Tuesday, May 30, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeපුවත්බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයත් බවට පත් වූ පැරණි රාජකීය තායි තානාපති කාර්යාලය....

බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයත් බවට පත් වූ පැරණි රාජකීය තායි තානාපති කාර්යාලය….

මීට පෙර කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තායි තානාපති කාර්යාලය විසින්ම “සියම් නිවාස” නමින් බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. සියම් නිවාස – හෝ තායි භාෂාවෙන් ‘සියම් නිවාස්’ යන්නෙන් අදහස් වන්නේ තායි ජනයාගේ නිවහනයි: නිවාස් යනු සංස්කෘත-මුල් වචනයේ තේරුම ගෙදර, නිවස, ගෘහය යන්නයි.  සියම් යනු තායි හෝ තායිලන්තය සඳහා පැරණි නමයි. මෙම ඉඩම සහ ගොඩනැගිල්ල 1980 ගණන්වල තායි රජය විසින් මිලදී ගෙන ඇති අතර, එතැන් සිට එය තායි තානාපති කාර්යාලය ලෙස භාවිතා කර ඇත. පසුව, දේශපාලන වාතාවරණය සහ ආරක්ෂක ගැටළු හේතුවෙන්, කොළඹ නගරාධිපතිනි රෝසි මහත්මියගේ නිවසට යාබද ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ වර්තමාන ස්ථානයේ පිහිට වූ අතර ඊට පෙරත් කිහිප වාරයක්ම තානාපති කාර්යාලයේ ස්ථාන මාරු කිරීමට සිදු විී ඇත. වර්තමානයේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරමින් පවතින අතර  මෙමඟින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික මිත්‍රශීලී සබඳතාව ශක්තිමත් වේ.  එමෙන්ම දෙරට අතර සම්බන්ධය ශක්තිමත් කිරීමේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වනු ඇත.

2022 සැප්තැම්බර් 26 වන දින සියම් නිවස විවෘත කිරීම සනිටුහන් කරමින් විශේෂ සමාරම්භක උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට හූන්ක්රාබෝර්ක් හෙවත් සම්ප්රදායික තායි රූකඩ සංදර්ශනයක්, සාම්ප්රදායික තායි සංගීත ප්රසංගයක් සහ තායි රූකඩ කලාවේ වැඩමුළුවක්ද ඇතුළත් විය. මීට අමතරව, වැඩමුළුව අවසානයේ සාම්ප්රදායික තායි ආහාර සහ අතුරුපස භුක්ති විඳීමටද  සහභාගිවන්නන්ට අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති ගරු පොජ් හාන්පොල් මහතා පැවසුවේ, 1955 සිට ශ්රී ලංකාව සමඟ පැවති සුවිශේෂී මිත්රශීලී රාජ් තාන්ත්රික සබඳතා භුක්ති විඳිමින්, ශතවර්ෂ ගණනාවක බෞද්ධ සබඳතාද පැවත්වූ බවයි. එමෙන්ම ඔහු පැවසුවේ ශ්රී ලංකාතායිලන්ත සබඳතාවට නව මුහුණුවරක් එක් කළ මෙම සියම් නිවාස බහුකාර්ය සංස්කෘතික මධ්යස්ථානය විවෘත කිරීමට ලැබීම පිළිබඳ ඔහු ආඩම්බර වන බවයි. මෙය ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ තායි ජාතිකයින්ට සංස්කෘතික අවස්ථාවන් සඳහා ක්‍රියාකාරී ස්ථානයක් සපයන අතරම, දෙරට අතර සුහද මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට කැපවූ අවකාශයක් වන බවත් සමාරම්භක උත්සවයට සහභාගී වූ සියලුම දෙනාට, විශේෂයෙන් ආසියාන් තානාපතිවරුන්ට සහ දූත මණ්ඩල ප්‍රධානීන්ට, ඔවුන්ගේ ගෞරවනීය පැමිණීම වෙනුවෙන් ඔහු ස්තූතිය පළ කළේය.  එමෙන්ම ඔවුන් තායි සංස්කෘතිය පිළිබඳව ලොව පුරා දැනුවත් කිරීම් අඛණ්ඩව සිදු කරන බැවින්, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ සියම් නිවාස බහුකාර්ය සංස්කෘතික ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රටවල මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහ තායි-ශ්‍රී ලංකා මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් හූන්-ක්‍රා-බෝර්ක් තායි රූකඩ සංදර්ශනයේ විශේෂ සංදර්ශනයක් සහ තායි සංගීත සංදර්ශනයක් ද සැප්තැම්බර් 27 වන දින කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ ටවුන් හෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments