Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz NewsAbans Environmental Services (Pvt) Ltd වෙතින් TRI-ZEN මහල් නිවාස පදිංචිකරුවන් හට සුවිශේෂී...

Abans Environmental Services (Pvt) Ltd වෙතින් TRI-ZEN මහල් නිවාස පදිංචිකරුවන් හට සුවිශේෂී වූ ගෘහ පාලන සේවාවක්…

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, සිය TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සඳහා අගය එකතු කළ සේවාවන් සපයා දෙමින්, TRI-ZEN නිවහන් සඳහා සුවිශේෂී වූ ගෘහ පාලන සේවා සපයන්නා වශයෙන් Abans Environmental Services (Pvt) Ltd පත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව TRI-ZEN හි පදිංචිකරුවන්ට අසමසම වූ සේවාවක් ලබා දීමේ පුළුල් දැක්ම මත පදනම්ව John Keells Properties සහ Abans Environmental Services අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය පෙබරවාරි මස 15 වන දින අත්සන් කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් අලෙවි ප්‍රධානී සහ John Keells Group හි  උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය.”TRI-ZEN මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට ආසන්නයි. එහි පදිංචිකරුවන් හට ඔවුන් පදිංචියට යාමට පෙර අතුව නිමැවුම් සේවාවන් ශක්තිමත්ව ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. සුව පහසු ජීවන රටාවක් ගත කරන පදිංචිකරුවන්ට අප පැවසූ පරිදිම පහසු සහ පරිපූර්ණ පිරිසිදු කිරීමේ සහ ගෘහ පාලන සේවාවක් ලබා දෙන Abans Environmental Services (Pvt) Ltd. සමගින් සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. විශ්වාසනීය වූ ගෘහ පාලන සේවාවක සහය ලබාගැනීමේදී වර්තමාන තත්ත්වය තුළ මිනිසුන් මුහුණ දෙන අභියෝග සමග, මෙම සේවාව නිවැසියන්ට පීඩාවකින් තොර විසඳුමක් වනු ඇති බවට අපි විශ්වාස කරනවා. ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් නිවාස සංකීර්ණ අවකාශයන් තුළ නිවාස ගැනුම්කරුවන්ට සුව පහසු අගය එකතු කළ සේවාවන් ලබා දෙමින් ගුණාත්මක තත්ත්වයෙන් යුත් නිවසක් තිළිණ කර දීමට John Keells Properties නිරතුරුව උත්සාහ කරනවා. TRI-ZEN විසින් එහි පදිංචිකරුවන් සඳහා පිරිනමනු ලබන මෙම පුළුල් ගෘහ පාලන සේවාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක වීමද විශේෂත්වයකි.”

වැඩිදුරටත් අදහස් දක්වමින් Abans Environmental Services (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෆයිරුස් පෙස්ටොන්ජි මහතා මෙසේ පැවසීය. ”නිවාස සංකීර්ණ, වාණිජ ආයතන සහ රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතම පිරිසිදු කිරීමේ සේවා සපයන්නා ලෙස, කොළඹ නගර මධ්‍යයේ පිහිටි John Keells Properties හි TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සමග එක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. TRI-ZEN හි නිවාස හිමියන් අපේක්ෂා කරන සුවිශේෂත්වය අපි අවබෝධ කරගෙන සිටිනවා. ඒ වගේම John Keells Properties සමග එක්ව හැකි උපරිම අයුරින් පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් සපුරාලීමට අපි සහතික වෙනවා.”

1985 වසරේ දී ආරම්භ කරන ලද Abans Environmental Services (Pvt) Ltd සමාගම, 1994 වසරේ සිට ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කටයුතු කරනු ලබයි. එය මේ වන විට ශ්‍රී ලංකාවේ ISO 9001: 2015 තත්ත්ව ප්‍රමිතීන් සහිතව, තාක්‍ෂණය කැටිකර ගත් විශාලතම සක්‍රීය ගෘහ පාලන සහ ආරක්ෂක සේවා බලකා ආයතන ද සමන්විත සමාගමක් බවට පත්ව ඇත.

TRI-ZEN මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විත වන අතර, එහි මුළු මහල් නිවාස සංඛ්‍යාව 891 කි. එහි සෑම නිවහනකම නිදන කාමරයක්, කාමර 2ක් සහ කාමර 3ක් වශයෙන් සැදුම්ලත් ඒකක ඇතුළත් වේ.

කොළඹ ව්‍යාපාරික සහ විනෝදාස්වාදය රැඳී දිස්ත්‍රික්කය මධ්‍යයේ වෙසෙන පදිංචිකරුවන්ට සුව පහසු ජීවන රටාවක් භුක්ති විඳීමට ඉඩ සලසමින් මෙහි සෑම ඒකකයක්ම ස්මාර්ට් හෝම් තාක්‍ෂණයෙන් සහ නවීන සැලසුම් අංගයන්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි.

TRI-ZEN හි නේවාසික පහසුකම් අතර, හරිත අවකාශයක්, ඇවිදීමේ ධාවන පථයක්, පිහිනුම් තටාක, ව්‍යායාම් ශාලා සහ ක්‍රීඩා අවකාශයන් ඇතුළු තවත් බොහෝ දේවලින් සමන්විත වේ. කොළඹ නගරය ප්‍රධාන කර ගත් පොදු ප්‍රවාහන පර්යන්ත, ව්‍යාපාරික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, උද්‍යාන, ආගමික සිද්ධස්ථාන, හෝටල් සහ විනෝදාස්වාදය පිරි ස්ථාන රැසකට සමීප ඉතාමත් කෙටි දුර ප්‍රමාණයකින් පිහිටා ඇති මෙම මහල් නිවාස සංකීර්ණය, අනාගත නිවාස හිමියන්ට වඩාත් ආකර්ෂණීය වූ පිහිටීමක් වනු ඇත.

TRIZEN මහල් නිවාස පිළිබඳ වැඩි විස්තර +94 702 294 294 දුරකථන අංකය මගින් හෝ www.trizen.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments