Monday, May 20, 2024
spot_imgspot_img
HomeBiz Newsඑක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පාර්ශවකරුවකු...

එක්සත් ජාතීන්ගේ සම්මානලාභී පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පාර්ශවකරුවකු වේ …

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමයේ (WNPS) ප්‍රමුඛතම හවුල්කරුවකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කටයුතු කරයි.  මෙම කඩොලාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදු කළ සාමූහික ප්‍රයත්නයන් අගයමින්  2024 වසර සඳහා ශ්‍රී ලංකාවට පිරිනමන ලද UN Decade of Restoration සම්මානයෙන් පිදුම් ලබමින් ගෞරවයට පාත්‍ර වූ පාර්ශවකරුවන් අතරට එක් වීම පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සතුට පළ කරයි.

වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) විසින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙත 2021 වසරේ දී යොමු කළ ආරාධනාවකට ප්‍රතිචාර දක්වමින්,  දංකොටුව හේමාස් නිෂ්පාදන ස්ථානය ආසන්නයේ පවතින තෝරා ගත් කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම හේමාස් විසින් අවබෝධ කර ගන්නා ලදී. ජෛව විවිධත්වය සංරක්ෂණය, වෙරළ සංරක්ෂණය සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන පාරිසරික වගකීම් සමුදායක් ඉටු කරමින් පරිසරය සංරක්ෂණය සඳහා කඩොලාන පරිසර පද්ධති සිදු කරන වටිනා කාර්යභාරය හේමාස් විසින් තව දුරටත් අවබෝධ කර ගන්නා ලදී.

මෙම ගෞරව සම්මානය පිළිබඳව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්‍යක්ෂිකා, සබ්‍රිනා එසුෆලි, “හේමාස් විසින් පරිසර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. එම මෙහෙවර අගයමින් 2024  වසර සඳහා UN Decade of Restoration  සම්මානයෙන් හේමාස් හි අපි පිදුම් ලැබීම අපට මහත් ගෞරවයක්. පරිසර අමාත්‍යංශය සහ WNPS සමඟ අත්වැල් බැඳ ගනිමින් සාමුහිකව එක්ව නැගී සිටිමින් අනාගත පරපුර උදෙසා අපගේ පරිසර පද්ධතියට වන බලපෑම අවම කිරීම සහ ස්වභාවික උරුමය ආරක්ෂා කිරීමට දරන උත්සාහය හා කැපකිරීම පරිසරයේ සැබෑ යහපත් වෙනසක් ඇති කිරීමට සමත් වී තිබෙන බව අපට මහත් ආඩම්බරයක්.” යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දැක්වීය.

ජෛව පද්ධතියේ වැදගත් අංගයක් වන කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම ඉතා ඉහළ වන නමුත්, වසර ගණනාවක් පුරා මෙම පරිසර පද්ධතිය බැරෑරුම් ලෙස අවදානමට ලක්ව තිබේ. වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් මෙම තත්වය වටහා ගනිමින්, කඩොලාන නැවත යථා තත්වයට පත් කිරීම සඳහා සිය සම්පත්, විශේෂඥ දැනුම හා ශ්‍රම ශක්තියෙන් ඇප කැප වී කටයුතු කළේය.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ධීවර  අධ්‍යයන අංශයේ  ප්‍රධානී, මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි, “UN Decade Restoration සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් හේමාස් විසින් සිදු කළ කාර්යභාරය අගය කළ යුතුයි. මෙම ව්‍යාපෘතියට සහය ලබා දුන් මූලිකම ආයතන අතර හේමාස් ආයතනය ද සිටිනවා. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වූවත්  ඔවුන් සිය සහයෝගය හා කැපකිරීම අඛණ්ඩව ලබා දීම මෙම ව්‍යාපෘතිය විශ්වාසයෙන් ඉදිරියටම රැගෙන යාමේ හැකියාව අපට ලබා දුන්නා.” යනුවෙන් පැවසීය.

මෙම ව්‍යාපෘතිය විද්‍යාත්මක පර්යේෂණ හා අවබෝධය ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර කර ගනිමින් විද්‍යාත්මක ගවේෂණය, විශ්ලේෂණය සහ පරිසර පද්ධතියේ මිනුම් සඳහා සැළකිය යුතු ප්‍රමාණයක අරමුදලක් ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වීම කඩොලාන ආරක්ෂා කර ගැනීම සඳහා ගත් සැබෑම  උත්සාහයක් බව  මෙමඟින් සනාථ කරයි. එසේම,  අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රජා සහභාගීත්ව මුලපිරීම් හරහා අවට සිටින ප්‍රජාව තම ස්වභාවික පරිසරයේ භාරකරුවන් බවට පත්වීමට ඔවුන්ව සවිබල ගැන්වීම ද හේමාස් විසින් සිදු කරනු ලබයි.

ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව පිළිබඳව සාක්ෂි දරයි. සෑම දෙනාම පොදු අරමුණක් වෙනුවෙන්  එකට එක්ව ක්‍රියා කිරීමේ දී අර්ථවත් වෙනසක් සිදු කිරීමට මෙන් ම  බරපතල පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව පවා ඇති බව   WNPS හි පුරෝගාමී හවුල්කරු වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්,  ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණය යටතේ ඇති අනෙක් පාර්ශවකරුවන්, පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන මේ සියලු දෙනාගේ සහයෝගීතාව  තුළින් පෙන්වා දෙයි. සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස, හේමාස් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ 50කට අධික ප්‍රමාණයක් ආරක්ෂා කිරීමේ තවත් ප්‍රධාන වැඩසටහනක් සඳහා WNPS සමඟ එක් වී ඇත. මිහිතලය සහ එහි වැසියන්  පිළිබඳ දැඩි හැඟීමෙන් පාරිසරික සංරක්ෂණය සහ භාරකාරත්වය සඳහා සිය ප්‍රයන්තයන් අඛණ්ඩව කරගෙන යාමට හේමාස් තවමත් කැප වී සිටීයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments