Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz NewsHNB ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස එ්ෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට...

HNB ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස එ්ෂියන් බෑන්කර් වෙතින් ගෞරවයට පාත‍්‍ර වෙයි …

පාරිභෝගික සේවා බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් සනාථ කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත් වූ 2024 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) 14 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත්, ඉතා වැදගත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි. ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක‍්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘පරම්පරා ගණනාවක් පුරාවට HNB සියලූ ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ප‍්‍රගතියේ සහකරුවෙකු වීම සඳහා වන අපගේ කැපවීමෙහි නොවෙනස්ව සිටිනවා. වසර ගණනාවක් පුරා, අපි අපගේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සහ තෘප්තියට ප‍්‍රමුඛත්වය දෙන ව්‍යාපාරික ආකෘතියකට නවතම තාක්ෂණය සහ ගෝලීය ප‍්‍රමිතීන් ඇතුලත් කරමින් ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. පාරිභෝගික සේවා බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස වසර 14 ක් පුරාවට ස්ථාවරය පවත්වා ගෙන යාම අපගේ උපාය මාර්ගයේ සාර්ථකත්වය යළි යළිත් තහවුරු කරන අතර අනාගතයේදී මීටත් වඩා ඉහළ ජයග‍්‍රහණ කරා යාමට එය අපව දිරිගන්වනවා” යනුවෙනි.

පාරිභෝගික සේවා බැංකුකරණය යනු HNB හි ප‍්‍රමුඛතම අංශයකිx එය දිවයින පුරා විසිරී සිටින මිලියන 2.5 කට අධික ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරානු ලබයි. බැංකු ශාඛා 255ක් සහ ස්වයං සේවා යන්ත‍්‍ර 787කින් සමන්විත බැංකුවේ පුළුල් පාරිභෝගික සේවා ජාලයට අමතරව HNB පාරිභෝගිකයින්ට දුරස්ථව සිට ගනුදෙනු කිරීමට පහසු, පුළුල් සහ ආරක්ෂාව සහිත විකල්ප ලබා දීම සඳහා ඩිජිටල් බැංකු සේවා හා ප‍්‍රවාහයන් වඩාත් උපරිම ලෙස භාවිත කරන පුරෝගාමියා ද වෙයි.

පසුගිය වසරේදී HNB බැංකු ක්ෂේත‍්‍රය මුහුණ දුන් සැලකිය යුතු අභියෝග මධ්‍යයේ වුවද ශක්තිමත් සහ ස්ථාවර කාර්යසාධනයක් වාර්තා කළේය. එහිදී බැංකුවේ ඩිජිටල් වේදිකා භාවිතා කරනු ලබන පාරිභෝගිකයින් සංඛ්‍යාවේ 65% ක වර්ධනය සැලකිල්ලට ගනිමින් පෙර වසරට සාපේක්ෂව ඩිජිටල් බැංකු ගනුදෙනුවල 63% ක වැඩිවීමක් වාර්තා කිරීමට HNB සමත් විය.

තවද වඩාත් තාක්ෂණික බැංකුවක් ලෙස එම ක්ෂේත‍්‍රය තුළ HNB හි නායකත්වය HNB SOLO වැනි පෙරළිකාර හා නව්‍ය වේදිකා මගින් මැනවින් පෙන්නුම් කළේය. ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණ සමාගම් සමඟ ඇති හවුල්කාරිත්වය මෙයට හේතුවෙන් HNB SOLO පාරිභෝගිකයින්ට බාධාවකින් තොර පහසු ඩිජිටල් ගෙවීම් විසඳුම් ලබා දෙන දෙමින් පාරිභෝගිකයින් අතර ඉක්මනින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත. තවද මෙම හවුල්කාරිත්වයන් හරහා උසස් ඩිජිටල් ගෙවීම් ක‍්‍රම වෙත වෙළෙඳුන්ගේ ප‍්‍රවේශය වැඩි කරයි.

‘’ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 14 වන වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුව ලෙස නම් කිරීම ගැන අප අතිශයින් ආඩම්බර වනවා. මෙම ජයග‍්‍රහණය අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වය සහ අඛණ්ඩ දියුණුව කරා යාමට ඇති අපගේ කැපවීම පෙන්නුම් කරන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියිx පාරිභෝගික සේවා බැංකු ඵලදායීව හා කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන විට එය අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතයට සුබවාදී බලපෑමක් ඇති කරනවා. ඒනිසයි අපගේ බැංකු නිෂ්පාදන සහ සේවාවන් තුළින් ඔවුන්ට ඉහළම වටිනාකමක් ලබා දෙන බව සහතික වීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ.’’ යනුවෙන් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

HNB ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් පවත්වන ලද හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන 2022 (CCC BCCSA) සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග‍්‍රහණයක් සමඟින් තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවතත් පිළිබිඹු කළේය.

එම සම්මාන උළෙලේදී සමස්ත ජයග‍්‍රාහකයා ලෙස කිරුළ පැළදී HNB පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා, ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගැනීම, COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගැනීම සහ HNB 13 වසරක් සිය අභිමානය රැන්දු හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගනිමින් එහිදී සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් විය.

ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා මාරු වීමට සහාය වීම සඳහා බැංකුව ලබා දෙන සමස්ත දායකත්වය, බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය මෙන්ම HNB තිරසාර පදනම විසින් මෙහෙයවනු ලබන විවිධ පාරිසරික සහ සමාජීය වැඩසටහන් අගයමින් ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගැනීමට එම සම්මාන උළෙලේදී HNB හට හැකි විය.

තවද එක්සත් රාජධානියේ ‘බෑන්කර්’ සඟරාව විසින් අඛණ්ඩව 6 වැනි වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්‍රේණිගත කරන ලද අතර 2023 Euromoney Trade Finance Survey හි වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ‘වෙළෙඳපොල ප‍්‍රමුඛයා’ සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා ලෙස ද HNB සම්මානයට පාත‍්‍ර විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments