Saturday, December 21, 2024
HomeBiz Newsශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්..

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්..

වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී සිතුම් පැතුම් ඉඩම් හිමිකම් ප්‍රතිඵත්තිවල වෙනස්කම්වලට හේතු වූයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ (1975 – 1992,  අවුරුදු 17) ජන සතු කිරීම සිදු විය.

අවසානයේදී රාජ්‍ය කළමනාකාරීත්වය යටතේ සිදුවූ අසාර්ථකත්වය මත 1992 වසරේදී කර්මාන්තය පෞද්ගලීකරණයට ලක්වෙමින් වර්තමාන කළමනාකාරීත්වය යටතට පත් විය. මෙම සුවිශේෂී වෙනස්කම් මධ්‍යයේ තේ, රබර් සහ අනෙකුත් අපනයන බෝගයන්හි ගුණාත්මක භාවය පිළිබඳ අසමසම විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට ශ්‍රි ලංකාව සමත්ව ඇත. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය උරුමයක්ව පවතින එම කර්මාන්තය අද වන විට ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත.

මෙරට වැවිලි කර්මාන්තය අතීතයේදී ආර්ථිකයට සුවිසල් දායකත්වයක් දක්වනු ලැබුවේ ගෝලීයව විශාල වශයෙන් අභියෝගයන්ට ලක් නොවෙමිනි. එහෙත් අද වන විට ගෝලීය වෙළෙඳපොල තරඟකරුවන් තුළ මෙන්ම දේශීය කර්මාන්තයන් ඇතුලු තරඟකරුවන් රැසක් අපගේ  කර්මාන්තයට අභියෝග කරමින් සිටිති.

වැවිලි කර්මාන්තය මුහුණ දෙන අභියෝග

ඉහත දැක්වූ අභියෝග හේතුවෙන් වැවිලි කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යාම ඉතා සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති අතර  අතීත කළමනාකරණ ආයතනයන්හි පැවති ගැටලු කිහිපයක් නිවැරදි කිරීමට අවශ්‍යව ඇත. එමෙන්ම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පරිපාලනය අතර පවතින ගැටුම් හේතුවෙන් එය තව දුරටත් අර්බුධයට ලක්ව ඇත.

මේ වන විට දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද විවිධ අංශයන් තුලින් වැවිලි කර්මාන්තය  තරඟකාරීත්වයට මුහුණ දෙමින් සිටියි. විශේෂයෙන් රට තුළ ශ්‍රමය ලබා ගැනීමේ සිට ආසියාව හා අප්‍රිකාව පුරා මහා පරිමාණ තේ නිෂ්පාදනය ඉහළ යාම දක්වා බොහෝ කරුණු හේතුවෙන් මෙතෙක් කලක් ලෝකය තුළ අණසක පතුරුවමින් සිටි මෙරට වැවිලි කර්මාන්තය දැන් පවතින්නේ අභියෝගයකට ලක් වෙමිනි.

වෙනත් කර්මාන්ත අංශයන් සමඟ වැවිලි කර්මාන්තය සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී වෙනස්කම් කිහිපයකි. වැවිලි කර්මාන්තය දේශීය වශයෙන් තම අමු ද්‍රව්‍ය නිෂ්පාදන කරද්දී වෙනත් කර්මාන්ත අංශයන් ඔවුන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කරති. වැවිලි කර්මාන්තය තුළ ආනයනය කරනු ලබන්නේ අවශ්‍ය යෙදවුම් පමණකි. මෙසේ බැලීමේදී විශේෂත්වයක් උසුලන වැවිලි කර්මාන්තය ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වයද ඉන් මනාව ඉස්මතු කරනු ලබයි.

අද වන විට වතුවල මෙන්ම සමස්ත රටේම පිරිස් අඛණ්ඩව විදේශ රැකියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් තුල වැටුප් ප්‍රශ්න, ඵලදායීතාව පහළ යාම වැනි තත්වයන් සමඟ ගනු ලබන වැරදි තීරණ හේතුවෙන් හදිසි සහ උපාය මාර්ගික තීරණ ගැනීම දුෂ්කර කරුණක් බවට පත්ව තිබේ.

වැවිලි කර්මාන්තයට ඍජුවම බලපානු ලබන දේශගුණික විපර්යාසයන් ගෝලීය වශයෙන් සිදු වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයටද ඉමහත් බලපෑමක් එල්ල කරමිනි. වැවිලි භෝගවලට නිශ්චිත පාරිසරික හා දේශගුණික තත්වයන් හේතු වන බැවින් ගෝලීයව සිදුවන දේශගුණික වෙනස්කම් තිරසර කර්මාන්තයක් පවත්වාගෙන යාමට ද අභියෝගයක් වී ඇත.

එසේම අනවබෝධය හා ආර්ථිකමය වශයෙන් නොගැලපෙන තීරණ හේතුවෙන් අත්‍යාවශ්‍ය කෘෂි රසායන තහනම් කිරීම, නිසි ආර්ථක ඇගයීමකින් තොරව සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන වෙත මාරු වීම වැනි තවත් අසාර්ථක වීම්ද කර්මාන්තයට බලපෑම් එල්ල කරන ලදී. අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා ප්‍රමාණවත් පොහොර නොමැතිව කෘෂිකර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බැවින්  ඉහත තීරණ වතුකරයේ ආර්ථිකයටද දැඩි ලෙස බලපෑ බව පැවසිය හැකිය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments