Wednesday, May 15, 2024
spot_imgspot_img
HomeBiz NewsSHAKO "ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන දියත් කරයි....

SHAKO “ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන දියත් කරයි….

ශ්‍රී ලංකාවේ යතුරුපැදි හෙල්මට් හි ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛයා වන SHAKO හෙල්මට් විසින්  ආරක්ෂාව, සුව පහසුව හා විලාසිතාව යන ප්‍රධාන  අංග 3 මූලික කර ගනිමින් නව ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන ලද නව SHAKO හෙල්මට් පෙළ වෙළෙඳ පොළට හඳුන්වා දෙයි. SHAKO “ඔලුවෙන් හිතන්න” අලෙවි ප්‍රචාරණ වැඩසටහන ඔස්සේ යතුරුපැදි ධාවනයේ දී ආරක්ෂාව තහවුරු කර ගැනීමට ලාංකේය ජනතාව දැනුවත් කරයි. එසේම ආරක්ෂාකාරී හෙල්මටයක් සඳහා ඔවුනට ඇති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කටයුතු කරන SHAKO හෙල්මට්, හෙල්මට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස නැගී සිටින්නේ ඒ සඳහා වූ විශිෂ්ටත්වය හා කැපවීම පිළිබිඹු කරමිනි.

ස්ටැෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා (පුද්) සමාගම විසින් සිදු කරනු ලබන විවිධ ගුණාත්මක තත්ව පර්යේෂණ ක්‍රියාවලීන් ඔස්සේ SHAKO හෙල්මට්වල ප්‍රමිතිය තවදුරටත් තහවුරු කරයි. තවද SLS සහතිකය සමඟින් එන සෑම SHAKO හෙල්මටයක්ම නවීන තාක්ෂණයට අනුකූලව නිෂ්පාදනය කර ඇත. මාර්ගයේ විශ්වාසනීය ආරක්‍ෂාවක් සහතික කරන SHAKO හෙල්මට්වල සෑම අංගයක්ම සෑම යතුරුපැදි පදවන්නෙකුටම අසමසම ආරක්ෂාවක් සහ හිතේ නිදහසින් ධාවන කටයුතු සිදු කිරීමට ඇති හැකියාව සහතික කරනු ලබයි.

හෙල්මට් නිෂ්පාදනයේ ආරම්භක අදියරයේ සිට අවසානය තෙක් සෑම අදියරයක් කෙරෙහිම හොඳින් අවධානය යොමු කරමින් 100%ක් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් ලෙස SHAKO හෙල්මට් වෙළඳපොළට සාඩම්බරයෙන් හඳුන්වා දෙ‍යි

SHAKO හෙල්මට් හි ඇති Aero dynamic හැඩයෙන්, අධික වේගයේ දී ස්ථායිබව ඉහළ නංවමින් ධාවනයේ දී ඇති වන සුළං ප්‍රතිරෝධය අඩු කරයි. SHAKO හෙල්මටයෙහි පිටත ආවරණය ශක්තිමත් virgin ABS අමුද්‍රව්‍ය මඟින් නිපදවා ඇති අතර එමඟින් හෙල්මටයේ ආරක්‍ෂාකාරී බව ඉහළ නංවා, එය තවදුරටත් ශක්තිමත් කරන අතර එහි බර ද අඩු කරනු ලබයි.

හෙල්මටයේ ඇතුළත ඇති උසස් තත්වයේ රෙදි හා කුෂන් මඟින් ධාවකයාට සුව පහසුවක් ලබා දෙන්නේ සුළං නිසා ඇති වන ශබ්දය පාලනය කරමින් වඩාත් හොඳ ගමන් පහසුවක් සලසමිනි. මීට අමතරව, ඉහළ ඝනත්වයෙන් යුත් EPS ලයිනරය මඟින්  අනතුරක දී හිසට ඇති වන බලපෑම අවශෝෂණය කරන්නේ අසමසම ආරක්ෂාවක් ලබා දෙමිනි.

SHAKO හෙල්මට් උසස් තාක්ෂණය භාවිතයෙන් ධාවනයේ දී මාර්ගය හොඳින් පෙනීම මෙන්ම ආරක්ෂාව වැඩි දියුණු කරන අතර තෝරාගත් මාදිලි සඳහා Anti-Scratch තාක්‍ෂණය සහිත වයිසරය (VISOR) හරහා වඩාත් පැහැදිලි දර්ශනයක් සහතික කරයි.   ආසන පටි නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මඟින් සාදන ලද උසස් තත්ත්වයේ ආරක්ෂිත ගාංචු සහ පටි මඟින්  ධාවකයන්ට උපරිම ආරක්ෂාවක් ලබා දෙයි.

 ශ්‍රී ලංකාවේ හිස්වැසුම් කර්මාන්තයේ පෙරළිකාර වෙනසක් සිදු කරන SHAKO හෙල්මට්, යතුරුපැදි ධාවනයේ දී  වඩාත් ආරක්ෂාකාරී හා සුවපහසු  ගමනක් සාක්ෂාත් කර ගැනීම සඳහා SHAKO හා එක් වන ලෙස  ආරාධනා කරයි. උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මකබවින් ඉහළ SHAKO හෙල්මට් සමඟින් ගමන් පහසුව හා ආරක්ෂාව තහවුරු කරමින් යතුරුපැදි ධාවකයන් සවිබල ගැන්වීම SHAKO හී ප්‍රධානතම අරමුණයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments