Sunday, April 28, 2024
spot_imgspot_img
HomeBiz NewsCeylon Green Life Plantation FMCG වෙළද පොළට පිවිසෙයි....

Ceylon Green Life Plantation FMCG වෙළද පොළට පිවිසෙයි….

ප්‍රවීන ව්‍යවසායකයෙකු සහ  ඉදිකිරීම්කරුවෙකු වන ආචාර්ය මාර්ලන් පීටර්සේ මහතා විසින් ආර්ම්භ කරන ලද Ceylon Green Life Plantation (Pvt) Ltd, වඩාත් නව්‍ය ආකාරයෙන්  ගොවිතැන සවිබල ගැන්වීම තුලින්  ශ්‍රී ලංකා මාතාවට අභිමානයක් ගෙන ඒම සදහා 2022 ඔහුගේ දැක්ම  ස්ථාපිත කරන ලදී. පේර, කෝමාරිකා,අඹ, වැනිල,සියඹලා,තේ සහා තවත් බෝග වලින් සාර්ථකව අස්වනු ලබා ගැනීම මෙම ආයතනයේ සුවිශේෂ කාර්යයක් වන අතර  පේර අස්වැන්න Ceylon Green Life Plantation (Pvt) Ltd හී ප්‍රධාන ආර්ථික නිශ්පාදනයයි.

Ceylon Green Life Plantation (Pvt) Ltd හි පළමු වාර්ෂික සංවත්සරය උත්කර්ෂවත් අයුරින් කොළඔදී පැවැත්වු අතර එහිදී ඊට සමගාමීව   Deelectaa සන්නාමය යටතේ  Deelectaa Super Blend tea සන්නාමයක් වෙළද පොළට හදුන්වා දෙන ලදී. තවද  Deelectaa සන්නාමය යටතේ  පේර, කෝමාරිකා,අඹ, වැනිල,සියඹලා  පලතුරු බීම පෙලක්ද හදුන්වා දෙන ලදී  

මෙම අවස්ථාවට  Ceylon Gree n Life Plantation (Pvt) Ltd  සභාපති  ආචාර්ය මාර්ලන් පීටර්සේ මහතා, FMCG අංශයේ ප්‍රධාන විධායක නිළධාරී  හෂාන් හපුතන්ත්‍රී  මහතා,එහි නිළධාරීන් ආයෝජකයන් ඇතුළු ආරාධිතයන් රැසක්  සහභාගි විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments