Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz Newsසීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ සමාගමක් වන iConn IO සිය සාර්ථකත්වයේ තෙවැනි...

සීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් අලෙවිකරණ සමාගමක් වන iConn IO සිය සාර්ථකත්වයේ තෙවැනි වසර සාඩම්බරයෙන් සමරන ලදී..

අභිමානවත් තෙවැනි සංවත්සරය සමරන iConn IO සමාගම පාරිභෝගික සාර්ථකත්වය උපරිම කිරීම සදහා කැප වූ නොනවතින නව්‍යකරණයේ හා සැලකිය යුතු ව්‍යාප්තියේ කැපී පෙනෙන ජයග්‍රහණවල වසර බවට නම් කල හැකිය.

ප්‍රගතිශීලී මනෝභාවයක් අනුගමනය කරමින් iConn IO සිය ගණුදෙනුකරුවන්ට නිරන්තරයෙන් නව්‍යතම විසදුම් ලබා දීමට ක්‍රියා කර ඇත. ඔවුන් සියලුම ඩිජිටල් අලෙවිකරණ විසදුම් නිර්මාණය කර ඇත්තේ සමාගම්වලට ඔවුන් අපේක්ෂා කරනු ලබන වර්ධන වේගයට වඩා වේගයෙන් වර්ධනය වීමට උපකාරී වන ලෙසිනි.

සංවත්සර සැමරුම පසුගිය වසර දෙක තුළ iConn IO ලැබු ජයග්‍රහණ සහා වර්ධනයන් එළිදැක්වීමට අවස්ථාවක් කරගන්නා ලදී. මෙහිදී AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අලෙවිකරණ සහායක චැට්බොට් එකක් වන iConnGPT දියත් කිරීම සිදු විය. iConn IO විසින් මෙම AI සහය ඔවුන්ගේ අනාගත අලෙවිකරණ ව්‍යාපාර සදහා භාවිතා කිරීමට සැලසුම් කරයි. මෙම අවස්ථාවට iConn IO හි කළමනාකාරීත්වය, ගෞරවනීය ගණුදෙනුකරුවන්, ව්‍යාපාරික සහකරුවන් සහා එහි වැදගත් පාර්ශවකරුවන් රැසක් සහභාගී විය.

මෙහිදී iConn IO හි ප්‍රධාන විධායක නිලධාරී යූ. ප්‍රගීත් රාජපක්ෂ මහතා පවසා සිටියේ ”අපගේ තුන්වන සංවත්සරයේ මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. එය ඇදහිය නොහැකි වර්ධනයක්, නවෝත්පාදනයක් සහ සාර්ථකත්වයක් ඇති ගමනක්. අපගේ දක්ෂතා සහිත කණ්ඩායමේ කැපවීම, අපගේ ගණුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ අපගේ හවුල්කරුවන්ගේ සහයෝගීතාව අපගේ ජයග්‍රහණවලට හේතුවේ.අපි අපගේ ජයග්‍රහණ දෙස ආපසු හැරී බලන විට සීමා මායිම් අතික්‍රමණය කරගෙන යාමට සහ අලෙවිකරණයේ ඇති හැකියාවන් නැවත අර්ථ දැක්වීමට අපට ශක්තියක් සහ උනන්දුවක් ඇතිවේ”

නවෝත්පාදනයන් ඉදිරියට ගෙනයාමට සහ සිය ගණුදෙනුකරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට කැපවී සිටින iConn IO, එහි සාර්ථකත්වයට දායක වු සැමට කෘතඥතාව පළ කළ අතර අලෙවිකරණයේ අනාගතය හැඩගැස්වීමට සිය කැපවීම යළිත් තහවුරු කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments