්‍රමීතීන්ට අනුව කටයුතු කරන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම කර්මාන්තයට සහ සමාජයට විශාල මෙහෙයක් සිදු කරමින් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments