Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකඇමරිකා යන විදේශ ඇමති මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමටත් සැරසේ

ඇමරිකා යන විදේශ ඇමති මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවීමටත් සැරසේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (28) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ආරාධනයක් අනුවයි.

මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ජුනි මාසයේ සිට මේ දක්වා ඇමරිකාව ඩොලර් මිලියන 179ක අධාර ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනකට අවතීර්ණ වීමටද අවශ්‍ය සහාය ලබාදෙමින් කටයුතු කරනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ඇමරිකානු සංචාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

විදේශ අමාත්‍යවරයා ඇමරිකාවේ සංචාරයකට එක්වන්නේ සංචාරයක් සඳහා බංගලාදේශට ගොස් පැමිණ දිනකට පසුව වීම විශේෂත්වයක්.

බංගලාදේශ සංචාරය අතරතුර ඔහු එරට අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments