Sunday, October 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකඩයලොග් ෆයිබර් අති නවීන ෆයිබර් ඔප්ටික් තාක්ෂණය සමඟින් Capital Heights බලගැන්වීමට එක්වෙයි

ඩයලොග් ෆයිබර් අති නවීන ෆයිබර් ඔප්ටික් තාක්ෂණය සමඟින් Capital Heights බලගැන්වීමට එක්වෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී හි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය වන ඩයලොග් එන්ටර්ප්‍රයිස්, සිය නවීනතම, ෆයිබර් ඔප්ටික් තාක්ෂණය මත පදනම් වූ ඩයලොග් ෆයිබර් ජාලයට සම්බන්ධ කරගැනීම වෙනුවෙන් කොළඹ නවතම මහල් නිවාස සංකීර්ණය වන Capital Heights සමඟ ගිවිසුමකට එළඹිණි.ඒ තුළින් එහි පදිංචිකරුවන්ට වේගවත් හා බාධාවකින් තොර අන්තර්ජාල අත්දැකීමක් ලබාදීම අරමුණයි.

මෙම නවතම ෆයිබර් ඔප්ටික් තාක්ෂණය තුළින් සුවිශේෂී බිම්කඩක, නවීන ඉදිකිරීම් හි විශිෂ්ටත්වය සමඟින් ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීයබව විදහා දක්වන මහල් නිවාස 242කින් සුසැදි Capital Heights හි පදිංචිකරුවන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව තව තවත් අරුත් ගන්වනු නිසැකය. අනෙකුත් ඉදිකිරීම්වලට සාපේක්ෂව උසස් තත්වයේ නිෂ්පාදන හා ලොව පිළිගත් සන්නාමයන් මෙන්ම, විශේෂඥයින්ගේ උපදෙස්වලින් සපිරි ඉදිකිරීම් හා සැලසුම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති Capital Heights ව්‍යාපෘතිය සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් ඉංජිනේරු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Access සමූහයට අයත් Blue Star Realties විසින් වීමද මෙහි විශේෂත්වයකි.

මෙහිදී අදහස් දැක්වූ ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි  සමූහ ප්‍රධාන නිලධාරී නවින් පීරිස් මහතා “ තාක්ෂණය භාවිතයේ සීඝ්‍ර වර්ධනත් සමඟ අතිශය තරඟකාරී ලෝකයක ව්‍යාපාර හා පුද්ගලයන්ට එකිනෙකා සමඟ තරග කරමින්,

දියුණුවීමට උපකාර කිරීම සඳහා අධිවේගී සම්බන්ධතා අත්‍යාවශ්‍යයි. Dialog ෆයිබර් ජාලය ඒ වෙනුවෙන්ම සුවිශේෂී වූ සම්බන්ධතා, ගැළපෙන සබඳතාව හා බහු යෙදුම් සහ ක්‍රියාවලි දෝෂයන්ගෙන් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකසන කරන අතර, ඒ තුළින් ඉහළ ජීවන රටාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය සුඛෝපභෝගී, සුවපහසු, සමෘද්ධිමත් ජීවන රටාව Capital Heights හි පදිංචිකරුවන්ට ලබාදීමට අවශ්‍ය සහාය සලසනු ලබනවා.” යනුවෙන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Access සමූහයට අයත් Blue Star Realties (PVT) Ltd හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/ විධායක අධ්‍යක්ෂ මෝසෙන් ඩෙගාන් මහතා මෙලෙස සඳහන් කර සිටියේය.“සුවිසල් ආයෝජන ව්‍යාපෘතියක් වන Capital Heights වෙහෙසකර දිනයක අවසානයේ විඩා නිවන, විවේකයට හා සාමාකාමී දිවි පෙවෙතකට කදිම ස්ථානයක් වශයෙන් සඳහන් කළ හැකියි. මේ ආකාරයේ වටපිටාවක් සහ හැඟීමක් නිර්මාණ කළ හැක්කේ මීට අදාළ සෑම කුඩා දේ  පවා මැනවින් සම්පූර්ණවී තිබෙන බවට සහතිකවීමෙන් හා මෙවන් විශිෂ්ට අත්දැකීමක් පාරිභෝගිකයාට සමීප කරදීම වෙනුවෙන් නිවැරදි හවුල්කරුවන් අප සමඟ සම්බන්ධ කරගැනීම තුළින් පමණයි. ඩයලොග් එන්ටර්ප්‍රයිස් සමඟ එක්ව ඔවුන් සතු පුළුල් පරාසයක විහිදුණු IPTV, Broadband වැනි සේවාවන් Capital Heights හි පදිංචිකරුවන් වෙත ලබාදීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි.”

මේ සඳහා වෘත්තීය කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන සතියේ දින 7 ම පැය 24 පුරා ක්‍රියාත්මක ජාල/සේවා මෙහෙයුම් මධ්‍යස්ථානයක සහාය තුළින් 100 Mbps පරිමාවක් යටතේ අවම ප්‍රමාදයක් සහිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට Dialog Fibre කටයුතු කර ඇත. නවීනතම ක්ලවුඩ් සේවා රැසක් සමඟින් වන ජාල කළමනාකරණ පද්ධතියක් හරහා අධීක්ෂණය කරමින් පරිපූර්ණ කළමනාකරණයක් තුළින් අන්තර්ජාල විසඳුම් හිමි කර දෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments