Thursday, May 16, 2024
spot_imgspot_img
HomeBiz Newsසෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo 2024 ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදෙයි...

සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo 2024 ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදෙයි…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් International Industry Expo ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී. International Industry Expo 2024 ප්‍රදර්ශනය 2024 ජූනි මස 19 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ය.

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වන සෙලාන් බැංකුව මෙලෙස International Industry Expo 2024 ප්‍රදර්ශනයට අනුග්‍රහය ලබාදීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව යහපත් ආර්ථික පරිවර්තනයක් හමුවේ සිටින මේ මොහොතේ රටේ ව්‍යාපාරවල දියුණුව වෙනුවෙන් උරදීමට සෙලාන් බැංකුව සූදානමින් සිටින අතර, එමගින් රටේ සෞභාග්‍යය උදාකරලීමට හැකිවනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි.

International Industry Expo ප්‍රදර්ශනය යනු කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට වැදගත් වන අදහස්, දැනුම හා විසඳුම් හුවමාරු කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. තාක්ෂණ විශේෂඥයන්, වාණිජ මණ්ඩලවල නියෝජිතයන්, විවිධ සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත හා වාණිජ ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන මෙම ප්‍රදර්ශනය, රටේ ආර්ථික පරිවර්තනය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී සෙලාන් බැංකුව, රටේ කර්මාන්තකරුවන්, අපනයනකරුවන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති මූල්‍ය සේවාවන් සඳහා විශ්වාසනීය අතරමැදියෙකු ලෙස කටයුතු කරනු ඇත. ඒ ඔස්සේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය හා තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් රටේ ආර්ථික සෞභාග්‍යයට දායක වීමට හැකිවනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාස කරයි.

International Industry Expo 2024 ප්‍රදර්ශනය, රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සහ එහි දියුණුව කෙරෙහි උනන්දුවක් දක්වන සියලුම දෙනා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු ප්‍රදර්ශනයක් ලෙස සැලකේ. ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය අතරතුර සෙලාන් බැංකුවේ ප්‍රදර්ශන කුටිය වෙත පැමිණ, බැංකුව පිරිනමන මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා ලෙසත්, හවුල්කාරීත්ව අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් සෙලාන් බැංකුව සියලුම දෙනාට ආරාධනා කර සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments