Thursday, December 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරික”ශිල්පය පිහිටන්න” - සුවහසක් ගුරු පරපුරට සහ පොත-පතට උපහාර පුදමින් රත්න අභ්‍යාස...

”ශිල්පය පිහිටන්න” – සුවහසක් ගුරු පරපුරට සහ පොත-පතට උපහාර පුදමින් රත්න අභ්‍යාස පොත් අලුත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරයි

ශිල්පය පිහිටන්න යන තේමාව මත පදනම්ව රත්න අභ්‍යාස පොත් වෙතින් හැඟුම්බර පැතිකඩක් ඔස්සේ දිවෙන සිය නවතම වෙළඳ සංග්‍රාමය කලඑළි දකී. අධ්‍යාපන ප්‍රකාශන මුද්‍රණ ක්ෂේත්‍රයේ සාඩම්බර 65-වසරක අභිමානයකට උරුමකම් කියන රත්න පොත් ප්‍රකාශකයෝ පුද්ගලික සමාගම මුල් කොටගෙන පසුකාලීනව ස්ථාපනය කරන්නට යෙදුනු ප්‍රින්ට්එක්සෙල් පුද්ගලික සමාගමේ වෙළඳ සන්නාමයක් වන රත්න අභ්‍යාස පොත්, දිවයින පුරා මෑත කාලීනව ඉතා පුළුල් බෙදාහැරීම් ජාලයක් ගොඩනගන ලදී.

ඔවුන්ගේ නවතම වෙළඳ සංග්‍රාමය අලුත්ම මුහුණුවරකින්, නව ආරකින්, හදවතට ආමන්ත්‍රණය කෙරෙන සංගීතමය දෘශ්‍ය කාව්‍යකින් පසුගියදා එලි දක්වනු ලැබුවා. එය පදනම්ව තිබෙන්නේ එදා මෙදා තුර සියලු ලාංකිකයින් ඉමහත් ගෞරවාදරයෙන් බුහුමන් පිදූ සුවහසක් ගුරු-පරපුරට සහ දැන උගත් පොත-පතට ගරු කරමු යන සංකල්පය මතය. ඕනෑම කෙනෙකුගේ ජීවන මඟ සාර්ථකත්වයට ගුරුවරුන් සහ පොත-පත ඉමහත් දායකත්වයක් සපයන බව නොරහසකි. එම දායකත්වය වෙනුවෙන් පිදිය යුතු නිසි ගරුත්වය ලබාදීමට නව පරපුරේ දූ-දරුවන් යොමුකිරීමට පුර්වාදර්ශයක් ලබාදීමට මෙම ශ්‍රව්‍ය-දෘශ්‍ය වෑයම හරහා රත්න අභ්‍යාස පොත් බලාපොරොත්තු වේ. එම මුලික පදනම මත ගොඩ නැගෙන පුළුල් ක්‍රියාකාරකම් ගොන්නක් සමාගම විසින් සැලසුම් කොට ඇත. යුගයේ සුවිශේෂී ගායන කෞෂල්‍යයක් හිමි වෛද්‍ය ප්‍රදීප් රංගනගේ හඬ මාධූර්යයෙන්, ප්‍රශස්ත කලාකරුවෙකු වන නිශ්ශංක දිද්දෙනියන්ගේ විශේෂ ආරාධිත රංගනයෙන් හැඩවී පාසල් දිවිය ගැන කියවෙන ඉතාම සංවේදී දෘශ්‍ය-කාව්‍ය මෙම හැරවුම් ලක්ෂය සටහන් කරයි. 

ඉගෙනුමෙන් සහ කලාවෙන් ඉහලට පැමිණෙනවා මෙන්ම පුද්ගල පෞරුෂයක් ලෙසද  ඉතා ගෞරවනීය නාමයක් ගොඩ නගා ගැනීමට ක්‍රියාකල වෛද්‍ය ප්‍රදීප් රංගන මහතා රත්න අභ්‍යාස පොත් සන්නාම තානාපති ලෙස නිල වශයෙන් මාධ්‍ය ඉදිරියේ ආයතනයේ අධ්‍යක්ෂ/සමුහ ප්‍රධාන විධායක නිලධාරී ශනිල් සෙනරත් මහතා සමඟ සංකේතාත්මකව ගිවිසුම් හුවමාරු කරගැනීමද පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී සිදුවුනා.

සම්පූර්ණයෙන් සහසම්බන්ධිත අලෙවිකරණ ව්‍යාපෘතියක් ප්‍රධාන මාධ්‍යවල සහ ඩිජිටල් මාධ්‍යයේ දිගහැරෙන අතර එයට ප්‍රධාන වශයෙන් මියුසික් වීඩියෝවක්, රූපවාහිනී දැන්වීම් මාලාවක්, ගුවන් විදුලි දැන්වීම් මාලාවක්, පුවත්පත් දැන්වීම්, ඩිජිටල් මාධ්‍ය සහාය වගේම ශ්‍රී ලංකාව පුරා විහිදුණු එළිමහන් අලෙවිකරණ ක්‍රියාකාරකම් අයත් වෙයි- එසේම කාලීන තත්වයන් සළකා ඊට අදාළ සන්නාම ප්‍රවර්ධනය වෙනුවෙන් ශක්තිමත් පරිපූර්ණ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියක් ද දැනටමත් සකස් කර තිබේ-

මෙම අලෙවිකරණ ව්‍යාපාරයට සමගාමීව, රත්න අභ්‍යාස පොත් පිටකවර තේමාවන්හිද ගුණාත්මක නවීකරණයක් සිදුකර තිබේ- සියවස් ගණනාවක විවිධ යුගයන්හි අප කලාපයේ සංස්කෘතියේ පිළිබිඹුව හැඟවෙන සහ නූතන කළා සහ චින්තනය මතුකරන කවර රටාවන් මීට ඇතුළත්ය-

මෙම වැඩපිළිවෙල සම්බන්ධව වැඩි දුරටත් අදහස් පල කල ප්‍රින්ට්එක්සෙල් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නදීෂ ඒ. වටවල මහතා, ”අධ්‍යාපනය යන මාතෘකාව බොහෝවිට වැරදි ලෙස අර්ථනිරුපනය වෙනවා මා දැක තිබෙනවා. ලකුණු සහ කඩයිම් හා බැඳුනු රේඛීය හැඳින්වීමක් බොහෝවිට අධ්‍යාපනයට ලබා දෙන නමුත් අධ්‍යාපනය ඉන් ඔබ්බට ගිය ඉතා පුළුල් අවකාශයක්. එය අධ්‍යන, නිර්මාණාත්මක, ක්‍රීඩාමය සහ දාර්ශනික ආදී විවිධ තල ගණනාවක් පුරා පැතිරෙන අතර කුඩාකල සිට ඕනෑම දරුවෙකු කුමන විෂය-පථයක් වෙත දක්ෂදැයි හඳුනාගැනීම වඩා සාර්ථකව කරන්නේ ගුරුවරුන් විසින්. අපගේ ගුරුවරුන් එම කාර්යභාරය මැනවින් ඉටු කළා, ඔවුන්ට පින් සිදු වන්නට අද අපි මෙතන සිටිනවා. ගුරුවරුන්ට පසුව අපේ ගරුත්වය එදා හිමිවුණේ අපි භාවිතා කල පොත්-පත් වලටයි. ශිල්පයක් පිහිටන්න පොත් වලට සහ ගුරුවරුන්ට ගරු කරන්නට අපි උගත් ඒ ජීවිත පාඩම, මතු පරපුරට වඩාත් ගෝචර වන ඩිජිටල් හැඩතල ඔස්සේ සමීප කරවීම අපේ අරමුණයි”.

මුල් අවධියේදී පාසල් හා විශ්ව විද්‍යාල විෂය නිර්දේශයන් සම්පාදනය කරන්නට සහ මුද්‍රණය කරන්නට මුල් වෙමින්, මෙහි ආරම්භක සමගම වන රත්න පොත් ප්‍රකාශකයෝ සමාගමේ 65-වසරක අභිමානවත් ගමන් මඟ රත්න අභ්‍යාස පොත් වෙත ලබාදී ඇත්තේ මහත් පන්නරයකි. පොත් සහ පෑන් නිෂ්පාදනයෙන් දේශීය පාරිභෝගික වෙළඳපලේ, දේශීය වාණිජ (B2B) වෙළඳපලේ මෙන්ම විදේශීය (B2B) වෙළඳපලේද කීර්තිමත් නාමයක් හිමිකරගෙන සිටින ප්‍රින්ට්එක්සෙල් පුද්ගලික සමගම ඇති නවීන යන්ත්‍ර සුත්‍රවලින් බලවත් වුනු, කලාපයේම ඇති අති-දැවැන්ත මුද්‍රණ කර්මාන්තශාලාවකි. වැඩි විස්තර සඳහා www.promateworld.com වෙබ් අඩවියට පිවිසෙන්න.

ශිල්පය පිහිටන්න දැන්වීම්කරණ ව්‍යාපෘතියේ මූලික නිර්මාණාත්මක දායකත්වය Media Monkey ආයතනය සහ Sirra Colombo ආයතනය වෙතිනි.

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments