Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz Newsඔබේ අවුරුද්ද රනින් බබලවන වෝග් ජුවලර්ස් අවුරුදු දීමනා...

ඔබේ අවුරුද්ද රනින් බබලවන වෝග් ජුවලර්ස් අවුරුදු දීමනා…

වෝග් ජුවලර්ස් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. මේ යටතේ පාරිභෝගිකයන්ට තම පැරණි රන්භාණ්ඩ වෙනුවට නවීනතම විලාසිතාවන්ගෙන් නිමවුණු අලුත් රන් භාණ්ඩ මිලදී ගැනීමටත්, තවත් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමටත් අවස්ථාව ලැබේ.

උත්සව සමය තුළ වෝග් ජුවලර්ස් වෙතින් විකුණුම් මිලට සමාන රත්තරන් සඳහා ගැනුම් මිලක්, කැරට් 22 රත්‍රන් මාල සහ වළලු එකතුවක් රන් මිලට පමණක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙන අතරම ශ්‍රම ගස්තු හෝ සෑදීම් ගාස්තු ඒ සඳහා අයත් නොවේ. මෙම වාසිය මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා වලංගු වේ. එමෙන්ම ප්‍රවර්ධන කාලසීමාව තුළ දියමන්ති සහ මැණික් වර්ග සඳහා 50% ක් දක්වා වට්ටම් හිමි වන අතර, ඔබගේ පැරණි දියමන්ති ආභරණ ගෙනැවිත් භාරදී ඒ වෙනුවට අලුත්ම විලාසිතාවන්ගෙන් නිමකරන ලද ආභරණ මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

මීට අමතරව 2024 අප්‍රේල් 17 දින සිට 2024 අප්‍රේල් 30 දින දක්වා රු. 500,000/- කට වැඩි මිලදී ගැනීමක් සිදුකරන සෑම පාරිභෝගිකයෙකුටම වෝග් ජුවලර්ස් වෙතින් ග්‍රෑම් 1 ක රන් කාසියක් නොමිලේ හිමි වනු ඇත. මේ ඇදහිය නොහැකි අලුත් අවුරුදු දීමනා හිමිකර ගැනීමට ඔබත් අදම ඕනෑම වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයක් වෙත පියනගන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments