Wednesday, February 8, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකනවලෝක මෙඩි කෙයාර් විසින් ”ප‍්‍රිමියර් සෙන්ටර්” හඳුන්වා දෙයි : කොළඹ 07 මධ්‍යයේ...

නවලෝක මෙඩි කෙයාර් විසින් ”ප‍්‍රිමියර් සෙන්ටර්” හඳුන්වා දෙයි : කොළඹ 07 මධ්‍යයේ පිහිටි සුඛෝපබෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

රට පුරා සිටින රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශ්වාසවන්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩි කෙයාර් විසින්  අති නවීන සුඛෝපබෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදී. කොළඹ 07 හි පිහිටා ඇති මෙම පහසුකම විචක්ෂණශීලී පාරිභෝගිකයින් සඳහා සපයනු ලබන අතර සුඛෝපභෝගී සහ පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවාවේ උපරිමය පිරිනමමින් සුඛෝපභෝගී පසුබිමක සුවපහසුව සහ පෞද්ගලිකත්වය සහතික කරයි.

”විචක්ෂණශීලී ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ශීඝ‍්‍රයෙන් දියුණු වන සෞඛ්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් සපුරාලීම සඳහා නවලෝක මෙඩි කෙයාර් විසින් ප‍්‍රිමියර් සෙන්ටර් හඳුන්වාදීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. පුද්ගලික සෞඛ්‍ය අංශයේ පුරෝගාමියෙකු ලෙස නවලෝක සෑම විටම ශ‍්‍රී ලාංකිකයින්ට ලොව පුරා සියලූ සුවතා ප‍්‍රවේශයන් ලබා දීමට අපේක්ෂා කරයි. උද්‍යෝගිමත් රෝගි සත්කාර සමඟ ඒකාබද්ධ වූ විශිෂ්ටතම වෛද්‍ය කුසලතාවන්ගෙන් බල ගැන්වෙන පළමු පන්තියේ ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය හරහා අපගේ රෝගීන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය සත්කාර ලබා දීම සැමවිටම අපගේ ප‍්‍රමුඛතාවය වී ඇති අතර මෙම මධ්‍යස්ථාස්ථානය අපගේ කැපවීමේ කූටප‍්‍රාප්තියයි. ඉදිරි මාස කිහිපය තුළ ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සඳහා ප‍්‍රිමියර් සෙන්ටර් වෙතින් ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නවලෝක කෙයා හි නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා සඳහන් කළේය.

නවලෝක මෙඩි කෙයාර් හි ප‍්‍රිමියර් සෙන්ටර් පිළිගත් උපදේශකයින් සහ ඉහළ පුහුණුව ලත් පළපුරුදු හෙද කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පුළුල් පරාසයක රෝග විනිශ්චය සහ සුවතා විසඳුම් පිරිනැමීමට සූදානම්ය. ECG” X-ray” අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන්, Echo cardiograms” PCRs”, Drive-thru, සෞඛ්‍ය පරීක්ෂණ සඳහා පූර්ණ ක‍්‍රියාකාරී රසායනාගාරයක් සහ OPD රසායනාගාරයක් සමඟින් ධඡුෘ උපදේශන සහ චැනලින් සේවාවන් පහසුව සහ උපරිම පෞද්ගලිකත්වය සහතික කරවා ගත හැකි අතරම අත්‍යවශ්‍ය විසඳුම් 360ක් පිරිනමයි. සියලූම හමුවීම් කලින් වෙන්කරවා ගත් පදනමක් මත වන අතර අවම පොරොත්තු කාලය සහතික කිරීමට සහ අවහිරතා වළක්වා ගැනීමට එක් වෛද්‍යවරයෙකුට දිනකට නියමිත හමුවීම් ගණනකට සීමා කරයි.

තවද, ප‍්‍රිමියර් සෙන්ටර් PRP ඡු භාවිතයෙන් මේදය දහනය කිරීම සඳහා භෞතචිකිත්සාව, යෝග ව්‍යායාම සහ ’ Zumba වැනි යෝග්‍යතා පුහුණු වැඩසටහන් සහ ආරක්ෂිත, උසස් තත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් ලබා දෙන ජාත්‍යන්තර මට්ටමේ යෝග්‍යතා මධ්‍යස්ථානයක් ජනතාව වෙත විවර කරයි. පරිශ‍්‍රයේ අක්ෂි උපදේශන පහසුකම්, වැඩිහිටි සත්කාර සේවා සහ පවුල් සැලසුම් සේවා අදිය හරහා ද රෝගීන්ට ප‍්‍රතිලාභ ලැබිය හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments