Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz NewsCIC ශ‍්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් Planet Green...

CIC ශ‍්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් Planet Green Force සහ UNESCO සමඟ එක් වෙයි ..

කෘෂිකර්මාන්තය මූලික කර ගනිමින් විවිධ අංශවල ක‍්‍රියාත්මක සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ‍්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මේ යටතේ ආහාර සුරක්ෂිතතාව, ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීම හා තිරසාර පාරිසරික වැඩසටහන් ඉහළ නැංවීම වැනි සුවිශේෂී කරුණු පිළිබඳව සිසු සිසුවියන් බලගැන්වීමට හා දැනුවත් කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් අනුව යමින් ජල සුරක්ෂිතතාව, අපද්‍රව්‍ය කළමනාකරණය, පිරිසිදු බලශක්තිය හා ජෛව ස්කන්ධ නිෂ්පාදන වැනි UNESCO Green Academies හි මූලික සාධකයන් අනුව කටයුතු කිරීම සඳහා දිරි ගැන්වීමද සිදු වේ.

පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණ මෙම වැඩසටහනෙහි සමාරම්භක උත්සවයෙහි ‘Seeds of Security’ වැඩසටහන සඳහා සක‍්‍රීය දායකත්වයක් ලබා දීමට CIC කටයුතු කරන ලදී. Planet Green Force සංකල්පයේ තවත් පියවරක් ලෙස ඉදිරියට ගෙන යන මෙම වැඩසටහන තුළින් අවධානය යොමු කරනු ලැබුවේ සිසුන්ට අවශ්‍ය දැනුම හා හැකියාවන් ලබාදීම, ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගයන් වෙත මුහුණ දීම සඳහා ඔවුන් සූදානම් කිරීම හා ලෝකයේ වෙනස් වෙමින් පවතින දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම කෙරෙහිය. CIC Holdings සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ, Planet Green Force හි නිර්මාතෘ හරිත් වික‍්‍රම, ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ඞී. එම්. පී. එල්. දිසානායක යන මහත්වරුන් මෙන්ම CIC Holdings හි ඉහළ කළමනාකාරීත්වය, ගුරු මහත්ම මහත්මීන් හා සිසු සිසුවියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගෝලීයව ඉහළ යන පාරිසරික ගැටළු සමඟ පාසල් සිසුන් සම්බන්ධ කිරීම වෙනුවෙන් ප‍්‍රජාවන් හරහා දේශීය වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, ඒ සම්බන්ධ උනන්දුව ඇති කිරීම හා පරිසරය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් දිරිමත් කිරීම ‘Seeds of Security’ වැඩසටහන තුළින් සිදු කරනු ලබයි. සිසු සිසුවියන්ට තමන් විසින්ම සිදු කළ හැකි ආදර්ශයක් ලෙස ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඉවත දැමීම අවම කිරීම, කුසගින්නට එරෙහිව සටන් කිරීම හා මනා පෝෂණයක් ලබා ගැනීම වැනි දේ පිළිබඳව මග පෙන්වීමට ඒ තුළින් කටයුතු කර ඇත.

මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයකු ලෙස තිරසාර භාවිතයන් හා පාරිසරික වගකීම් ඉහළ නැංවීමට කැපවී සිටින CIC දැයේ අනාගතය ඉදිරි පරම්පරාවේ අයිතියක් බව නිරන්තරයෙන් පිළිගනු ලබයි. ඒ නිසාම ශ‍්‍රී ලංකාවට සුරක්ෂිත හා තිරසාර අනාගතයක් උරුම කර දීම වෙනුවෙන් අනාගතය භාර ගැනීමට සිටින නායකයින් දිරි ගැන්වීම සඳහා ඔවුන් කැපවී කටයුතු කරයි. PGF සහ UNESCO සමඟ වන හවුල්කාරීත්වය තුළින් ද සමාගම සතු ආයතනික සමාජ වගකීම් පිළිබඳ කැපවීම මනාව ප‍්‍රදර්ශනය කිරීමට සමත්ව ඇති CIC සිය ප‍්‍රජාවන්ගේ දියුණුවට හේතු වන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත්තේ සමාජය කෙරෙහි පුළුල් වගකීමක් භාරගනිමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ CIC හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා පැවසුවේ ‘’කෘෂිකර්මාන්තය, පාරිසරික හා සමාජ යහපැවැත්ම උදෙසා මෙම උපාය මාර්ගික සහයෝගීතාව හේතු වනු ඇතැයි අප නිරන්තරයෙන් විශ්වාස කරනවා. PGF සහ UNESCO සමඟ එක්වීම තුළින් ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතාව හා තිරසාර හරිත වැඩසටහන් ප‍්‍රවර්ධනය කිරීම වැනි නව්‍ය හා බලපෑම් සහගත ව්‍යාපෘතිවල පෙරමුණ ගැනීමට අපි කටයුතු කර තිබෙනවා. අපගේ ව්‍යාපාරවලින් ඔබ්බට යන මෙම කැපවීම තුළින් තිරසාරභාවය හා සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් සඳහා වන අපගේ දායකත්වය මනාව පිළිබිඹු කරනවා’’  යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ‘Seeds of Security’ වැනි වැඩසටහන් හරහා අප බලාපොරොත්තු වන්නේ තරුණ පරම්පරාව දැනුමෙන් පෝෂණය කිරීම හා සදාචාරාත්මක වගකීම සහ පරිසරය පිළිබඳ සංවේදී බව ඇති කිරීමයි. හෙට දවසේ නායකයින්ගේ වටිනාකම් හා ක‍්‍රියාවන්හි තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා දිරිගැන්වීමක් ලෙසද මෙය සඳහන් කළ හැකියි’’ යනුවෙන්ද පවසා සිටින ලදී.

ගෝලීය උණුසුම ඉහළ යාමේ ගැටළුව මූලික කොට ගනිමින් 1 සිට 13 වසර දක්වා ළමුන් වෙනුවෙන් Planet Green Force ලෝක ව්‍යාප්ත සම්මේලනයක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී ගෝලීය උණුසුමට එරෙහිව සටන් කිරීම හා අර්ථවත් වෙනසක් ඇති කිරීම සමඟින් අධ්‍යාපනය, උනන්දුව ඇති කිරීම, දැනුවත්භාවය ඉහළ නැංවීම හා කුසගින්න තුරන් කිරීම පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. එහි නියමු ව්‍යාපෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ කර ඇති අතර පාසල් තරඟ හා ගෝලීය සම්මාන සමඟ ත්‍යාග වැනි විවිධ ක‍්‍රියාකාරකම් හරහා ශ‍්‍රී ලංකාව පුරා අනෙකුත් පාසල් වෙතද මෙම වැඩසටහන ගෙන යාමට ඔවුන් සැලසුම් කොට ඇත. ශ‍්‍රී ලංකාව පුරා සෑම ප‍්‍රජාවක් තුළම පරිසර හිතකාමී හරිත නායකයින් නිර්මාණය කිරීම හා ඒ තුළින් රට පුරා මෙන්ම ලෝකය පුරා පරිසර හිතකාමී හරිත නායකයන් බිහි කිරීම මෙම වැඩසටහනෙහි අවසන් අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ Planet Green Force හි නිර්මාතෘ හරිත් වික‍්‍රම මහතා පැවසුවේ ‘‘මෙම නියමු ව්‍යාපෘතියට නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් CIC ආයතනයට අපගේ ස්තුතිය පුද කිරීමට කැමතියි. CIC වැනි සමාන අදහස් ඇති ආයතන සමඟ එක්ව කටයුතු කිරීම තුළින් පුද්ගල ප‍්‍රයත්නයන් සඳහා ඉහළ බලපෑමක් ඇති කළ හැකි බව අපි හඳුනාගෙන තිබෙනවා. මෙම සහයෝගීතාවයේදී PGF හි සංකීර්ණ ගැටළු විසඳීම සඳහා සහයෝගී ප‍්‍රයත්නයක් ලෙස CIC වෙතින් දැනුම, විශේෂඥභාවය හා සම්පත් ලබා ගැනීමට කටයුතු කරනවා. තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා වන ඒකාබද්ධ ප‍්‍රයත්නයක් තුළින් එක්ව කැපවිය යුතු බව අවබෝධ කර ගෙන ඇති අප, CIC ආයතනයත් ගෝලීය ආයතනයන් අනුව යමින් ආදර්ශමත් වෙනසක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවට විශ්වාස කරනවා’’ යනුවෙනි.

මෙම අවස්ථාවේදී වගා මලූ 500ක් සහ පෝෂ්‍යදායී එළවළු බීජ සිසුන් වෙත ලබා දීමට කටයුතු කළ ක්‍ෂක්‍ ස්ථාවර ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතාවය හේතුවන ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කිරීමටද කටයුතු කරන ලදී. එසේම පාසල් භූමියෙහි හා ගෙවතුවල පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය වගා කිරීම, කොම්පෝස්ට් යෙදීම හා වගා කිරීම පිළිබඳව ඉගෙන ගැනීමට උපකාරී වන පැළ සිටුවන බෑග් 2,500ක් සිසුන් වෙත ලබා දීමටද CIC බලාපෙරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments