Sunday, April 28, 2024
spot_imgspot_img
HomeBiz Newsජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) සංවිධානය කරන ‘Sri Lankan Artists’...

ජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) සංවිධානය කරන ‘Sri Lankan Artists’ ප්‍රදර්ශනය නැවතත්..

ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ලෝලීන් උද්යෝගයෙන් බලා සිටි ‘Sri Lankan Artists’ ප්‍රදර්ශනය වසර 6 ක විරාමයකට පසු නැවත පැවැත්වීමට ජෝර්ජ් කීට් පදනම (The George Keyt Foundation) තීරණයකර ඇත. එහි සමාරම්භක උත්සවය 2024 මාර්තු 22 දින කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය මාර්තු 26 දින තෙක් පැවැත්වීමට නියමිත ය.

‘Sri Lankan Artists 2024’ යනු රටේ විශිෂ්ට චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ අගය කරන අතරම නවක ශිල්පීන්ට කරළියට පැමිණීම සඳහා අවස්ථාව උදාකර දෙන ප්‍රදර්ශනයකි. ඉදිරියේදී ශ්‍රී ලංකා රජය සමග අත්වැල් බැඳගනිමින්, මෙරට කලාකරුවන්ට විදේශ චිත්‍ර ප්‍රදර්ශනවලට සහභාගී වීමට අවස්ථාව සලසා දීමටද ජෝර්ජ් කීට් පදනම බලාපොරොත්තු වෙයි.

මෙම උත්සවයේදී ‘Artist of the Year’ නමින් විශේෂ සම්මානයක් පිරිනැමීමටද සැලසුම්කර ඇති අතර, ඒ සඳහා අයදුම්පත් 60 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත. ඒ අතරින් අසේලා අබේවර්ධන, චන්න ඒකනායක, චමින්ද ගමගේ, චතුරිකා ජයනි, ඩිලායි ජෝසෆ්, සිවසුබ්‍රමනියම් කජේන්ද්‍රන්, ප්‍රගීත් රත්නායක, මොහොමඩ් තාජුඩීන් ෆාතිමා රුක්ශානා, ප්‍රදීප් තල්වත්ත සහ ඩබ්ලිව්. නයනානන්ද විජයකුලතිලක යන කලාකරුවෝ සම්මානය සඳහා නිර්දේශිතව වී සිටී.

‘Artist of the Year’ සම්මානයට අමතරව ජෝර්ජ් කීට් පදනම හි නිර්මාතෘවරුන්වන සීතා ද සිල්වා සහ සෙඩ්රික් ද සිල්වා නමින් අනුස්මරණ සම්මානයක්ද පිරිනැමීමට නියමිතවන අතර, ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් එම සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගනු ලබනු ඇත. වාස්තු විද්‍යාඥ පාලින්ද කන්නංගර, ස්වාධීන කලාකාරිනී අනෝමා විජේවර්ධන සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් යන මහත්ම මහත්මීහු එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකත්වය දරති.

මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය අගයමින් එය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජෝර්ජ් කීට් පදනම ගන්නා උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වේ. ශ්‍රී ලාංකික කලාකරුවන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා ගෝලීය වේදිකාවක් සපයමින් ඔවුන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙහි එක් ප්‍රධානතම ඉලක්කයකි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනු ඇත. ප්‍රදර්ශනය ආරම්භයේ සිටම එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතුකර ඇත්තේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවයි. ශ්‍රී ලංකාවේ කලාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කැපවුණු බැංකුවක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, මෙම ප්‍රදර්ශනය සාර්ථකකර ගැනීම සඳහා මේ දක්වා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකර ඇත.

ප්‍රදර්ශනය මගින් ලැබෙන සියලු ආදායම්, ඊට සහභාගීවන කලාකරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් යොදවනු ලැබේ. ප්‍රදර්ශනය මහජනතාවට විවෘත වීමට පෙර මාර්තු 22 දිනයේදී තමන්ට අවශ්‍ය නිර්මාණ මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි.

ජෝර්ජ් කීට් පදනම සංවිධානයකරන ‘Sri Lankan Artists 2024’ ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ චිත්‍රකලා ශිල්පීන්ගේ මාහැඟි නිර්මාණ රැසක් දැකගැනීමට අවස්ථාව ලැබෙන සුවිශේෂී ප්‍රදර්ශනයක් වනු නො-අනුමාන ය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments