Saturday, May 18, 2024
spot_imgspot_img
HomeBiz NewsICBT Campus - Sunderland ආදි විද්‍යාර්ථින්ගේ වාර්ෂික සුහද හමුව 2024 ..

ICBT Campus – Sunderland ආදි විද්‍යාර්ථින්ගේ වාර්ෂික සුහද හමුව 2024 ..

දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක කටයුතු කරන ICBT Campus – Sunderland ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුවේ වාර්ෂික සුහද හමුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණ. එක්සත්‍ රාජධානියේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන Sunderland විශ්වවිද්‍යාලයේ මෙරට නියෝජිතයා ලෙස දශක දෙකකට අධික කාලයක් පුරා කටයුතු කරන ICBT Campus විසින් මෙරට දහස් ගණනක් සිසුන් ගුණාත්මක උසස් අධ්‍යාපනයකින් පෝෂණය කර ඇත.

ICBT Campus වෙතින් උපාධිය ලබා ගත් ආදි විද්‍යාර්ථින්ට සිය සම්බන්ධතා අලුත් කර ගැනීමටත් සම්බන්ධතා ජාලය ශක්තිමත් කර ගැනීමටත් සිය වෘත්තීය සහ අධ්‍යාපනික අත්දැකීම් බෙදා ගැනීමටත් මෙම හමුව අපූරු වේදිකාවක් විය. මෙම විද්‍යාර්ථින් බොහොමයක් දෙනා ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද සුප්‍රසිද්ධියට පත් ආයතනවල ඉහළ නිලයන්හි කටයුතු කිරීම ICBT Campus සහ Sunderland විශ්වවිද්‍යාලය අතර වන හවුල්කාරිත්වයේ සාර්ථකත්වයට සාක්ෂි වී ඇත.

ICBT Campus නියෝජනය කරමින් එහි සභාපති ආචාර්ය ජගත් අල්විස්, විධායක අධ්‍යක්ෂ, විධායක පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නංගර මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එසේම Sunderland විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි ප්‍රධාන මූල්‍ය නිලධාරී Ben Dale මහතා, ජාත්‍යන්තර සංවර්ධන පිළිබඳ ප්‍රධානී Jamie Simpson මහතා, ජාත්‍යන්තර ව්‍යාපාරික සහයෝගීතාවය පිළිබඳ ප්‍රධානී Angela Mason මහත්මිය, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (Continues Professional Development – CPD) සහ ජාත්‍යන්තර හෙද විද්‍යාව පිළිබඳ පාසලේ සහකාර ප්‍රධානී Karen Giles මහත්මිය, හෙද විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Elizabeth Clark මහත්මිය, බඳවා ගැනීම් සහ හවුල්කාරිත්වයන් පිළිබඳව දකුණු ආසියානු ආධ්‍යක්ෂ Bhawana Bagga මහත්මිය, ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ නියෝජ්‍ය කළමනාකරු Julie Pescod මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

“Sunderland විශ්වවිද්‍යාලයේ මෙරට ප්‍රධානතම පාර්ශ්වකරුවා වශයෙන් දශක දෙකකට අධික කාලයක් සිසුන්ට ගුණාත්මක උසස් අධ්‍යාපනයක් ලබා දීමට ICBT Campus අප දරන අපරිමිත උත්සහයට වාර්ෂිකව පැවැත්වෙන මේ සුහද හමුව සාක්ෂියක් වෙනවා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විසිරුණු සංවිධාන ගණනාවකින් සමන්විත වන ICBT – Sunderland ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව මෙරට සිසුන්ට ඉහළම උසස් අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව වන අපේ දැක්ම සාක්ෂාත් කරගන්න විශාල කැපවීමකින් කටයුතු කරනවා.” යැයි ICBT Campus හි විධායක අධ්‍යක්ෂ, විධායක පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නංගර මහතා ප්‍රකාශ කළේය.

2024දී ඉදිරිපත් කරන ලද Guardian විශ්වවිද්‍යාල මාර්ගෝපදේශය විසින් Sunderland විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල 50 අතර ශ්‍රේණිගත කර ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු ලෙස වසර 125කට අධික කාලයක් අඛණ්ඩ මෙහෙයක් සිදු කරන Sunderland විශ්වවිද්‍යාලය රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද විශ්වවිද්‍යාල ගණනාවක් සමඟ පර්යේෂණ සහ අධ්‍යයන සහයෝගීතාවයන් පවත්වාගෙන යයි. එසේම ICBT Campus මගින් ද හෙද විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව, මෝටර් ඉංජිනේරු විද්‍යාව, ජාල පද්ධති ඉංජිනේරු විද්‍යාව ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මූලික උපාධි සහ පශ්චාද් උපාධි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.

2000 වර්ෂයේදී ආරම්භ කරන ලද ICBT Campus 65,000කට අධික ගෝලීය ආදි විද්‍යාර්ථින්ගේ ජාලයකින් සමන්විත වෙමින් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය බවට පත් වී ඇත. මේ වන විට දිවයින පුරා විහිදුණු ICBT Campus ශාඛා ගණනාවක සිසුන් 15,000කට අධික ප්‍රමාණයක් අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින අතර එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල ගණනාවක් සමඟ අධ්‍යයන සහයෝගීතාවයන් ද පවත්වාගෙන යයි. එසේම ICBT Campus ඔස්සේ විවිධ විෂය ක්ෂේත්‍රයන් යටතේ සහතික පත්‍ර වැඩසටහන්, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා වැඩසටහන්, පූර්ව විශ්වවිද්‍යාල පදනම් වැඩසටහන්, උපාධි වැඩසටහන්, පශ්චාද් උපාධි වැඩසටහන් වශයෙන් පුළුල් වපසරියක අධ්‍යයන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments