Wednesday, February 1, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකනව ප‍්‍රදර්ශනාගාර 3 ක් සමග DSI දීපව්‍යාප්ත ප‍්‍රදර්ශනාගාර ජාලය පුළුල් කෙරේ.

නව ප‍්‍රදර්ශනාගාර 3 ක් සමග DSI දීපව්‍යාප්ත ප‍්‍රදර්ශනාගාර ජාලය පුළුල් කෙරේ.

සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති කාලයක වුවද නව ප‍්‍රදර්ශනාගාර 3 ක් විවෘත කරමින් තම දීපව්‍යාප්ත ප‍්‍රදර්ශනාගාර ජාලය ශක්තිමත් කරන්නට DSI කටයුතු කොට ඇත. කහවත්ත, අකුරැස්ස සහ චාවකච්චේරි නගර කේන්ද්‍ර කරගනිමින් විවෘත වූ එම DSI ප‍්‍රදර්ශනාගාර 3 වෙතින් ඒ ඒ ප‍්‍රදේශයන්ගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව DSI නිෂ්පාදන දැන් මිලදීගත හැකිය. පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවය මෙන්ම පාරිභෝගික කේන්ද්‍රීය සුහද සේවා සංස්කෘතිය පිළිබඳ කීර්තිමත් DSI පාරිභෝගික සේවාව නව ප‍්‍රදර්ශනාගාර 3 වෙතින්ද ජනතාව වෙත සමීප කෙරේ.

කහවත්ත, අකුරැස්ස සහ චාවකච්චේරි කේන්ද්‍ර කරගනිමින් විවෘත වූ නව DSI ප‍්‍රදර්ශනාගාර විවෘත කිරීමේ අවස්ථාවට, ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් සමරතුංග සහ ජාතික වෙළඳ කළමනාකරු (සිල්ලර) නලීන් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රැසක් සහභාගී වූහ.

ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා නව ප‍්‍රදර්ශනාගාර 3 විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් “රටම අසීරුතා රැසකට මුහුණපා සිටින කාලයක වුවද අපට නව ප‍්‍රදර්ශනාගාර 3ක් විවෘත කිරීමට හැකි වූයේ අභියෝග හමුවේ ශක්තිමත්ව හා එකමුතුව වෙහෙසුනු DSI කාර්ය මණ්ඩලයේ අප‍්‍රතිහත ධෛර්ය හේතුවෙනි. කොපමණ අසීරු වාතාවරණයක් යටතේ වුවද පාරිභෝගිකයන් අප පිළිබඳ තැබූ විශ්වාසය රැකගෙන ඔවුන් වෙත උසස් පාරිභෝගික සේවාවක් ලබාදෙන්නට DSI අපි කැපව සිටිනවා.” යැයි පැවසීය.

දිවයිනේ විශාලතම හා ප‍්‍රමුඛතම වෙළෙඳසැල් ජාලයක් ලෙස ශ්‍රී ලාංකික ජනතා ගෞරවාදරයට පාත‍්‍ර වූ ඞී සැම්සන් සහ පුත‍්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik, Waves, Jessica, Melissa, සහ AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Clarks, Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas Arrow, W, Modare, Inc.5, Aurelia, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක්              ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments