Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz NewsPLC සමාගමට Technnovation සම්මාන උළෙලේදී රන් සම්මානයක්...

PLC සමාගමට Technnovation සම්මාන උළෙලේදී රන් සම්මානයක්…

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී  LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ ය.

“LankaPay Technnovation Awards වැනි ගෞරවණීය සම්මාන උළෙලකදී මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. අපගේ සේවාවන් තුළදී නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට සහ නවෝත්පාදන සිදුකිරීමට අප දක්වන උනන්දුව නිසා අපට මේ සම්මානය හිමි වුණා. මෙලෙස තාක්ෂණය සහ නවෝත්පාදන භාවිතා කිරීම තුළින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදෙන අතරම අපගේ තිරසාර ඉලක්ක ළඟා කරගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.” PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශමීන්ද්‍ර මර්සිලීන් මහතා පැවසී ය.

LankaPay Technnovation Awards යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ නවෝත්පාදන සඳහා සම්මාන පිරිනමන ප්‍රමුඛතම සම්මාන උළෙලයි. 2019 වසරේදී ආරම්භ කරන ලද මෙම සම්මාන උළෙලේදී, ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින් පාරිභෝගික අත්දැකීම හා පහසුව වැඩිදියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබාදෙන සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ. අතිශය තරගකාරී සම්මාන උළෙලක් වන මෙහිදී අයදුම්කරුවන් විධිමත් හා දැඩි සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටියක් සපුරාලිය යුතු වන අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් සම්මාන සඳහා සුදුස්සන් තෝරාගනු ලබයි.

තම පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන රාමුවට අනුකූලව තිරසාරත්ව අරමුණු ළඟා කරගැනීම සඳහා ඩිජිටල් නවෝත්පාදන භාවිතා කිරීමට PLC සමාගම දක්වන උනන්දුව, මෙබඳු සම්මාන හිමි වීමට ප්‍රධානතම හේතුවක් වී තිබේ. මෙම රාමුව යටතේ, වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම සහ කාබන් පියසටහන අවම කිරීම සඳහා කඩදාසි භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත. මෑත කාලයේ PLC සමාගමේ මෙහෙවර වෙනුවෙන් තවත්  සම්මාන රැසක් හිමි වූ අතර, National Best Quality Software Awards (NQBSA) 2023  හිදී හිමි වූ ‘Best Digital Process Enabler of the Year’ සම්මානය සහ PLC Touch App වෙනුවෙන් හිමි වූ ‘In-House Development’ කාණ්ඩයේ කුසලතා සම්මානය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඩිජිටල්කරණය ඔස්සේ ක්ෂේත්‍රයේ නවෝත්පාදන සම්බන්ධයෙන් පෙරමුණ ගැනීමට PLC සමත් වී ඇති බවට මෙම සම්මාන සාක්ෂි දරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments