Monday, May 6, 2024
spot_imgspot_img
HomeBiz Newsලංකා වාණිජ මණ්ඩලය 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව එළි දක්වයි ..

ලංකා වාණිජ මණ්ඩලය 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව එළි දක්වයි ..

ලංකා වාණිජ මණ්ඩලය විසින් ‘රක්ත කේතය – ශ්‍රී ලාංකීය ව්‍යාපාර අභිමුව ඇති දේශගුණික අවදානම් හා අවස්ථා’ (Code Red: Climate Risks and Opportunities for Sri Lankan Businesses) යන තේමාව යටතේ 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව මැයි 7 – 9 දින දක්වා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙනු ඇත.

දේශගුණික විපර්යාස වේගවත් වීමෙන් පැනනැඟිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව විද්‍යාඥයන් අනතුරු අඟවන අවස්ථාවක, එමඟින් ශ්‍රී ලාංකීය ව්‍යාපාර වෙත එල්ල විය හැකි අවදානම් හා අවස්ථා පිළිබඳ ජාතික කතිකාවක් සඳහා මෙම සමුළුව වේදිකාවක් වනු ඇත.

සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමුළුවේ සමාරම්භක උත්සවය අමතනු ඇති අතර පසුව පැවැත්වෙන අදහස් හුවමාරු කරගැනීම් හා සාකච්ඡා සඳහා සන්දර්භය සකස් කෙරෙනු ඇත.

දේශගුණික ක්‍රියාමාර්ග භාර ජාතික හා අන්තර්ජාතික නියමුවන් ගේ ආකර්ෂණීය පෙළගැස්මක් තුළින් දින තුනක් පුරා දේශගුණික අවදානම් හා අවස්ථා, එම අවදානම් අවම කිරීමට හා වර්ධන අවස්ථා සාර්ථක ලෙස අත්පත් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා නිර්-කාබනිකකරණය පිළිබඳ අවධානය දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝකයක ශ්‍රී ලාංකීය ව්‍යාපාර ශක්තිමත් වීම සඳහා මනා ලෙස ස්ථානගතව ඇති බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී ප්‍රතිපත්ති ක්‍රමවේද පිළිබඳව ගවේෂණය කෙරෙනු ඇත.

බලශක්ති හා ජල කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය අරුණභා ගෝෂ්, අයි අයි ටී මැඩ්රාස් පර්යේෂණ උද්‍යානයේ සභාපති මහාචාර්ය අශෝක් ජුන්ජුන්වාලා, දේශගුණික ප්‍රතිපත්ති ප්‍රවේශයේ ඉන්දීය අධ්‍යක්ෂ දෘබා පුර්කයස් මහතා, ට්‍රාන්ස්පරෙන්ටම් කළමනාකාර අධ්‍යක්ෂ සහ Independent Complaints Mechanism of the International Climate Initiative (IKI – ජර්මනිය) හි මණ්ඩල සාමාජික ආචාර්ය ලලනාත් ද සිල්වා මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, Global Water Partnership South Asia හි කලාපීය ප්‍රධානී කුසුම් අතුකෝරල මහත්මිය, Global Green Growth Institute හි ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය සෙනාලි සේනාරත්න සෙල්ලමුත්තු මහත්මිය, ජෛව විවිධත්ව විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මහතා, Twcorp Ltd. සහ Sapphirus Lanka Ltd. සභාපති තිලාන් විජේසිංහ මහතා, ස්වාභාවික හා සංරක්ෂණවාදී ගෙහාන් ද සිල්වා විජේරත්න මහතා සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් දේශකයන්ට ඇතුළත් වේ.

දේශගුණික විද්‍යාව සහ ව්‍යාපාර මත වන අවදානම් සහ අවස්ථා අවබෝධ කරගැනීමේ සිට දේශගුණික අර්බුදයේ ගෝලීය සහ දේශීය බලපෑම, දේශගුණික අනුවර්තනය සහ ඔරොත්තු දීමේ හැකියාව, නිර්-කාබනිකකරණය සහ දේශගුණික මූල්‍ය යාන්ත්‍රණ දක්වා වන මාතෘකා රාශියක් සමුළු න්‍යාය පත්‍රයට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ හරිත සහ සාධාරණ ආර්ථීක සංක්‍රාන්තිය මෙහෙයවීම අරමුණු කරගත්, ක්‍රියාත්මක කළ හැකි දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක් සඳහා වන දැනුම තවදුරටත් ශක්තිමත් කරමින් සියලු සහභාගිත්ව කණ්ඩායම් අතර වන පුළුල් කතිකාවක් සඳහා සමුළුව මඟ පාදනු ඇත.

වැඩිදුර විස්තර සහ ලියාපදිංචිය සඳහා 0115588852 / niroshini@chamber.lk ඔස්සේ නිරෝෂිනී හෝ 0115588892 / events. division@chamber.lk ඔස්සේ ශානුකා හා සම්බන්ධ වන්න. නැතහොත් http://slcs.chamber.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments