මෙරට ප්‍රමුඛතම ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් වන British Council ආයතනය උසස් පෙළ විභාගය අවසන් කරන සිසු සිසුවියන් වෙනුවෙන් ‘Skills Plus’ නමින් සුවිශේෂී ඉංග්‍රීසි පාඨමාලාවක් හඳුන්වා දී ඇති අතර, එම පාඨමාලාව සඳහා ලියාපදිංචි කටයුතු දැන් ආරම්භ වී ඇත. සිසු සිසුවියන්ගේ ආත්ම විශ්වාසය ගොඩනඟමින්, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවන් වර්ධනය වන අයුරින් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව සිය අධ්‍යාපනය සහ වෘත්තීයමය ගමන් මඟ ක්‍රමානුකූලව සැළසුම් කරන තරුණ තරුණියන් උදෙසා ම පිරිනැමීමට British Council ආයතනය අරමුණු කර යි.
මෙම පාඨමාලාව මගින් සමාන අදහස් ඇති සිසු සිසුවියන්ට මුණගැසීමට මෙන් ම, එක්ව කටයුතු කිරීමට ද අවස්ථාව ලැබෙන අතර, මෙම පාඨමාලාවේ අන්තර්ගතය සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කළ හැකි ප්‍රායෝගික අධ්‍යන ශිල්පීය ක්‍රම රැසකින් සමන්විත ය. එමෙන් ම ‘Skills Plus’ පාඨමාලාව සභාවක් ඉදිරියේ ඉදිරිපත් කිරීම්, විවාද තරඟාවලි, කණ්ඩායම් ක්‍රියාකාරකම්, ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීමේ වැඩසටහන් වැනි සිසු සිසුවියන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කරන විවිධ ක්‍රියාකාරකම්වලින් සමන්විත වන අතර, ඔවුන් තුළ සහයෝගීතාව, නායකත්වය, නිර්මාණශීලී හැකියාව, විචාර බුද්ධිය හා පෞරුෂය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම වෙනුවෙන් ද විවිධ වැඩසටහන්වලින් ද සමන්විත වේ. එමෙන් ම ‘Skills Plus’ පාඨමාලාව සිසු සිසුවියන්ගේ පවතින දැනුම මත අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වන නිසා ඔවුන්ගේ කුසලතාවන් ක්‍රමානුකූලව වැඩි දියුණු කරගැනීම සඳහා අවස්ථාව ලැබීම විශේෂිත ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් British Council ආයතනයේ තරුණ හා වැඩිහිටි සිසු සිසුවියන් වෙනුවෙන් වන ඉගෙනුම් මධ්‍යස්ථාන ප්‍රධානී අංජු මෝසස් මහත්මිය මෙසේ පැවසුවා ය. “ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සඳහා සංවර්ධන ව්‍යාපෘති යෝජනාවක් සැකසීම, එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ව්‍යාපෘතියක් සැලසුම් කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අපගේ සිසු සිසුවියන් පන්ති කාමරය තුළ දී වගේ ම ඉන් පිටතදීත් එක්ව ක්‍රියා කරනවා. එමෙන් ම මෙම ව්‍යාපෘතිවලට අමතරව සිසු සිසුවියන්ගේ පර්යේෂණ කුසලතා, විචාර බුද්ධිය, සහයෝගීතාව වැනි ගුණාංගයන් වර්ධනය කිරීම මගින් ඔවුන්ගේ
අනාගත අධ්‍යාපනික හා වෘත්තීයමය ජීවිතය සාර්ථක කරගැනීමට අපි ‘Skills Plus’ පාඨමාලාව හරහා සහයෝගය ලබා දෙනවා.”
ශ්‍රී ලංකාවේ British Council ඉගැන්වීම් මධ්‍යස්ථාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හෙලන් සයික්ස් මහත්මිය මේ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි. ” Skills Plus යනු ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අමතරව, සිසු සිසුවියන්ගේ තවත් බොහෝ කුසලතාවන් වැඩිදියුණු කරන පාඨමාලාවක්. එමෙන් ම මෙම පාඨමාලාව සිසු සිසුවියන්ගේ අනාගත වෘත්තීයමය ජීවිතයට අත්‍යවශ්‍ය මෘදු කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ගේ අධ්‍යාපනික, වෘත්තීය හා ජීවන ඉලක්ක කරා සාර්ථකව ළඟා වීමට සහයෝගය ලබා දෙන ප්‍රායෝගික පාඨමාලාවක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.”
British Council ආයතනය සතු පළපුරුදු, වෘත්තීයමය ආචාර්යමණ්ඩලය විවිධ ක්‍රියාකාරකම් හා වැඩසටහන් මගින් සිසු සිසුවියන්ගේ ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කැපවන බව පැවසියයුතු ම කරුණකි. British Council ආයතනය ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම අතින් වසර 80 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අතර, ලොව පුරා මිලියන 100 කට අධික සිසුන් සංඛ්‍යාවක් එමගින් ප්‍රතිලාභ ලබා ඇත. Skills Plus පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ දී සිසු සිසුවියන්ගේ පවතින ඉංග්‍රීසි දැනුමට සරිලන අදියර වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණයක් සහ උපදේශනයක් සිදු කෙරෙන අතර, www.britishcouncil.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ මාර්ගගත පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා 0707521521 දුරකථන අංකය අමතන්න.