Saturday, May 18, 2024
spot_imgspot_img
HomeBiz Newsඅභියෝග හමුවේ නොසැලී දැනුම තුළින් ජයග්‍රහණය සොයා යන්නට දිරි දුන් 17 වසරක...

අභියෝග හමුවේ නොසැලී දැනුම තුළින් ජයග්‍රහණය සොයා යන්නට දිරි දුන් 17 වසරක MAS Eco Go Beyond අභිමානය ..

ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතයේ බලපෑමත් ඉන් ඉතා කෙටි කලකට පසු ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වූ බව නොරහසකි. ඒ ගිනිදැල් තවමත් නිවී ගොස් නැති තත්වයක් තුළ වසර ගණනාවක සිට මුහුණ දීමට සිදුවී ඇති දේශගුණික හා කාලගුණික විපර්යාසයන් මෙන්ම අධික උෂ්ණත්වය වැනි සංකීර්ණ තත්වයන්ටද ශ්‍රී ලාංකිකයින්ට මුහුණ දීමට සිදුව තිබීම අභියෝගය තවත් උත්සන්න කිරීමට හේතු වී ඇත. ලොව දේශගුණික විපර්යාසයන්ට වඩාත් අවදානමට ලක් විය හැකි 2017 ND-GAIN දර්ශකයේ රටවල් 180ක ලැයිස්තුවේ 100 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පැමිණීම එම තත්වයෙහි සංකීර්ණ බව තව තවත් ඉහළ දමන්නකි. මෙම තත්වය දිනෙන් දින ඉහළ යමින් 2050 වන විට ශ්‍රී ලංකාවට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%ක් දැනට පුරෝකතනය කර ඇත.

රට තුළ සමස්ත රැකියා උත්පාදනයෙන් 30%ක පමණ කොටසකට හිමිකම් කියන ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකයට මෙන්ම ජීවනෝපායන්ටද එම ස්වභාවික තර්ජනයන් සුවිසල් බලපෑමක් එල්ල කරන්නේ ශ්‍රී ලංකා වාසීන්ගේ  අනාගතයද අවදානමේ හෙලමිනි. මේ තත්වය අවම කිරී වෙනුවෙන් ගෝලීය වශයෙන් සියලු ගෝලීය ක්‍රියාකාරී ආයතන හා සංවිධානයන් විසින් ගනු ලබන උත්සාහයන් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව මනාව පෙනී යන්නේ පසුගිය මාස 12ක කාලය තුළ ප්‍රථම වරට සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය 2015 පැරිස් ගිවිසුමේ දක්වා ඇති සෙල්සියස් අංශක 1.5 ගෝලීය උෂ්ණවය ඉහළ යාමේ සීමාවට වඩා ඉහළින් පැවතීම හේතුවෙනි.

තරුණයන් මූලික කරගත් නව්‍ය වැඩපිළිවෙලක්

කාලගුණ හා දේශගුණ අර්බුදයේ බලපෑම දිනෙන් දින ඉහළ යන බව දැන් හොඳින්ම පැහැදිලිය. එහෙයින් ඒ වෙනුවෙන් තිරසාර පියවරයන් ගැනීම අතිශය වැදගත්ය. එහිදී වැදගත්ම පියවර වන්නේ දැනුම, මෙවලම් හා හැකියාවන්ගෙන් සපිරි ශ්‍රී ලාංකේය තරුණ පිරිසක් බල ගැන්වීමයි. එහිදී ජාතික අධ්‍යාපන ක්‍රමයද සකස් විය යුතුය. වේගයෙන් වෙනස් වන දේශගුණයකට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් වෙනස් වන දේශගුණයන් හමුවේ ශක්තිමත්ව සිටීමේ ආර්ථික, සමාජ සම්බන්ධතා සඳහා පාසල් සිසුන් සූදානම් කිරීමට කටයුතු කිරීම මෙහිදී කාලෝචිත වේ.

මේ සම්බන්ධයෙන් MAS Holdings හි සමාජ තිරසාරත්ව ප්‍රධානී අමන්ති පෙරේරා මහත්මිය සඳහන් කර සිටියේ මෙසේයි. “දිනෙන් දින ඉහළ යමින් පවතින පාරිසරික හා දේශගුණික අභියෝගවලට එරෙහිව සටන් කිරීම වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් අප මෙතෙක් කරගෙන ආ සාම්ප්‍රදායික ක්‍රමයන් තව දුරටත් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව දැකිය හැකියි. අපගේ තරුණ පරම්පරාව සතුව ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව හා ප්‍රජාවන්ගේ තිරසාරභාවය වෙනුවෙන් අලුත් අදහස් හා නව විසඳුම් තිබෙනවා. තිරසාරභාවය පිළිබඳ අවබෝධ කර ගැනීම යනු දැනුම ලබා දීම පමණක් නොව පවතින ගැටළු විසඳීම වෙනුවෙන් නිර්මාණශීලීත්වය හා ඔරොත්තු දීමේ හැකියාව සමඟ කුසලතා සපිරි තරුණ ප්‍රජාවක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමක් ලෙස අප විශ්වාස කරනවා.” යනුවෙනි.

පාරිසරික හා සමාජීය ගැටළු සමඟින් අප මුහුණ දෙන සැබෑ ගැටළු ඒකාබද්ධ කිරීමේ මෙම සුවිශේෂී පරතරය අපගේ MAS Eco Go Beyond (EGB) වැඩසටහන ආරම්භ කිරීමට හේතු වුණා. තරුණ මනස තිරසාර අධ්‍යපානය සමඟ සම්බන්ධ කිරීම තුළින් ඔවුන්ව අනාගත අභියෝග සඳහා සූදානම් කිරීමට පමණක් නොව අනාගතයේ මුහුණ දීමට සිදුවන සියලු දේශගුණික විපර්යාසයන් අවම කිරීමේ හා ඊට අනුවර්තනය වීමේ වැඩසටහන් ආරම්භය සඳහා තාරුණ්‍යයේ වටිනා අදහස් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වනවා. ඒ සඳහා හොඳම ස්ථානය වන්නේ පන්ති කාමරය බව අපගේ හැඟීමයි.” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

සංවර්ධනය උදෙසා තිරසර සැලසුමක්

වර්තමානයේ ආයතනික වශයෙන් ක්‍රියාත්මක පාරිසරික, සමාජ, පාලන ප්‍රමිතීන් හා වඩා හොඳ භාවිතයන් පිළිබඳ සංකල්පයන් හඳුන්වා දීමට පෙර 2006 වසරේදී පමණ Eco Go Beyond වැඩසටහන දියත් කරන ලදී. ආරම්භයේ සිටම අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් තිරසාරත්වය හා පාරිසරික හා සමාජ වගකීම් අන්තරගත කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගත් මෙම දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ලැබීය. ඒ වසර 17කට පසුව සැලසුම් සහගත තිරසාර අධ්‍යාපනය සම්බන්ධයෙන් යහපත් ප්‍රතඵල හිමිකර දීමේ පුරෝගාමී හවුල්කාරීත්වයක් වෙනුවෙන් ගෝලීය ඇඟලුම්-තාක්ෂණ සමූහය ශ්‍රී ලංකා රජය සමඟ ඍජුවම සම්බන්ධ කරමිනි.

තිරසාර අධ්‍යාපනය දේශීය වටිනාකම් හා සංස්කෘතිය සමඟ සම්බන්ධ කිරීම, එය රට පුරා සිසුන්ට ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත් කිරීම යන අදහසින් එය ආරම්භ විය. සංකීර්ණ පාරිසරික හා සමාජ ගැටළු අවම කිරීමට උපකාරී වී ඇති මෙම වැඩසටහන සිසුන්ට නවෝත්පාදන බිහි කිරීමට හා ප්‍රජාවන් අතර නායකත්වය ගැනීමට අවස්ථාව උදා කර දී ඇත. වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක Eco Go Beyond වැඩසටහන විවිධ තරඟ, සම්මාන වැඩසටහන් හා ප්‍රජා ව්‍යාපෘති සමඟ සුවිසල් වැඩසටහනක් බවට පත්ව ඇත්තේ පන්ති කාමරයෙන් ඔබ්බට නව්‍ය විසඳුම් ගෙන යාමේ ශක්තිය සිසු සිසුවියන් වෙත ලබා දෙමිනි.

තවද MAS කණ්ඩායම මෙන්ම පාසල පිහිටි ප්‍රදේශයේ ජනතාව සහ Eco Go Beyond සිසුන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ මනා සබඳතාවක් ගොඩනැංවීම තුළින් විෂය නිර්දේශයට අමතර ශක්තියක් එක් කිරීමට මෙම වැඩසටහන සමත්ව ඇත.

Eco Go Beyond හි සාර්ථකත්වය වෙනුවෙන් සිසුන්, පාසල් හා ප්‍රජාවන් සමඟ කටයුතු කිරීම ඉතා වැදගත් වන බව MAS Holdings හි සමාජ තිරසාරත්ව ප්‍රධානී අමන්ති පෙරේරා මහත්මියගේ අදහසයි. ඇය සඳහන් කර සිටියේ මේ ආකරයේ වැඩසටහනක් සංවිධානය කිරීම සඳහා පාසලක් තෝරා ගැනීමේදී එම පාසලේ බලධාරින්ගේ අදහස් හා කැපවීම පිළිබඳව මුලින්ම සොයා බලන බවයි. වැඩසටහන පාසල තුළ ආරම්භ කිරීමෙන් පසු අඛණ්ඩ අධීක්ෂණ හා ඇගයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ සිසුන්ට ඔවුන්ගේම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ ඉඩ හසර විවර කරමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments