Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz Newsඋසස් දත්මැදීමේ අත්දැකීමක් සමඟ නවතම Clogard Pro Clean Toothbrush මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ...

උසස් දත්මැදීමේ අත්දැකීමක් සමඟ නවතම Clogard Pro Clean Toothbrush මුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පෙරළිකාර වෙනසක් ඇති කරයි ..

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන Clogard, සිය නවතම නිෂ්පාදනය වන, Clogard Pro Clean Toothbrush ශ්‍රී ලාංකික වෙළඳපොළට හඳුන්වා දෙයි. මුඛ සනීපාරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව සිය අවධානය තවදුරටත් යොමු කරමින් Clogard දත් බුරුසු පවුලට අලුතින් එක් වන මෙම නවතම Pro Clean Toothbrush නිෂ්පාදනය තුළින් මුඛ සෞඛ්‍ය පිළිබඳව පෙරළිකාර වෙනසක් ඇති කිරීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අපේක්ෂා කරයි.

මෙම නවතම Clogard Pro Clean දත්බුරුසුවෙහි ඇති සුවිශේෂී Power Tip විශේෂාංගය මඟින්, දත් මැදීමේ දී මුඛයේ ළඟා වීමට අපහසු ස්ථාන වෙත පහසුවෙන් ළඟා වෙමින් හොඳින් දත් හා මුඛය පිරිසිදු කිරීමේ හැකියාව ලබා දෙයි. එමඟින් පරිපූර්ණ, ඵලදායී මෙන්ම තෘප්තිමත් විය හැකි අන්දමේ දත්මැදීමේ අත්දැකීමක් පාරිභෝගිකයා වෙත පිරිනමන්නේ දත් මැදීමේ අත්දැකීමට නව අරුතක් එක් කරමිනි.

නවතම  Clogard Pro Clean Toothbrush වෙළඳපොළට හඳුන්වා දීම පිළිබඳව  හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මහත්මිය, “අපගේ පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතාවයන් හා රුචිකත්වයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් ඊට වඩාත් ගැළපෙන දත් බුරුසුවක් ඔවුන් අතට ලබා දීමට අපට අවශ්‍යව තිබුණා. මේ පිළිබඳව සිදු කළ පර්යේෂණ හා වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද රැසක අවසන් ප්‍රතිපලය ලෙස Clogard Pro Clean Toothbrush අපි අපේ වටිනා පාරිභෝගිකයන් වෙතට ගෙන එනවා. ඵලදායී දත් මැදීමේ  අත්දැකීමක් ලබා දීම සඳහා භාවිතයේ දී අතට පහසුවෙන් අල්ලා ගත හැකි පරිදි නිර්මාණය කර ඇති මෙම නවතම දත් බුරුසුව මගින් සුවපහසුව මෙන් ම ආරක්ෂිත බවත් තහවුරු කරනවා. දත් බුරුසුවේ ඇති සුවිශේෂී  Power Tip අංගය මගින් තරඟකාරී වෙළඳපොළ තුළින් Clogard Pro Clean Toothbrush නිෂ්පාදනය පහසුවෙන් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව ලබා දෙනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

එමෙන්ම  විදුරුමස්වලට සිදුවිය හැකි හානි අවම කරන Clogard Pro Clean Toothbrush සතු rubber layer අංගය තුළින් මෘදු සහ ඉතා ඵලදායී දත්මැදීමක් පාරිභෝගිකයා වෙත පිරිනමමින් සමස්ත මුඛ සනීපාරක්ෂාව ඉහළ නංවන්නට සහය වෙයි.

වැඩිදියුණු කළ අසමසම විශේෂාංග සමඟින්  ‘මුඛ සෞඛ්‍යයට Upgrade එකක්’  Clogard Pro Clean Toothbrush මඟින් සහතික කරයි.

උසස් මුඛ සෞඛ්‍යයක් හා මුඛ සත්කාරයක් වෙනුවෙන් තම වටිනා පාරිභෝගිකයා වෙත නව විසඳුම් ගෙන ඒම සඳහා  Clogard විසින් දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳ Clogard Pro Clean Toothbrush  නිෂ්පාදනය මඟින් තවදුරටත් තහවුරු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments