සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළජනශක්ති ලයිෆ්රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්,2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රීලාංකීයජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම (Mobile App) ‘වසරේ ජංගම යෙදුම’ ලෙසසම්මානයට පාත්‍ර විය.
ආසියානු කලාපය තුළ රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් වෙනුවෙන් කැප වී සිටින කීර්තිමත් සගරාවක්වන ‘Insurance Asia’ සගරාවවිසින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණු අතර, ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ආසියා පැසිෆික් කලාපයේ වඩාත් කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම සිදුකරයි. ගෝලීය රක්ෂණ ක්‍ෂේත්‍රයේ වඩාත්කීර්තිමත් පිළිගැනීමක් සහිත මෙම සම්මානසඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනෙන්නේ සුවිශේෂී මෙන් ම පුළුල් තෝරාගැනීමේ ක්‍රමවේදයකට අනුව වීම විශේෂිතය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීසමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “මෙම ජයග්‍රහණය අපගේ ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක රක්ෂණ සේවාවක් ලබා දීම වෙනුවෙන් අපසිදුකරන කැපවීම තහවුරු කරනවා. මෙම සම්මාන ද්විත්වය අපගේ වර්තමාන සාර්ථකත්වයටවගේ ම, අනාගතයේ දී ත් අපගේ ගනුදෙනුකරුවන්වෙත රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳම විසඳුම් ලබා දෙමින්,ගුණාත්මක සේවාවක් ලබා දීමට අප සතු හැකියාවපිළිබඳ හොඳ ම උදාහරණයක්.පසුගිය අභියෝගාත්මක කාලසීමාව මධ්‍යයේ වුවත් අපසමාගමේ වර්ධනයට අසමසම දායකත්වයක් ලබා දුන් අපගේ සිංහ බලකායේ අඛණ්ඩ කැපවීමටහා හැකියාවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්.”
‘වසරේ ජංගම යෙදුම’ සම්මානය මගින් ජනශක්ති ලයිෆ් සමාගමේ ඩිජිටල් පරිවර්තනය ද ඇගයීමට ලක් වූ අතර, නව රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ සිට සේවාවන්රැසක්ලබාගත හැකි නව්‍ය මූල්‍ය විසඳුම් රාශියක් මෙම ජංගම යෙදුම හරහා ලබා දීමට ජනශක්ති ලයිෆ් සමාගම කටයුතු කරයි.
ජනශක්ති ලයිෆ් සමාගම නවෝත්පාදනයන් මත පදනම් වූ නව්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන අතර,සිය ඩිජිටල් සේවාවන් මගින් වඩාත් පහසු,සරල සේවාවක් ලබා දීම තුළින් ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රය වෙත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමවෙනුවෙන් ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි.එමෙන් ම විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා ඩිජිටල්කරණය ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව විශ්වාස කරන ජනශක්ති ලයිෆ් සමාගම,තම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඉහළම ප්‍රමිතීන්ගෙන් සමන්විත රක්ෂණ සේවාවක් තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.
‘ජීවිත නඟා සිටුවමින් සිහින සවිබල ගැන්වීම’ යන ආයතනික අරමුණපෙරදැරිවක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ්සමාගමරක්ෂණ ක්ෂේත්‍රයේ ආචාරධර්මවලට අනුකූලව,විනිවිදභාවයෙන් යුතුවක්‍රියාත්මක වන අතර සිය පාර්ශවකරුවන්සඳහා වැඩි ප්‍රතිලාභලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. සියගනුදෙනුකරුවන් ජීවිතයේ සෑම අදියරකදීම වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් ලබා දෙමින් සිය ආයතනික අරමුණ යථාර්ථයක් කිරීමට කටයුතු කරන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම මෙම අරමුණ තම සාමාජික සාමාජිකාවන් දක්වා පුළුල් කරමින්, සැමවිටම ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් ඉටුකරගැනීමට සහයෝගය ලබා දෙන සේවා පරිසරයක් ගොඩනැංවීමට ද කටයුතු කරයි.
පසුගිය දා නිකුත් කෙරුණු Brand Finance ශ්‍රේණිගත කිරීමේ වාර්තාවට අනුවශ්‍රී ලංකාවේ වටිනාම හා ශක්තිමත්ම සන්නාම 100 අතරට මෙන් ම, ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10න් එකක් ලෙස ජනශක්තිඉන්ෂුවරන්ස් පීඑල්සීනම් කෙරුණු අතර,BSI දර්ශකයේලකුණු 569ක්සහිතවTOP 10 නාමාවලියට ඇතුළත් වූමෙරට එකම රක්ෂණ සන්නාමය වන්නේ ද ජනශක්ති ලයිෆ් බව සඳහන් කළ යුතුමය.
එමෙන් ම 2021 වසරේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූතුන් වන’ICC Emerging Asia Insurance Awards’ රක්ෂණ සම්මාන උළෙලෙහි දී, හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපීය රක්‍ෂණ ක්ෂේත්‍රයපරිවර්තනය කිරීමට දක්වන ලද දායකත්වය වෙනුවෙන් ‘රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් හොඳම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද ජනශක්ති ලයිෆ් සමාගමසමත් විය.
ජනශක්ති සිංහ බලකායේ ශක්තිය හා කාර්‍යශූරත්වය මත පදනම් වූ රක්ෂණ සංස්කෘතියකින් සමන්විත ජනශක්ති රක්ෂණ සමාගම ගෝලීය ප්‍රමිතීන්වෙත ළඟා වෙමින්, 2021 වසරේ දී පමණක්MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට සමත් විය. සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීමට ඇපකැපවන නිසා ම’විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙසනම් කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වසර 27ක කාලයක් පුරා, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසවන්තමෙන් ම ශක්තිමත් ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් වී ඇත.ජනශක්ති ලයිෆ් සමාගම75කට අධික දීප ව්‍යප්තසිය ශාඛා ජාලය හරහා සෑම තරාතිරමකම පුද්ගලයින්වෙත අද්විතීය රක්ෂණ සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.