සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.
‘Connecting the Possibilities’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද සෙලාන් බැංකුවේ වාර්ෂික වාර්තාව, විනිවිදභාවය සහ වගවීම යන මූලික ගුණාංග ඒකාබද්ධ කරමින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වර්ධනයක් ළඟා කරදීම හා ධනය උත්පාදනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකරයි. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සෙලාන් බැංකුවේ මූලික ඉලක්කය වන්නේ, තම පාර්ශ්වකරුවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු අතරම පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින්, ප්‍රජා සත්කාර ඔස්සේ තමන් සිදුකරන සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම ය.
වාර්ෂිකව පැවැත්වෙන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී, වගවීම හා විනිවිදභාවය සම්බන්ධ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ. තිරසාර වාර්තාකරණය යනු, වර්තමානයේදී සුවිශාල වැදගත්කමකින් යුත් තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals – SDGs) ළඟා කරගැනීම සඳහා වැදගත්වන ප්‍රධානතම සාධකයකි. වරලත් සහතිකලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානය කරනු ලබන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙළේ නිර්ණායක ගෝලීය වශයෙන් සැලසුම් කර ඇත්තේ වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමට ලක්කිරීම ඉලක්ක කරගෙන ය. එමෙන්ම එය තිරසාරත්ව වාර්තාකරණය සම්බන්ධ ‘Global Reporting Initiative’ (GRI) මාර්ගෝපදේශ වලට ද අනුකූල වේ.