Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz NewsHSBC Ceylon Literary & Art Festival සහ Dilmah Ceylon Tea to එක්...

HSBC Ceylon Literary & Art Festival සහ Dilmah Ceylon Tea to එක් වී Youth Future Writers වැඩසටහන දියත් කරයි…

HSBC Ceylon Literary & Art Festival සහ Dilmah Ceylon Tea to එක් වී Youth Future Writers වැඩසටහන ආරම්භ කර තිබේ. තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය අවදි කරවමින්, ලේඛන හැකියාව සහිත තරුණ තරුණියන්ට කරළියට පැමිණීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇත.

මෙවැනි වැඩසටහන් රටක සංස්කෘතික ප්‍රගමනයට අත්‍යවශ්‍ය අංග ලෙස හැඳින්විය හැකි වේ. තරුණ පරපුරට පැහැදිලි අරමුණක් ලබාදෙමින් බුද්ධි ගලනය අවම කිරීමටද මෙබඳු වැඩසටහන්වලට හැකියාව ඇත. එමෙන්ම මෙය නිර්මාණශීලී ව්‍යවසායකත්වය හා ව්‍යාපෘතීන් දිරිගන්වන මෙහෙවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

“Ceylon Literary Festival වැඩසටහනේ දිගුවක් ලෙස Future Writers වැඩසටහන හඳුන්වා දීමට හැකි වීමට අපට මහත් සතුටක්. මෙය හුදෙක් නවක දක්ෂයන් හඳුනා ගැනීමේ උත්සාහයක් පමණක් නොවෙයි. මෙය පරම්පරා ගණනාවක් පවතින උරුමයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෝෂණය කිරීමේ ආයෝජනයක ආරම්භයක්. ජයග්‍රහණයට මෙන්ම සහභාගීත්වයට නිසි ඇගයුම් හිමිවන මෙම වැඩසටහනට තම නිර්මාණාත්මක රචනා යොමු කරන මෙන් මා සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ තරුණ තරුණියන්ට ආරාධනා කර සිටිනවා.” Ceylon Literary Festival හි නිර්මාතෘ අජේ වීර් සිං මහතා පැවසී ය.

රටක අනාගතය වන තරුණ පරපුර සවිබල ගැන්වීමට නම්, සම්මත සීමාවන් අභිභවා යාමට හැකිවන පරිදි ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කළ යුතු ය. Future Writers වැඩසටහන සැලසුම් කර ඇත්තේ එම අරමුණ වෙනුවෙනි. අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන්ට මෙම වැඩසටහනට සහභාගී විය හැකි වේ.

“Murder at the Festival” හෝ “The Girl at the Workshop” වැනි තේමාවන් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, තේ වල ඇති සංස්කෘතික වැදගත්කම එම නිර්මාණවලට ඇතුළත් වී තිබිය යුතු ය. 2024 අප්‍රේල් 08 දින තෙක් නිර්මාණ භාරගැනෙන අතර, ඒවා විනිශ්චය කරනු ලබන්නේ සුප්‍රකට ලේඛක අශෝක් ෆෙරී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.

“නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ තරුණ පරපුරේ කුසලතා වර්ධනය කිරීම සඳහා දායක වීමට හැකි වීම අපට සතුටක්. මෙය හුදෙක් තරගයක් පමණක් නොවෙයි. මෙය ලිවීමේ ආශාව සමග තේ කලාවේ හරය එක්තැන් කිරීමට ලැබෙන අගනා අවස්ථාවක්. මෙවැනි වැඩසටහන්වලට සහභාගී වීම මගින් තරුණ පරපුරට තම ලේඛන කුසලතා මැනැවින් දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට තම දක්ෂතා ඉහළම තලයකට රැගෙන යාමට හැකි වේවි.” Dilmah Ceylon Tea සභාපති දිල්හාන් සී. ප්‍රනාන්දු මහතා පැවසී ය.

ජයග්‍රාහී ලේඛකයාට හෝ ලේඛිකාවට සම්මානයක් සමග මුදලින් රු. 100,000/- ක් හිමි වන අතර, ඔහුට හෝ ඇයට සුප්‍රකට ලේඛකයෙකුගේ මගපෙන්වීම යටතේ තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව හිමි වේ. එමෙන්ම ජයග්‍රාහී නිර්මාණය Ceylon Literary & Art Festival සමග සම්බන්ධ විවිධ මාධ්‍යවල පළකෙරෙනු ඇත. කෙටිලැයිස්තුගත වූ ලේඛක ලේඛිකාවන්ටද ප්‍රවීණ ලේඛකයන් විසින් මෙහෙයවනු ලබන වැඩමුළුවකට සහභාගී වීමට අවස්ථාව ලැබේ.

මෙම තරගය, තරුණ පරපුරේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරමින් ඔවුන්ට රටේ සංස්කෘතියට දායක වීමට අවස්ථාව සලසා දීම සඳහා Ceylon Literary & Art Festival දරන උත්සාහයෙහි ප්‍රතිඵලයකි. අයදුම්කරුවන්ට තම නිර්මාණ 2024 අප්‍රේල් 08 දින හෝ ඊට පෙර www.ceylonliteraryfestival.com වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැකි වේ.

වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස HSBC කටයුතු කරන අතර, Mastercard, The British Council, Galle Face Hotel, Hotel Suisse Kandy, Dilmah Ceylon Tea, Innovate Books, Goethe Institut, Wijeya Newspapers, Emerging Media, Curado, Hardtalk, Sarasavi, Zelus සහ Acorn සෙසු හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කිරීමට දායක වීම මේ සියලුම දෙනාගේ අරමුණ වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments