Wednesday, May 15, 2024
spot_imgspot_img
HomeBiz NewsITC Ratnadipa - සුඛෝපභෝගීත්වයේ අති විශිෂ්ට වූ අයිකනය කොළඹ දී උත්කෘෂ්ඨ අයුරින්...

ITC Ratnadipa – සුඛෝපභෝගීත්වයේ අති විශිෂ්ට වූ අයිකනය කොළඹ දී උත්කෘෂ්ඨ අයුරින් විවෘත වූ වගයි….

ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ ඒකායන අරමුණ ඇතිව කොළඹ අහස වර්ණවත් කළ මිණි කැටයක් බඳු වූ, ITC Ratnadipa සුපිරි හොටල් සංකීර්ණය පසුගියදා විවෘත කරනු ලැබිණි. ITC හෝටල් සමුහයේ හි ප්‍රධානතම අයිකනය වන මෙම ITC Ratnadipa සුපිරි හොටල් සංකීර්ණය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ඉන්දියාවේ ITC Ltd හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් පූරි යන මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව පසුගියදා (25) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

මෙම සුඛෝපභෝගී ගමනාන්තය, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල් වලින් සරසාලනු ලැබූ සිත් පුබුදුවාලන ආශ්වාදජනක හැඟීමක් එක් කරන නිමැවුම් මෝස්තර සමුහයකින් නිර්මාණය කර ඇත. ITC Ratnadipa, අමුත්තන් සඳහා වූ කාමර 352 ක ගෘහස්ත කාමර (suites) හා මහල් නිවාස (apartments) වලින් සැදුම්ලත් අතර ඒ සෑම කාමරයක් සඳහාම පුද්ගලික බැල්කනි නිර්මාණය කරමින් ඈත සාගර ඉමේ මනරම් වූ දර්ශනයන් ඔබ ඉදිරියේ මවා දේ. මෙම සුවිශේෂී හෝටල් සංකීර්ණය එක් පසෙකින් ඉන්දියන් සාගර වෙරළ තීරයට සහ අනෙක් පසින් බේරේ වැවට මායිම්ව පිහිටා ඇත. ITC Ratnadipa හෝටල් සංකීර්ණයට සහ Sapphire Residences සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය යන දෙඅංශයම ඉහළ මට්ටමේ සත්කාරක සේවාවන් නිරතුරුව ලබා දෙන අලංකාර වූ ගොඩනැගිලි යුගලයකින් සමන්විත වේ. මීටර 100ක උසින් මෙම ගොඩනැගිලි ද්විත්වය එකින් එක සම්බන්ධ කරමින් නිර්මාණය කරනු ලැබූ ‘Ahasa’ හෙවත් ‘අහස් පාලම’ ගෘහනිර්මාණ ශිල්පයේ විශ්මිත වූ නිමැවුමක් වන අතර එවැනි ආකාරයේ වාණිජ ඉදිකිරීමක් මෙරටේ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ITC Ratnadipa හෝටල් සංකීර්ණය විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ITC Ltd හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ සන්ජීව් පූරි මහතා මෙසේ පැවසීය. ” ITC කියන්නේ පාරිභෝගික භාණ්ඩ, හෝටල්, කඩදාසි සහ ඇසුරුම්, කෘෂි ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ සේවා සහිතව ක්‍රියාත්මක වන ඉන්දියාවේ ප්‍රධානතම බහුවිද සමූහ ව්‍යාපාරයක්. අප සමාගම වසර ගණනාවක් පුරා, ITC හෝටල් හි ක්‍රියාත්මක දර්ශනය තුළින් කලාපයට අනන්‍ය වූ ගෘහ නිර්මාණ ශිල්පය, වටිනා සංස්කෘතිය සහ විභූතිය විදහා දැක්වෙන සුවිශේෂී දේපළ ඉදිකිරීම් ඉන්දියාව පුරා ගොඩනගා තිබෙනවා. මෙම ලෝක මට්ටමේ හෝටල් සමූහය ගෝලීය වශයෙන් පිළිගැනෙන අවේනික වූ ආහාර වර්ග හා හොඳම පන්තියේ සේවාවන් පිරිනමමින්, සුඛෝපභෝගීත්වයේ ආචාර ධර්ම සඳහා මුල් තැනක් ලබා දෙමින් වගකීම් සහිතව කටයුතු කරනවා.”

අද කොළඹදී විශිෂ්ට අයුරින් ITC Ratnadipa හෝටල් සංකීර්ණය විවෘත කිරීමට හැකි වීම පිළිබඳව අපට දැනේනේ විශාල ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ වටිනා ගෘහ නිර්මාණ ශිල්ප හා සංස්කෘතික ඉතිහාසය මූර්තිමත් කරමින්, මෙම ප්‍රමුඛ පෙළේ හෝටලය බුද්ධිමත් ව්‍යාපාරික ප්‍රජාවන්ට සහ සංචාරකයින් සඳහා අසම සම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර අත්දැකීම් පිරිනමනවා. ITC හෝටල්වල ගෝලීය වශයෙන් පිළිගත් ආහාර වර්ග ද, සුවිශේෂී වූ භෝජන සංග්‍රහ අත්දැකීම් රැසක් ඔස්සේ ITC Ratnadipa විසල් අභිමානයක් ගොඩනගා ගෙන තිබෙනවා. ITC හෝටල් සිය විවිද මුලපිරීම් තුළින් දේශීය ආහාර වර්ග ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර එවැනි මුලපිරීමක් වන ‘Local Love’ හි සූපවේදීන් විසින් ශ්‍රී ලංකාවේ පැරණි සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් සහ දේශීය ආහාර වලින් ප්‍රබෝධයක් ලබා ගැනීමට මග පෙන්වනවා. ITC යනු තිරසරත්වය සඳහා වන ගෝලීය ආදර්ශයක් වන අතර LEED Zero Carbon සහතිකය ලත් ලොව ප්‍රථම හෝටල් 12 සහ LEED Zero Water සහතිකය හිමි පළමු හෝටල් 4, ITC හෝටල් වීම ආඩම්බරයට කරුණකි. ගෝලීය මිණුම් සලකුණු සහිත පාරිසරික භාවිතයන් සමග එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සිලයේ (US Green Building Council) LEED Platinum සහතික කිරීමේ ප්‍රමිතීන් සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙම ව්‍යාපෘතිය තුළ සමාගමේ තිරසර අක්තපත්‍ර ඇතුළත් වී තිබේ.”

ITC Ratnadipa ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ වටිනා සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉතා සැලකිලිමත් අයුරින් නිර්මාණය කර ඇති ප්‍රමුඛ පෙළේ හෝටලයකි. ඒ වගේම ඒ තුළින් වර්තමානයට ගැලපෙන කල්පවත්නා අලංකාරයක් ගෙන දේ. එහි ගෘහනිර්මාණ ශිල්ප සැලසුම්, සූපශාස්ත්‍ර කලාවන් සහ කලාත්මක ප්‍රකාශනය තුළින් ශ්‍රී ලංකාවේ දේශීය සම්ප්‍රදායන් සංකේතවත් කරනු ලබයි. සංජය සෙනෙවිරත්න, ප්‍රසාද් හෙට්ටිආරච්චි, ලකී සේනානායක, ඩොමිනික් සන්සෝනි ඇතුළු ශ්‍රී ලාංකේය කලා ශිල්පීන්ගේ නිර්මාණ හැකියාවන්ගෙන් ITC Ratnadipa හෝටල් සංකීර්ණයේ පොදු ස්ථාන අලංකෘත වී තිබේ.

මෙම සුපිරි හෝටලයේ සුවිශේෂී වූ වෙන්කරගැනීමේ පහසුකම් සඳහා ITC Ratnadipa  විසින් දේශීය, ජාතික සහ ගෝලීය ආහාර පාන වල සම්ප්‍රදායන් රැගත් ඉදිරිපත් කිරීම් ලබා දෙමින් අවේණික වූ භෝජන සංග්‍රහ සහිත ගමනාන්ත 9ක් ඉදිරිපත් කරනු ලබයි. ගෝලීය වශයෙන් පිළිගත් භෝජන සංග්‍රහයක් වන්නේ Peshawri නමැති භෝජන සංග්‍රහයයි. මෙය ඇගයීමට පාත්‍ර වූ අවන්හල් සන්නාමයක් වන අතර එය ඉන්දියාවේ වයඹ දිග දේශසීමාව තුළ ශක්ති ජනක රසයන් ලබා දෙයි. Avartana, ආසියාවේ හොඳම අවන්හල් අතර, ආහාර පිසීමේ රටාව පිළිබඳ නව අර්ථකථනයක් ඉදිරිපත් කරයි. ITC Ratnadipa විසින් Indian Ocean Pavilion භෝජනාගාරය මගින් ඉන්දියන් සාගරයේ  මනස්කාන්ත වූ දර්ශනයන් මවමින් හොඳම බුෆේ තෝරාගැනීමක් සහිතව සිත් ඇදගන්නාසුළු අසම සමවූ අත්දැකීමක් ගෙන දෙයි. මෙහි අනෙකුත් ආහාර පාන වර්ග සන්නාම අතරට චීනයේ විවිධ ප්‍රදේශවල කාලානුරූපී වූ Yi Jing ආහාර වට්ටෝරු ඇතුළත් වේ. සාගර අවකාශයේ වටිනා අත්දැකීමක් ලබා දීමට නියමිතව ඇති Islander ඉතාමත් ඉක්මනින් විවෘත කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය උසස් මට්ටමේ තේ පානය කිරීමේ තේ සංස්කෘතිය සමරන Silvertips මෙන්ම, ප්‍රබෝදයෙන් යුතුව කාලය ගත කරමින් නැවුම් යුෂ සහිත පානයන් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වලින් යුත් ක්ෂේම භූමියක් Jala Anganaya මගින් පිරිනමයි. සුවිශේෂී නිර්මාණයක් වන ‘අහස් පාලමේ’ (Sky Bridge) නිර්මාණය කර ඇති bar and lounge මගින් කොළඹ නගරයේ දසුන් ඔබ වෙත ගෙන ඒමට Ahasa  අවකාශය සුදානමින් සිටියි. මෙම විශිෂ්ට ඉංජිනේරු ඉදිකිරිම අංශක 360ම දර්ශනය වන සේ මනරම් දසුන් මවමින්, ක්ෂිතිජ ඉමේ හිරු බැස යන අයුරු දකිමින් කාලය ගත කිරීමට නිර්මාණය කර ඇති කදිම ස්ථානයකි.

එමෙන්ම සූපශාස්ත්‍ර නිෂ්පාදන සඳහා දේශීය වෙළෙන්දන් සංවර්ධනය කිරීම, ආනයනය අවම කිරීම, වගකීම් සහගත මූලාශ්‍ර පිළිබඳ අපගේ මූලධර්මවලට දායක වීම සහ කාබන් පියසටහන් අවම කිරීම සඳහා ITC හොටෙල්ස් සැලකියයුතු උත්සාහයක් ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ අති විශාල වූ සංචාරක හැකියාවන් සහ අවශ්‍යතාවයන් හඳුනා ගනිමින්, ITC Ratnadipa ශ්‍රී ලංකාව තුළ MICE සහ අභ්‍යන්තර සංචාරක ආකර්ෂණයන් ඇති කර ගැනීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම අරමුණු කර ගෙන ඇත. වර්ග අඩි 40000ක් පුරා පැතිරී ඇති ITC Ratnadipa හෝටල් සංකීර්ණයේ හි පුළුල් වූ නවීන භෝජන සංග්‍රහ පහසුකම් සහ රසවත් ආහාර පාන වර්ග මේ සඳහා අර්ථවත් අයුරින් අන්තර්ගත කිරීමට පියවර ගෙන ඇත. ආයතනික රැස්වීම්, මංගල උත්සව සහ සමාජවල උත්සව පැවැත්වීම සඳහා අති නවීන භෝජන සංග්‍රහයන් වලින් සහ උත්සව අවකාශයන්ගෙන් ITC Ratnadipa හෝටල් සංකීර්ණය පරිපූර්ණය. මෙම පහසුකම් සඳහා වර්ග අඩි 15,000 ක භෝජන සංග්‍රහ අවකාශයක් සහිත සුවිශේෂී Sangam Ballroom අවකාශය සහ විස්මිත වූ එළිමහන් මංගල උත්සව සැමරීමේ Panorama Deck අවකාශය ඇතුළත් වේ.

අති විශිෂ්ට වූ ආගන්තුක සත්කාර අත්දැකීම් වලට අමතරව, බුද්ධිමත් පාරිභෝගිකබවතුන් සඳහා හොඳම පන්තියේ සුඛෝපභෝගී වාසස්ථානය මෙම ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබයි. Sky Mansions (අහස් මන්දිර) සංකල්පය දකුණු ආසියාවට හඳුන්වා දෙමින් Sapphire Residences, ITC Ratnadipa හෝටල් සංකීර්ණය යාබදව කොළඹ නගරයේ දර්ශනීයම සාගර දසුන් සහිත අති සුඛෝපභෝගී සහ අවකාශයන් සහිත මහල් නිවාස සංකීර්ණයේ විශිෂ්ට එකතුවකි. ඉන්දියන් සාගරයේ අංශක 180ක වපසරිය දර්ශනය වන සේ කොළඹ පිහිටි මෙම අසමසම වූ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය, පදිංචිකරුවන් වෙත සාගර ඉමේ දැකුම්කලු දර්ශන නිරතුරුව පිරිනමයි.

හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා වෙන්වූ සුවිශේෂී අංගනයක් නිර්මාණය කර තිබීමද මෙහි ඇති තවත් එක් විශේෂත්වයක් වනු ඇත. එය ව්‍යාපාරික වශයෙන් හෝ නිදහසේ විවේකී අත්දැකීමක් ලබා ගැනීම සඳහා හෝ  ITC රත්නදීප විසින් පුද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ පහසුකම් සඳහා ප්‍රවේශය සලසා දෙනු ලබයි.

ITC Hotels හි පුරෝගාමී වගකීම සහිත සුඛෝපභෝගීත්වයේ උරුමය රැගෙන, ITC රත්නදීප දේශගුණික ස්මාර්ට් ප්‍රවේශයට  අනුගත වෙමින් ගෝලීය වශයෙන් පාරිසරික මිණුම් මට්ටම් සහිත මානයන් නිර්මාණය කර ඇත. මෙම ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම ඉදිකිරීම් සහ අඛණ්ඩ මෙහෙයුම් හරහා තිරසර බව එක් කිරීම ITC Ratnadipa හි අරමුණහරය වේ. ආරම්භයන් සඳහා බලශක්තිය සහ ජල කාර්යක්ෂමතාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දීම, තිරසර සංවර්ධනය, ගෘහස්ථ පාරිසරික තත්ත්වයන් සහතික කරන පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය යනාදිය මීට ඇතුළත්ය.

ITC Ratnadipa හෝටල් සංකීර්ණය ITC හෝටල් සමූහයේ 16 වැනි සුඛෝපභෝගී හෝටලය ලෙස එම එකතුවේ සනිටුහන් වී ඇත. Marriott International හි ප්‍රමුඛතම ගෝලීය සන්නාමයක් වන Luxury Collection, සදා කල්හි නිධන්ගත වූ මතකයන් අවදි කරන අද්විතීය වූ සැබෑ අත්දැකීම් පිරිනමන, ලොව සුපතල හෝටල් සහ නිවාඩු නිකේතන වලින් සමන්විත වේ. Marriott International හි ඕනෑම සුඛෝපභෝගී සන්නාමයක් ශ්‍රී ලංකාව තුළට ප්‍රවේශවීම ITC Ratnadipa විසින් සනිටුහන් කරයි. Luxury Collection හෝටල් යනු, ලොව විශාලතම හෝටල් හි විශ්වසනීය වැඩසටහන වන Marriott Bonvoy හි කොටසකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments