Wednesday, June 7, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකසම්පත් බැංකුව  “Wonder Women Initiative˜‍ සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

සම්පත් බැංකුව  “Wonder Women Initiative˜‍ සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

කාන්තා ජයග්‍රහණ සැමරීමේ වැදගත්කම, කාන්තාවන්ගේ නායකත්ව භූමිකාව, කාන්තාවන් සඳහා සමාජයේ පවතින විවිධ ගැටළු ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අරමුණු කර ගනිමින්  “Wonder Women Initiative˜ සංවාදය, සම්පත් බැංකුවේ සත්කාරකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙහිදී 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණට සමගාමීව, ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොර සමාජයක් ස්ථාපනය කරවීමේ අරමුණින්, විවිධ ක්ෂේත්‍රයන් හි කාන්තා නායිකාවන්ගේ ජයග්‍රහණ සමරමින්, ඔවුන්ගේ ආයතනික ගමන්මගේ මෙන්ම පෞද්ගලික අත්දැකීම් හා සාර්ථකත්වය පිලිබඳ තොරතුරු බෙදාහදා ගත්තේය.

මෙම අවස්ථාව සංවිධානය කිරීම සඳහා සුවිසල් සහයෝගයක් ලබා දුන් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා මෙවැනි සංවාදයක් සංවිධානය කිරීමට යෙමුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. ”සම්පත් බැංකුව විසින් සංවිධානය කරන ලද,  “Wonder Women Initiative˜, සංවාදාත්මක වැඩසටහනේ දී අද්විතීය කාන්තා නායකත්ව චරිත සිය ජයග්‍රාහී ගමන්මගේ අත්දැකීම බෙදාගත් අතර, එය ඊළඟ පරම්පරාවේ කාන්තා නායිකාවන් දිරිමත් කිරීමට විශාල පිටුවහලක් වෙනු ඇති බව අපි ආයතනයක් විදියට විශ්වාස කරන කාරණයක්. විශේෂයෙන් කාන්තාවන් සිය පවුල සහ ආයතනික ව්‍යුහයන් තුළ ද්විත්ව භූමිකාවන් වල නිරතවෙමින්, සිය ජීවිතය වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය මැනවින් කළමනාකරණයට කිරීමට සමත්වෙමින්, ජයග්‍රහණ අත්පත් කර ගැනීමට යොමුවීම මෙම කාන්තා දිනයේ දී අපි ඔවුන්ව අගයකිරීම මූලික අරමුණ වුනා.”

“මෙහිදී අප සමඟ අදහස් බෙදා ගැනීමට එක්වූ සියලු විශිෂ්ඨ කාන්තා චරිත, මෙතෙක් තම වෘත්තීය ජීවිතය තුළ ලැබූ සාර්ථකත්වයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට මෙන්ම සිය ද්විත්ව භූමිකාවන් පිලිබඳ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළ අතර, එමගින් තරුණ පරම්පරාවට අභිප්‍රේරණයක් මෙන්ම ඉදිරියට යාම සදහා ප්‍රබෝධයක් ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇතැයි සම්පත් බැංකුව ලෙස අපගේ විශ්වාසය යි. එමෙන්ම සමස්ත සමාජයක් ලෙස කාන්තාවන්ගේ ද්විත්ව භූමිකාව අගය කිරීම සඳහා අප සැම අඛණ්ඩ උත්සාහයක නිරත විය යුතු යැයි ද අපි විශ්වාස කරන්නෙමු.”

මෙම සාකච්ඡාව සදහා සම්පත් බැංකුවේ හිටපු උප සභාපතිනියක මෙන්ම වෘත්තිමය නීතිඥවරියක් වශයෙන් කටයුතු කරන ධාරා විජයතිලක මහත්මිය, ඩයලොග් ආසියාටා ආයතනයේ, සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනිය වශයෙන් කටයුතු කරන සැන්ද්‍රා ද සොයිසා මහත්මිය, මැක්ලරන්ස් සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ෂෙහාරා ද සිල්වා මහත්මිය සහ Uber ආයතනයේ මෙරට සාමාන්‍යාධිකාරීනී භාවනා දද්ලානි ජයවර්ධන යන මහත්මීන් සම්බන්ධ විය. ඔවුන් සිය නිවෙස්වල දෛනික කාර්යයන් ඉටු කරන අතරම වෘත්තිමය සාර්ථකත්වය  පවත්වාගෙන යන ආකාරය පිළබඳ අදහස් මෙහිදී බෙදා ගත්හ.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් විවිධ ක්ෂේත්‍රයන්හි  කැපී පෙනෙන කාන්තා නායිකාවන් සංවාදයට එක් කරගත්  “Wonder Women Initiative˜වැඩසටහන, නායකත්ව පුහුණුකාරිනියක සහ නිදහස් මාධ්‍යවේදිනියක වන අශින්ශනී වීරසිංහ විසින් මෙහෙයවන ලදී. මේ සදහා මාධ්‍ය ඇතුළු ආරාධිතයන් රැසක් සම්බන්ධ විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments