Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz NewsSLT-MOBITEL රටේ කෘෂිකර්මාන්තය නැංවීම සඳහා ‘Agri Saviya - Marketing Asswedduma’ වැඩසටහනේ දෙවැනි...

SLT-MOBITEL රටේ කෘෂිකර්මාන්තය නැංවීම සඳහා ‘Agri Saviya – Marketing Asswedduma’ වැඩසටහනේ දෙවැනි අදියර බලගන්වයි ..

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, රටේ කෘෂිකර්මාන්තය නංවාලන අතරම තම පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (Environmental, Social and Governance – ESG) ඉලක්ක සපුරා ගැනීමේ පියවරක් වශයෙන් ‘Agri Saviya – Marketing Asswedduma’ වැඩසටහනේ දෙවැනි අදියර බලගැන්වීමට පසුගියදා කටයුතුකරන ලදී.

මෙම වැඩසටහන ආරම්භකර ඇත්තේ මෙරට ගොවීන් අනාගතයේදී කෘෂි ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණිනි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය දැනුම හා තාක්ෂණික කුසලතා පිරිනමමින්, ශ්‍රී ලංකාව තුළ නවීන කෘෂිකර්මාන්තයක් ගොඩනැංවීමට මෙහිදී උත්සාහ දරනු ලැබේ. මෙහි පළමු අදියර යටතේ ගොවීහු 40 දෙනෙක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් පිරිනමන ලද ‘Certificate in Agri Business and Entrepreneurship (CABE)’ සහතික හිමිකර ගත්හ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි සුදුසුකම් ක්‍රමවේදයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි.

මෑතකදී දියත් කළ මෙහි දෙවැනි අදියර යටතේ, විවිධ කාණ්ඩ නියෝජනයකරන කෘෂි ව්‍යවසායකයන් 15 දෙනෙක් SLT-MOBITEL වෙතින් පූර්ණ ශිෂ්‍යත්ව හිමිකර ගත්හ. තවද මෙම වැඩසටහනේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු වශයෙන් එයට සම්බන්ධතා පහසුකම් ලබාදීමටත්, සුහුරු කෘෂිකාර්මික සංකල්ප පිළිබඳව දැනුම හුවමාරු කරගැනීමේ සැසි සංවිධානය කිරීමටත්, සිය පර්යේෂණ හා සංවර්ධන අංශයවන ‘THE EMBRYO’ මගින් නිර්මාණයකරන ලද ‘Fazenda’ නම් විසඳුම හඳුන්වා දීමටත් SLT-MOBITEL විසින් පියවර ගන්නා ලදි. Fazenda යනු IoT සහ AI තාක්ෂණය පදනම් කරගත් විසඳුමකි. එමගින් වගාවක පස සහ පොහොර සම්බන්ධ වැදගත් පරාමිතීන් නිරීක්ෂණය කළ හැකි අතර, පස හෝ පාරිසරික තත්ත්ව සම්බන්ධයෙන් ගැටලු ඇති වූ විට ක්ෂණිකව ඒ බව දනුම් දීමටත්, පොහොර යෙදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදීමටත් එයට හැකියාව ඇත.

Agri Saviya වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රජා ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම, ජීවනෝපාය සංවර්ධනය, තිරසර කෘෂිකාර්මික භාවිත ප්‍රචලිත කිරීම සහ ආර්ථික සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම ඔස්සේ සිය ESG මෙහෙවරෙහි සමාජයීය අංශය ශක්තිමත් කිරීම SLT-MOBITEL හි ඉලක්කය වී තිබේ. ඊට අමතරව විශේෂ සම්බන්ධතා පහසුකම් ඔස්සේ අත්‍යවශ්‍ය තොරතුරු හා සන්නිවේදන මෙවලම් පිරිනැමීමටත්, ඒ ඔස්සේ සමාජ අන්තර්කරණය තහවුරු කිරීමටත් SLT-MOBITEL පියවර ගෙන ඇත.

‘Agri Saviya – Marketing Asseweduma’ වැඩසටහනට සහය දැක්වීම යනු ආයතනික සමාජ වගකීම් සම්බන්ධයෙන් SLT-MOBITEL අනුගමනයකරන සමෝධානික ප්‍රවේශය මෙන්ම, තම සේවා ලබන ප්‍රජා කෙරෙහි යහපත් සමාජයීය හා පාරිසරික බලපෑම් ඇතිකිරීමට සමාගම දක්වන උනන්දුව හා කැපවීම තහවුරුකරන සාධකයකි.

මෙම අවස්ථාවට කැන්ඩි සිටි සෙන්ටර් හි සභාපති තුසිත විජයසේන, Mobitel (පුද්.) සමාගමේ සාමාන්‍යධිකාරී – අලෙවි චාරක පෙරේරා සහ SLT ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු අනුරාධ උඩුනුවර යන මහත්වරු සමග ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය, SLT-MOBITEL සහ Sri Lanka Agriprenuers Forum නියෝජනයකරන තවත් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments