Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsප්‍රයිම් සමූහ ව්‍යාපාරය, උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට...

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ට යතුරු භාරදෙයි ..

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍ය(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි.

අති-නවීන සහ අලංකාර ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතුව මෙම නිවාස ඉදිකර තිබේ. එමෙන්ම එහි ඉදිකිරීම් සිදුකරන කාලය තුළ එහි ගැනුම්කරුවන් සමග ශක්තිමත් හා සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් විය. කොළඹ සිට විනාඩි 20 ක පමණ දුරකින් පිහිටි මෙම නිවාස සංකීර්ණය, මෙරට වෙරළබඩ සුඛෝපභෝගී නිවාස සම්බන්ධයෙන් නව මංසලකුණක් බවට පත්වනු ඇත.

Beach Front II ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2020 වසරේදී ය. අද වනවිට එය මීගමුව ප්‍රදේශයේ සුන්දර වෙරළ තීරය ආසන්නයේ තුරුගොමු අතරින් ඉහළට නැගුණු මනරම් මංසලකුණක් බවට පත් වී තිබේ. මහල් 16 කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 108 කින් සමන්විත වන අතර එම නිවාස වර්ග අඩි 742 ත් 2273 ත් අතර පරාසයක විහිදී පවතී. මෙහි පදිංචිකරුවන්ට සුඛෝපභෝගී බව සහ පෞද්ගලිකත්වය මෙන්ම ඉන්දියන් සාගරයේ රමණීයත්වය දිනපතා සිත් සේ අත්විඳිය හැකි වේ.

“මෙය හුදෙක් තවත් ව්‍යාපෘතියක අවසානය පමණක් නොවෙයි. තවත් අපූර්ව සහ සුවිශේෂී නිවැසි ප්‍රජාවක ආරම්භයක්. මෙය ඉදිකරන කාලය තුළ අපට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා, බාධා සහ අභියෝග පිළිබඳව ඔබ හොඳින් දන්නවා. කෙසේ හෝ ඒ සියල්ල ජයගනිමින්, අද දිනයේ ඔබේ නෙතට දිස්වෙන මේ මාහැඟි නිර්මාණය අවසන් කිරීමට අපට හැකි වුණා. ප්‍රයිම් සමූහයේ අපට ඔබ හුදෙක් පාරිභෝගිකයන් පමණක් නොවෙයි. ඔබ අපගේ වටිනා හවුල්කරුවන්. මේ කාලය පුරාවට ඔබ තුළ පැවති ඉවසීමට මෙන්ම අප කෙරෙහි රැඳවූ නොසැලෙන විශ්වාසයට බෙහෙවින්ම ස්තූතියි.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

උස්වැටකෙයියාව Beach Front II නිවාස සංකීර්ණය සහ ප්‍රයිම් සමූහයේ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු primeresidencies.lk වෙබ් අඩවිය තුළින් හෝ 0710777666 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments