Monday, May 20, 2024
spot_imgspot_img
HomeBiz Newsනව්‍ය විසඳුම් තුළින් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පවුල්...

නව්‍ය විසඳුම් තුළින් වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් පවුල් සවිබල ගන්වයි..

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අභියෝගාත්මක ආර්ථික තත්වයන් හමුවේ 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිය නිෂ්පාදන කාණ්ඩයන් ඔස්සේ ආයතනයේ සමාජ වගකීම අඛණ්ඩව ඉටු කරමිනි. 60 වසරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පෞද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා ලෙස පවුල් සවිබල ගැන්වීම සඳහා අවධානය යොමු කරමින් නව්‍ය විසඳුම් සැපයීම තුළින් සිය සන්නාමයන් ශ්‍රී ලංකාවේ විශ්වසනීය ගෘහ සත්කාර නාමයන් ලෙස ස්ථාපිත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සෑම සන්නාමයක්ම එහි අරමුණ මත පදනම් වූ මුලපිරීම් මතින් දිවයින පුරා සිටින තම පාරිභෝගිකයින්ගේ සහ ප්‍රජාවන් දහස් ගණනකගේ ජීවිත සවිබල ගන්වමින් ඉදිරියට ගමන් කරයි. ශ්‍රී ලංකාවේ අංක 01, ළදරු සත්කාර සන්නාමය වන බේබි ෂෙරමි,ළදරුවන් සඳහා සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීමේ මඟ ගමන් කරයි. එසේම ඉලක්කගත මාපිය අධ්‍යාපනික වැඩසටහන් හා සහයෝගී මාපිය අධ්‍යාපනික වැඩසටහන් ඔස්සේ සෘජුව හා වක්‍රීයව දෙමාපියන් 6,980ක් සහ 20,000 අධික දෙමව්පියන් වෙත ළඟා වී ඇත. ළදරුවන් සිය උපතේ පටන් සුරක්ෂිත පුද්ගලික සනීපාරක්ෂක හා පුද්ගලික සේදුම් නිෂ්පාදන ලබා ගැනීම සහතික කිරීම සඳහා  අලුත උපන් දරුවන් හට බේබි ෂෙරමි ත්‍යාග ඇසුරුම් 11,313කට දිවයින පුරා සිටින නව මව්වරුන් වෙත බෙදා දෙන ලදී. බේබි ෂෙරමි ශ්‍රී ලංකා ප්‍රජා  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ  සහ ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය  හා  එක්ව නිර්මාණය කල පුංචි පැටියාට සුරක්ෂිත නිවහනක් කෘතිය බෙදා හැරීමෙන් ළදරුවන්ට සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමට ඔවුන්ගේ කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන ගොස් ඇත. මෙම පොත් පිංච බේබි ෂෙරමි වෙබ් අඩවියෙන් නොමිලේ බාගත කිරීමට හැකි අතර, එය මේ වන විට දෙමාපියන් 1,680 වෙත ළඟා වී ඇත. එහි ළමා ආරක්ෂණ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්  බේබි ෂෙරමි විසින් මුල් ළමාවිය සංවර්ධන ලේකම් කාර්යාලයේ නිළධාරීන් (ECCD) නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු නිලධාරීන් 1,000 දෙනෙකු පුහුණු කරන ලදී. මීට අමතරව, බේබි ෂෙරමි  ‘Safety Institute Expert Live’ ඔන්ලයින් මාපිය අධ්‍යාපන වැඩසටහනක් Baby Cheramy Safety Institute Co-creation මධ්‍යස්ථානය සමඟ දියත් කරන ලදී.

තවද, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සැබෑම  ශ්‍රී ලාංකේය හිසකෙස් සත්කාර සන්නාමය වන කුමාරිකා, රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් පළඳනා සඳහා වැඩි වන අවශ්‍යතාව හඳුනා ගනිමින් ඒ සඳහා පිළියම් ලෙස ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග ක‍රමින් ඔවුනට සහය වීම සඳහා කුමාරිකා සොඳුරු දිරියවන්තී ජාතික වැඩසටහන දියත් කරන ලදී.  රසායනික චිකිත්සාවේ ප්‍රතිඵලයක් ලෙස තම හිසකෙස් කැප කිරීමට සිදු වූ ධෛර්ය සම්පන්න කාන්තාවන් හට මෙම වැඩසටහන ඔස්සේ පසුගිය වසර තුළ ස්වභාවික හිසකෙස් පළඳනා 1800+ක් පරිත්‍යාග කර ඇත. හිසකෙස් පළඳනා සඳහා   වර්තමානයේ පවතින අවශ්‍යතාවයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මෙමඟින් සපුරන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් මෙම කාන්තාවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තිය සොයා ගැනීම තුළින් සෞඛ්‍ය සටනට ශක්තිමත්ව මුහුණ දීමට ඔවුන්ව දිරිමත් කරයි.

යහපත් මුඛ සෞඛ්‍යය පුද්ගලයන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මේ තීරණාත්මක අංගයකි. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි පුද්ගලික සත්කාර අශයේ, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාර්ඩ්, දන්ත සායන 16ක් සහ පුද්ගලයන් 5,993 දෙනෙකු සඳහා දැනුවත් කිරීමේ සැසි,  පුද්ගලයින් 5,820 දෙනෙකු සඳහා දන්ත පරීක්ෂාවන් සහ පුද්ගලයන් 2,152 දෙනෙකුගේ දන්ත සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සඳහා දන්ත ප්‍රතිකාර ද ලබා දීමට කටයුතු කර ඇත.

දීවා කාර්යබහුල කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරවන සහ ඔවුන්ව ආඩම්බරයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව පවුලේ සුභසෙත වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ සලසන නූතන කාන්තාවන්ගේ හොඳම තේරීමයි. 2023/2024 වර්ෂවල දී, රෙදි සේදුම් අංශයේ වඩාත් පහසුම රෙදි සේදුම් පිළියම වන දීවා විසින් දීවා දෑතට දිරියක් පුහුණු සැසි සහ සම්මාන ප්‍රදානෝත්සව 2023/2024 වර්ෂවල දී ගාල්ල, දන්කොටුව සහ වැලිමඩ පවත්වන ලදී. මෙම පුහුණු තුළින් ව්‍යවසායිකාවන් 175 දෙනෙකු හට Women In Management (WIM) සමඟ සහයෝගීව කටයුතු කිරීමේ අවස්ථාව ලැබිණි.  මෙම ව්‍යවසායිකාවන් හට “දිරිය ශ්‍රම බලකායේ” අවුරුදු පොළ යටතේ කොළඹ හා දන්කොටුවෙහි දී තම නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි කිරීමට අවස්ථාව සැලසිණි.

වසර 20කට වැඩි ගමන්මඟක් සතු, කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems විවිධ ප්‍රජා සහයක ක්‍රියාකාරකම් ඔස්සේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.  ‘H.E.R. පදනම” (සහය වීම, සවිබල ගැන්වීම හා හඳුනා ගැනීම) හරහා කාන්තාවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් Fems සිය මෙහෙයුම් සිදු කරයි. මෙම වැඩසටහන තුළින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් 85,500කට වැඩි සංඛ්‍යාවක්  සවිබල ගන්වා ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැණු ළමුන් සනීපාරක්ෂක පුරුදු හා සම්බන්ධ අධ්‍යාපනයේ සිට සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශය ඉහළ නැංවීම සම්බන්ධ අභියෝගයන්ට විසඳුම් සම්පාදනය හා ඔවුන්ගේ නොනවතින ගමන දිරි ගැන්වීම වෙනුවෙන් Fems කැපවී සිටියි. මෙම වසරේ Fems සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් සබරගමුව පළාතේ පාසල් 07ක සමස්ත සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඇගලුම් නිෂ්පාදකයෙක් වන Teejay Lanka සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

2023 වසරේ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී Top 50 Global Professional & Career Women Awards 2023, වසරේ කාන්තාවන් ප්‍රමුඛ කර ගනිමින් සිදු කළ හොඳම ප්‍රජා ව්‍යාපෘතිය ලෙස Fems AYA, වසරේ හොඳම ආයතනික සමාජ වගකීම් (CSR) සන්නාමය සඳහා SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානය සහ හේමාස් Value Awards 2023 හි දී, ESG Social Award යන සම්මාන රැසක් දිනා ගනිමින් Fems විසින් 2023/24 සාර්ථකත්වය තහවුරු කරන ලදී.

ශ්‍රී ලංකාවේ හොඳම සන්නාම අතරින් වඩාත් හොඳම සන්නාමයන් ලෙස හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් පිළිඹිබු කරන මෙම පිළිගැනීම මඟින් ජීවත් වීමට වඩාත් හොඳ හෙට දිනක් සඳහා නව්‍ය විසඳුම් තුළින් පවුල් සවිබල ගැන්වීමේ සිය අරමුණ ඔවුන් සැබෑ කරගෙන ඇති ආකාරය පෙන්වා දෙයි. මෙම අරමුණ සමඟ යමින් හේමාස් සමූහය ඒ මත පදනම් වූ ඉලක්ක සහ වටිනාකම් සඳහා ස්ථීර කැපවීමෙන් සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments