HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ටකාෆුල් (Takaful) ඉස්ලාම් රක්ෂණ අංශය පසුගියදා පැවත්වුණු ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන (SLIBFI) උත්සවයේදී 2023/24 වර්ෂය සඳහා හොඳම ටකාෆුල් රක්ෂණ සමාගම වශයෙන් ගෞරවය පාත්‍ර විය. UTO EduConsult ආයතනය විසින් පිරිනමන ලද මෙම සම්මානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ටකාෆුල් අංශය ඉස්ලාමීය රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වශයෙන් ටකාෆුල් ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරමින් සහ ගනුදෙනුකරුවන්ට අද්විතීය සේවයක් සපයමින් ඉටු කරන මෙහෙය ඇගයීමට ලක් කරන සම්මානයකි. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ සමාගම් අතරින් මෙම ගෞරවයට පාත්‍ර වූ එකම සමාගම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වීම විශේෂත්වයකි.
ටකාෆුල් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට පුරෝගාමියෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩවම මෙම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අතරම නව්‍යකරණය තුළින් නව සේවාවන් හඳුන්වා දෙමින් පාරිභෝගිකයින්ගේ පුළුල් අවශ්‍යතා පරාසයට ගැළපෙන නව විසඳුම් ලබා දීමටත් කටයුතු කර ඇත. මෙම සම්මානය සාම්ප්‍රදායික වටිනාකම් සහ නවීන මූල්‍ය විසඳුම් සංකලනය හරහා ෂරියා ක්‍රමයට අනුකූල සහ නව රක්ෂණ වෙළදපොළට ගැළපෙන තරඟකාරී නිෂ්පාදන ඉදිරිපත් කිරීමට දක්වා ඇති හැකියාවද ඇගයීමට ලක් කරන්නකි.
ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන (SLIBFI) සඳහා සමාගම් තෝරා ගැනීම ලොව කීර්තිමත් විගණන ආයතනයක් වන KPMG ආයතනයේ සහය ඇතිව අයදුම්කරුවන්ගේ විගණන වාර්තා, දත්ත, තොරතුරු සියල්ල පරීක්ෂාවට ලක් කරමින් ඉතා දැඩි ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිදු කෙරෙන ක්‍රියාවලියකි. එනිසා මෙම සම්මානය HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ටකාෆුල් අංශයේ මූල්‍ය ශක්තිය උපාය මාර්ගික දැක්ම සහ සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත් සහතික කරන ඇගයීමක් වශයෙන් හැඳින්වීම නිවැරදිය.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ටකාෆුල් අංශයේ සාර්ථකත්වයට හේතුව වශයෙන් ඔවුන්ගේ පුළුල් දීපව්‍යාප්ත ජාලය සහ විශිෂ්ට සේවය දැක්විය හැකිය. මෙම ජාලයට පළාත් ගණනාවක් පුරා විහිදුණු 35 කට අධික ශාඛා ජාලයක් අයත් වන අතර ඒ හරහා දිවයින පුරා විශාල ජනකායකට සිය ටකාෆුල් සේවාවන්වලට ප්‍රවේශය ලබා දීමට HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත. එමෙන්ම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හි අති දක්ෂ සේවක පිරිස පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතාවයන්ට සරිලන සේවාවන් ඔවුන් වෙත කාර්යක්ෂමව ලබා දෙමින් ඉටු කරන මෙහෙයද මෙහිදී සඳහන් කළ යුතුය.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා පැවසුවේ “ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී මෙම ගෞරවය හිමි වීම අපට විශේෂ අවස්ථාවක්. ඒ මෙම සම්මානය හරහා පාරිභෝගිකයින් වෙනුවෙන් අපේ ඇති කැපවීම මෙන්ම ෂරියා ක්‍රමයට පූර්ණ වශයෙන් අනුකූල වෙළඳපොළ තරඟකාරී නිෂ්පාදන හඳුන්වාදීමට අප දක්වා ඇති හැකියාවත් ඇගයීමට ලක් වී තිබෙන නිසයි” යැයි පැවසීය.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ආයතනික සහ ටකාෆුල් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හිෆ්ලි හුසේර් මහතා මෙසේ පැවසුවේය. “මෙම සම්මානය ඇත්තටම අපට විශාල ජයග්‍රහණයක්. හැමවිටම අපේ අරමුණ වුණේ සදාචාරාත්මක ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් පාරිභෝගිකයින්ට හොඳම සේවයක් ලබා දීමයි. මේ සම්මානය අප එහි ලබා ඇති සාර්ථකත්වය තහවුරු කරන ජයග්‍රහණයකි.”
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ආයතනික සහ ශාඛා ජාල ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමාරච්චි මහතා මෙසේ පැවසීය. “HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම වශයෙන් අපි පාරිභෝගිකයින්ට අවධානය යොමු කරමින් නිරන්තරයෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගැනිමට කටයුතු කරනවා. ෂරියා ක්‍රමයට අනුකූල සහ ප්‍රායෝගික සේවාවන් ඔවුන්ට ලබා දීමට හැකි වී තිබෙන්නේ එනිසයි. මෙම සම්මානය අපේ ඒ දැක්ම නිවැරදි බවට සහතික කරන ජයග්‍රහණයක්”.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉදිරියටත් සිය ටකාෆුල් අංශය සාර්ථකව ව්‍යාප්ත කරමින් වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දෙන අතරම සදාචාරාත්මක පිළිවෙත් නව්‍යකරණය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි අවධානය යොමු කරමින්, ඉස්ලාමීය රක්ෂණ ක්ෂේත්රය තුළ සිය පුරෝගාමී මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩවම පවත්වා ගෙන යාමටත් අපේක්ෂා කරයි.