Saturday, May 18, 2024
spot_imgspot_img
HomeBiz Newsසැම්සුන්, Ultra-High Definition රූපවාහිනී පෙළ සමඟින් පවුලේ රසවින්දනය හා සබැඳියාව අර්ථවත් කරයි...

සැම්සුන්, Ultra-High Definition රූපවාහිනී පෙළ සමඟින් පවුලේ රසවින්දනය හා සබැඳියාව අර්ථවත් කරයි …

සැම්සුන්, සිය නවතම Ultra-High Definition (UHD) රූපවාහිනී පෙළ සමඟින් නිරන්තරයෙන් වෙනස් වන පවුලේ රස වින්දනය යළි යළිත් අරුත් ගැන්වීම වෙනුවෙන් පෙරමුණ ගෙන ඇත. නිවසේ ආලින්දයට පවුලේ එකමුතුකම සමඟින් සතුට රැගෙන එන සැම්සුන් Ultra-High Definition (UHD) රූපවාහිනී නිෂ්පාදන පෙළ ඔවුන් සියලු දෙනා වෙත මින් පෙර අත් නොවිඳි අසමසම අත්දැකීමක් ගෙන ඒමට සමත්ව සිටියි.

විශේෂයෙන් පවුලේ සාමාජිකයින් අතර පවතින එකිනෙකාට වෙනස් සියලු රස වින්දනයන් සපුරාලීම වෙනුවෙන් කටයුතු කරමින් ඊට අවශ්‍ය නව්‍ය විසඳුම් හඳුන්වා දීමට සැම්සුන් නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. එහි තවත් සුවිශේෂී පියවරක් ලෙස සඳහන් කළ හැකි සැම්සුන් Ultra-High Definition රූපවාහිනී සිය අත්දැකීම් බෙදා හදා ගැනීමේ අවස්ථාව පවුලේ සාමාජිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත්තේ ආකර්ෂණීය රූප රටාවන් මෙන්ම දුර ඈත සිටින ආදරණීයයන්ගේ රුවද ඔවුන් ඉදිරියට ගෙන එමිනි.

වත්මන් ආර්ථිකය තුළ වෘත්තීය අවශ්‍යතාවයන් වෙනුවෙන් පවුලේ ආදරණීයයන්ගෙන් තාවකාලික ඈත්ව වෘත්තීය කටයුතුවල නියැලීමට සිදුව ඇති බව රහසක් නොවේ. ශාරීරික වශයෙන් කෙතරම් දුරස් වුවද ආදරණීයයන් සමඟ ඇති බැඳීම හා පවුල් සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීමේ අවස්ථාව සැම්සුන් UHD රූපවාහිනී නිෂ්පාදන පෙළ හිමි කර දෙයි. කාර්ය බහුල ජීවිතය තුළ නිරෝගී, සන්සුන් මනසක් පවත්වාගෙන යාම වෙනුවෙන් පරිශීලකයා දිරිමත් කරන මෙම රූපවාහිනී නිෂ්පාදනයන් ඔවුන්ගේ විඩාව සංසිඳුවීමට මෙන්ම වෘත්තීය ජීවිතය සඳහා අවැසි පහසුකම් සලසා දීමටද සමත්ව සිටියි. අවශ්‍යතාවයන් වෙනුවෙන් විටෙක පුද්ගලික පරිගණකයක් බවට පත් කර ගත හැකි සැම්සුන් Ultra-High Definition රූපවාහිනී අත්දැකීමක් ලබා දීමට අමතරව Microsoft Office යෙදුම් වෙත මෙන්ම ඊමේල් වෙත පිවිසීමේ පහසුකමද උදා කර දෙන්නේ වෘත්තීය අවශ්‍යතාවන් මෙන්ම පවුලේ සබැඳියාවද එකසේ පවත්වා ගෙන යාමේ අවස්ථාව පරිශීලකයින් වෙත උදා කර දෙමිනි.

තවද මෙම සබඳතාවන්හි ශක්තිය තව තවත් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සුපැහැදිලි වීඩියෝ ඇමතුම් සඳහා Google Meet වෙත පිවිසීමේ අවස්ථාවද හිමි කර දීම මෙහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය. මෙතෙක් නිවසේ ආලින්දයේ රූපවාහිනිය වටා රොක් වූ පවුල් සමාජිකයින් නව්‍ය තාක්ෂණය තුළින් ඕනෑම ස්ථානය සිට සම්බන්ධ කරගනිමින් රසවින්දනය සමඟ සඅහදත්වය බෙදා හදා ගැනීමේ සුවිසල් අවස්ථාව උදා කර දීමට සැම්සුන් Ultra-High Definition රූපවාහිනී සමත්ව ඇත්තේ සාම්ප්‍රදායකි රූපවාහිනී නිෂ්පාදනයක කාර්ය භාරය උඩුයටිකුරු කරමිනි. ඒ නිසාම සැම්සුන් Ultra-High Definition රූපවාහිනී නිෂ්පාදන හරහා මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිතයන්ට ඉමහත් පහසුවක් මෙන්ම රසවත් හෙට දවසක් උදා කරනු ඇත්තේ ඔවුන්ගේ ආදරණීය මතකයන් හා ප්‍රීතිජනක හමුවීම් යළි යළිත් දෙනෙත් අභියසට ගෙන එමිනි.

සබඳතාවන් ඒ ආකරයෙන් ශක්තිමත් වන විට පුද්ගලික රස වින්දනය තුළද මෙතෙක් අත් නොවිඳි අත්දැකීමක් පරිශීලකයා වෙත එක් කිරීමට සැම්සුන් Ultra-High Definition සුදානමින් සිටියි. චිත්‍රපටයක් නැරඹීමේදී සිනමාශාලාවක අත්දැකීම් පරිශීලකයා වෙත ගෙන එන එය, ක්‍රීඩා තරඟයන් නැරඹීමේදී කීඩාහීලී හැඟීමක් ජනිත කිරීමට සමත්වන්නේ පරිශීලයාට ක්‍රීඩා පිටියේ සිට තරඟ නරඹන ආකාරයේ හැඟීමක් එක් කරමිනි. එහි ඇති crystal-clear රූප රාමු හා ආකර්ෂණීය ශබ්ද රටාවන් ඔවුන් වෙත තවත් අසමසම අත්දැකීමක් එක් කිරීමට සමත් වනු නිසැකය.

සැම්සුන් Ultra-High Definition යනු හුදෙක් රූපවාහිනී නිෂ්පාදනයක් පමණක් නොවේ. නිවසේ ආලින්දයට අලංකාර පෙනුමක් එක් කරමින් පවුලේ සියලු දෙනාගේ රසාස්වාදය අරුත් ගන්වන එය ඔබ කොතැනක සිටියත් පවුලේ සාමාජිකයන් සමඟ ආදරය බෙදා හදා ගැනීමේ අවස්ථාවද උදාකර දෙන්නේ ඒනිසාමය. තවද වෘත්තීය ජීවිතය තුළ පවා ඔබට අවශ්‍ය පහසුකම් රැසක් ඒ තුළින් සපුරා ගැනීමට හැකිවීම ඔබට තවත් අස්වැසිල්ලක් වනු නිසැකය.

නිරන්තරයෙන් පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලෙස ජංගම දුරකතන, රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු විශිෂ්ට ඉලෙක්ටොනික නිෂ්පාදන රැසක් ලොවට දායාද කිරීමට කටයුතු කර ඇති සැම්සුන් හඳුන්වා දී ඇති QLED සහ HD/FHD රූපවාහිනී නිෂ්පාදනයන් ද රූපවාහිනී කර්මාන්තයේ නව ප්‍රමිතීන් සකස් කිරීමට කටයුතු කර ඇත්තේ පරිශීලකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමිනි.

වසර 18ක් පුරා ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා වන සැම්සුන් හි සියලු නිෂ්පාදන මෙරට බලයලත් අලෙවි නියෝජිකයින් වන සිංහගිරි, සිංගර්, සොෆ්ට්ලොජික් සහ දම්රෝ ප්‍රදර්ශනාගාරයන්ගෙන් ලබා ගත හැකි අතර සැම්සුන් UHD රූපවාහිනී නිෂ්පාදන රු.226,999/- සිට එහිදී ලබා ගත හැකියි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments