ePOS සේවාව හඳුන්වා දෙමින් ඩිජිටල් රක්ෂණ ක්ෂේත්රය ද පෙරළියකට ලක් කරයි
ශ්‍රී ලංකාවේ ශ්‍රීඝ්‍රයෙන් ම වර්ධනයවන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක්වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC GI) සමාගම, අසමසම ප්‍රතිලාභ රැසක් සමගින් ‘Honours’ ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දෙමින් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව ජීවන ශෛලීය සේවාවක් බවට පත්කර තිබේ. මීට අමතරව ප්‍රථම වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලයවන ඉලෙක්ට්‍රොනික POS සේවාව ද හඳුන්වා දෙමින් එම සමාගම මෙරට ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කර ඇත.




LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හඳුන්වා දෙන ලද නවත ම ‘Honours’ ජීවන ශෛලීය ලෝයල්ටි වැඩසටහන, පාරිභෝගික ජනතාවට පහසු සහ තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇති පහසුකමකි. ඒ අනුව ළෙන්ගතු පාරිභෝගිකයින් හට Classic, Silver, Bronze සහ Platinum ලෙස කාණ්ඩ හතරක් යටතේ දිනපතා ප්‍රතිලාභ හිමිකර දීමට කටයුතු කෙරේ.
මෙම පහසුකම යටතේ, සියලු LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෝටර් රක්ෂණ හිමියන් හට Channel 17 (CH17) ජාලය හරහා අගනා වට්ටම් සහ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙරට ප්‍රථම වරට හඳුන්වා දුන් මෙම ‘Reward-Back’ පහසුකම යටතේ පිරිනැමෙන වට්ටම්/ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් පාරිභෝගිකයින් හට රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ සහ තවත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.
හවුල්කාර වෙළෙඳ ජාලය හරහා එකතුවන ලෝයල්ටි ප්‍රසාද ලකුණු, තම රක්ෂණය අලුත් කිරීමකදී හෝ වෙනත් සමාජ සත්කාරයකදී හෝ භාවිත කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට හිමි වීම මෙහි විශේෂත්වයකි. Honours වැඩසටහන සඳහා හවුල්කාර පරිශ්‍ර 1,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධවන බැවින් එය මෙරට පුළුල්ත ම ලෝයල්ටි වැඩසටහන බවට පත්වනු ඇත.
සරළබව සහ සවිස්තරාත්මක බව කැටිකොට ගත් Honours ලෝයල්ටි වැඩසටහන, අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ දියත් කෙරෙන තිරසර ව්‍යාපාරික මොඩලයකට කදිම ආදර්ශයක් සපයයි. වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් ද, උද්ධමනය සහ සාර්ව-ආර්ථික සාධක හේතුවෙන් වෙළෙඳ ප්‍රජාව ද මුහුණ දෙන අපහසුතා පිළිබඳ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මනා අවබෝධයකින් යුතුව කටයුතු කරයි. එම දෙපාර්ශ්වය ම සඳහා සහයෝගය ලබාදීමට LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කැප වී සිටී.
ඒ අනුව, සම්ප්‍රදායික ලෝයල්ටි වැඩසටහන් ආකෘතියෙන් බැහැරව මෙරට රක්ෂණ හිමියන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ද නගාසිටුවීමේ අරමුණින් යුතුව Honours වැඩසටහන හඳුන්වා දී තිබේ.
Honours වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ඕනෑම වෙළෙඳ නියෝජිතයෙකු සමග ගනුදෙනු සිදු කිරීමේදී එකතුවන ලෝයල්ටි ප්‍රසාද ලකුණු ප්‍රමාණය, තෝරාගත් වෙළෙඳ නියෝජිතයින් හරහා හෝ රක්ෂණය අලුත් කිරීමේදී හෝ භාවිත කිරීමේ හැකියාව පවතී. තවද, මෙරට ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින පවුල් වෙනුවෙන් LOLC සමාගම දියත්කර ඇති ‘දිවි සවිය’ සමාජ සත්කාරක වැඩසටහන සඳහා ද එම ප්‍රසාද ලකුණු පරිත්‍යාග කිරීමට ද පාරිභෝගිකයින් හට අවස්ථාව උදා වේ. Honours යනු, මෝටර් රක්ෂණ හිමියන් මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කොටස් හිමියන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ සමස්ත පුරවැසියන් නගාසිටුවීමත්, ඔවුන් මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ ආරක්ෂාකර ගැනීමත් ඉලක්කකර ගත් වැඩසටහනකි.
ආර්ථිකය මත පැටවෙන බලපෑම අවමකර ගැනීම සඳහා සේවා ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍ය බව LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විශ්වාසයයි. සම්ප්‍රදායික ක්‍රමවේද මෙන් නොව; ඩිජිටල් සේවා සඳහා පහසුවෙන් ගනුදෙනු සිදු කළ හැකි අතර, අඩු පිරිවැයකින් බෙදාහැරීම් සිදු කිරීමටත්, අවම සම්පත් ප්‍රමාණයකින් අවශ්‍යතා සපුරා ගැනීමටත් එමගින් හැකි වේ. එම අරමුණ පෙරදැරිව හඳුන්වා දෙන ලද LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් ඉලෙක්ට්‍රොනික POS විසඳුම (ePOS) පාරිභෝගිකයින් හට සරළ ක්‍රමවේදයක් හරහා වඩාත් පහසුවෙන් සිය ගනුදෙනු සිදුකර ගැනීමේ පහසුව සලසා දෙයි. මෙම පහසුකම යටතේ පාරිභෝගිකයින් හට මිනිත්තු පහක් වැනි ඉතා කෙටි කාලයක් තුළ රක්ෂණ ඔප්පුව හිමිකර ගත හැකි අතර, කඩිනමින් රක්ෂණය ක්‍රියාත්මක වීම ද, කිසිඳු ලියකියවිල්ලකින් තොරව මුළුමනින් ම ස්වයංක්‍රිය ක්‍රමවේදයකට සියලු කටයුතු සිදු වීම ද අමතර වාසි වේ.
පරිපූර්ණ සේවා විසඳුම් පහසුකමක්වන ePOS පහසුකම මගින් ඩිජිටල් සහතික, රක්ෂණ යෝජනා සහ රක්ෂණ හිමිකම් පියවීම් යන සේවා ද හිමිකර ගත හැකිය. LOLC සමාගම සතු පුළුල් ආවරණය හේතුවෙන්, ePOS මධ්‍යස්ථාන 250 කට අධික සංඛ්‍යාවක් හරහා දිවයින පුරා පාරිභෝගිකයින් හට වඩාත් පහසු සේවාවක් පිරිනැමීමේ හැකියාව ද එම සමාගම සතුය.
රක්ෂණ චක්‍රයේ සෑම අදියරකදී ම පාරිභෝගිකයාගේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා කැපවන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Build Your Own (BYO) පහසුකම ද හඳුන්වා දී ඇත. BYO සේවාව මගින් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සහ මුල්‍ය තත්ත්වයට ඔබින පරිදි ස්වයංක්‍රිය ගාස්තු ලේඛනයක් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දී තිබේ.
තවද එම පහසුකම මගින් සේවා සංසන්දනය, පුළුල් පරාසයක විහිදුනු අමතර රක්ෂණාවරණ සහ සුදුසුකම් මත නොමිලේ LOLC ක්‍රෙඩිට් කාඩ්පතක් ද ලබා ගැනීමේ පහසුව සලසා තිබේ. විවිධාංගිකරණය වූ අත්දැකීම් සම්භාරයක් පිරිනමමින් එම පහසුකම මෝටර් ඉන්ෂුවරන්ස් වෙළෙඳපොළේ සමස්ත සේවා පෙළ පාරිභෝගිකයාගේ ඇඟිලි තුඩක දුරට ගෙන ඒමට කටයුතුකර ඇත.
මෙම නව නවෝත්පාදන ත්‍රිත්වය සමගින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පුරෝගාමී මෝටර් රක්ෂණ සන්නාමය බවට පත්වීමේ හැකියාවෙන් යුතු වෙයි. Honours ලෝයල්ටි වැඩසටහන, ePOS ඩිජිටල් විසඳුම සහ BYO පහසුකම සමගින් ‘හැමදාම ප්‍රතිලාභ’ පිරිනමන LOLC මෝටර් ඉන්ෂුවරන්ස් ලෙස සිය සන්නාම ස්ථානගතකිරීම හඳුන්වා දුන් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට එකම ජීවන ශෛලීය මෝටර් රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දිනපතා ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් කැප වෙයි.
LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල් 21 ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරන මෙරට විශාලත ම සහ වඩාත් විවිධාංගිකරණය වූ LOLC සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමකි. එම සමාගම මේවන විට මහා පරිමාණ සමාගමක් ලෙස වර්ගීකරණය වී ඇති අතර මෙරට පස්වන විශාලත ම ජෙනරල් රක්ෂණ සමාගම ද වේ.
තවද, මෙරට ජෙනරල් ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රයේ රු. බිලියන 7 ක සංධිස්ථානයට වේගයෙන් ම ළඟා වූ සමාගම වන්නේ ද LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමයි. 2021 වසරේදී එම සමාගම 19.2% ක වාරික ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ අතර එය මැදි/මහා පරිමාණ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක් අත්කර ගත් විශාලත ම වර්ධනය ද වේ. එමෙන්ම එම සමාගම රු. බිලියන 2.5 ක හිමිකම් පියවීමට ද සමත් විය.
පසුගිය වසර කිහිපය තුළ පෙන්නුම් කළ ජනතා-කේන්ද්‍රීය ප්‍රවේශය තවදුරටත් තහවුරු කරමින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, තුන්වන Emerging Asia Insurance Awards 2021 සහ Asia’s Best Employer Brand Awards 2021 යන සම්මාන උළෙලවලදී සම්මාන කිහිපයකට හිමිකම් කියූ අතර, LMD ආයතනයේ වඩාත් ජනප්‍රියත ම සේවා සම්පාදකයින් අතර ශ්‍රේණිගත කිරීමට ද ලක්ව සිටී.