Sunday, December 22, 2024
HomeBiz Newsමිචලින්,ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්‍රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි..

මිචලින්,ඉහළ වටිනාකම් සහිත ඉදිකිරීම් ආශ්‍රිත නිෂ්පාදනයන් වෙත අවධානය යොමු කරයි..

මිචලින් තම සාමාජික සාමාජිකාවන්ගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරමින් හා ව්‍යාපාර හා පාරිභෝගික සේවාවන්  එලෙසින්ම පවත්වාගෙන යමින්  සිය කර්මාන්තශාලා දෙකක් වන මිදිගම ටයර් කර්මාන්තශාලාව හා ඒකල Casting නිෂ්පාදන කර්මාන්තශාලාව ක්ෂේත්‍රයේ පිළිගත් නිෂ්පාදකයකු වෙත අලෙවි කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මිචලින් විසින් bias ටයර් හා ට්‍රැක් නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා දෙකක් එම කර්මාන්තයේ පිළිගත් නිෂ්පාදකයකු වන සියැට් (CEAT) සමූහය වෙත අලෙවි කළ බව නිවේදනය කරන ලදී. ඒ සමඟම වසර 3ක බලපත්‍ර කාල සීමාවක් අවසානයේදී නිෂ්පාදන පහසුකම්වලට අමතරව මිචලින්හි ජනප්‍රිය සන්නාමයක් වන Camso සන්නාමයේ හිමිකරුවන් බවට පත්වීමටද එම සමූහයට හැකියාව උදා වනු ඇත.  මෙම හුවමාරුව සාර්ථක කර ගැනීම සඳහා සේවක සාමාජික සාමාජිකාවන්  විසින් ඉටු කළ කැපවීම හා ඉහළ කාර්ය සාධනය, නිෂ්පාදන පහසුකම්වල ගුණාත්මකභාවය ඉතා වැදගත් විය. ඒ නිසාම මෙම හුවමාරුව තුලදී තම සාමාජිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව අවධානයක් යොමු කළ මිචලින්, ඒ වෙනුවෙන් සියැට් (CEAT) සමඟ පූර්ණ එකඟතාවයකට පැමිණීමටද කටයුතු කරන ලදී. ඊට අමතරව ලොව පුරා සිටින මිචලින් පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩව සිය නිෂ්පාදන ලබා දීමටද සමාගම කටයුතු කර ඇත.මෙම හුවමාරුවට අදාල සියලු කටයුතු බලයලත් නියාමන ආයතනයන්හි අනුමැතියන්ට අනුව සිදු කර ඇත.

මෙම හුවමාරුවේදී සියලු සේවක සාමාජික සාමාජිකාවන් වෙත මෙන්ම පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා සුහදශීලී හුවමාරුවක් සනිටුහන් කිරීම සඳහා මිචලින් හා සියැට් (CEAT) කැපවී සිටියි.

ශ්‍රී ලංකාව හා ඉදිකිරීම් වෙළෙඳපොල අභිවෘද්ධිය වෙනුවෙන් මිචලින්හි කැපවීම තවදුරටත් ඉදිරියට

මේ වන විට ඉදිකිරීම් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා වන රේඩියල් ටයර් (radial tires) සොලිඩ් ටයර් (solid tires)  සහ  එකලස් කිරීම (assemblies) වැනි ඉහළ වටිනාකමින් යුත් නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කර ඇති මිචලින් දැනට සිදු කරන Compact Line bias ටයර් හා ඉදිරිකිරීම් ට්‍රැක් නිෂ්පාදනයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත.

එහෙත් සිය අනෙකුත් සියලු නිෂ්පාදනයන් ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් කර ඇති මිචලින් සිය කර්මාන්තශාලාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම නිෂ්පාදන පහසුකම් නවීකරණය කිරීමටත් සැලසුම් කොට ඇත්තේ සිය ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රී ලංකාවෙහි ඇති විශේෂත්වය අවධාරණය කරමිනි.

හුවමාරුවට අදාල කර්මාන්තශාලාවන්හි සියලු සාමාජිකයින් සුහද හුවමාරුවක් යටතේ සියැට් (CEAT) හි සාමාජිකයකු ලෙස පිළිගැනේ.

මෙම හුවමාරුවේදී පවරා දෙනු ලබන කර්මාන්තශාලාවන් දෙකෙහි කිසිඳු සාමාජිකයකුගේ සේවය අහිමි කිරීමක් සිදු නොවන බව  මිචලින් සමාගමේ අදහසයි.

මේ වන විට මිදිගම ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවේ සහ Casting නිෂ්පාදන අංශයේ සේවය කරන සාමාජික සාමාජිකාවන් සහ  ඊට අදාල සේවා සපයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 1,587ක පමණ පිරිසක් සේවය කරනු ලබන අතර ඔවුන් මෙම හුවමාරුවත් සමඟ මිචලින් සමාගම විසින් සියැට් (CEAT) වෙත භාර දීමට කටයුතු කරයි. තම ව්‍යාපාර කණ්ඩායම්හි තරඟකාරීත්වයට අවශ්‍ය සහයෝගය ලබා දීමටද  මිචලින් අවධානය යොමු කර ඇත.

පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් කෙරෙහි විශේෂ අවධානය

පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් සඳහා අඛණ්ඩව සිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලබාදෙන  මිචලින් සහ සියැට් (CEAT) තමන්ගේ සියලු පාර්ශවකරුවන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිචලින් Beyond Road Business Line හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Nour Bouhassoun මහතා  ‘සමූහයේ තිරසාර සංවර්ධන උපාය මාර්ග අනුව යමින් වැඩි වටිනාකම් සහිත ඉදිකිරීම් නිෂ්පාදන සඳහා අවධානය යොමු කර ඇති මිචලින් සමාගමේ bias ටයර් සහ ට්‍රැක් කර්මාන්තශාලා ඉදිරියට පවත්වාගෙන යාමේ අවස්ථාව සියැට් (CEAT) වෙත ලබා දීමට කටයුතු කළා. මෙහිදී එම ආයතනයන්හි සේවයේ නියුතු අපගේ සියලු සේවක සාමාජික සාමාජිකාවන් සුහද හුවමාරුවක් තුළින් සියැට් (CEAT) වෙත ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන් වෙත අඛණ්ඩ සේවාවක් සහතික කිරීමට ද අපි කැපවී කටයුතු කරනවා. ” යනුවෙන් පැවසීය.

 මෙහිදී අදහස් දැක්වූ සියැට් (CEAT) හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී Arnab Banerjee මහතා සඳහන් කර සිටියේ  ‘‘අපගේ ටයර් ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් වඩාත් ගැළපෙන Camso සන්නාමය සමඟ අපගේ ලාභදායීත්වය ඉහළ නංවා ගැනීමටත් හැකියාව තිබෙනවා. මෙහිදී අප අත්පත් කර ගත් වැදගත්ම දේ වන්නේ හැකියාවන්ගෙන් පරිපූර්ණ ශ්‍රම බලකායයි. ඒ වගේම සුවිශේෂී පාරිභෝගික ප්‍රජාව හා සැපයුම්කරුවන්ද මෙහිදී ඉතා වැදගත් වනවා. තාක්ෂණික වශයෙන් ඉහළ මට්ටමක පවතින ට්‍රැක් ක්ෂේත්‍රයේ නියැලී සිටින  නිෂ්පාදකයින්  ප්‍රමාණය ඉතා සීමිතයි. එබැවින් සියැට් (CEAT) සහ Camso යන සන්නාම අතර ඉහළ සහයෝගීතාවක් පවත්වාගෙන යාම තුළින් මෙම කර්මාන්ත ශාලාවන් වෙත සුවිසල් ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අප බලාපොරොත්තු වනවා” යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments