Saturday, April 27, 2024
spot_imgspot_img
HomeBiz News'DIVA දෑතට දිරියක්' ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ගාල්ල වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි...

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ගාල්ල වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි…

විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා කුසලතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ ගාල්ල වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 28වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ කුසලතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව පවත්වන ලදී. පූර්ණ ඇගයීම් ක්‍රියාවලියකින් පසු, ඉහළම ප්‍රගතියක් ලබා ඇති ව්‍යවසායිකාවන් සිව් දෙනෙකුට මෙම උත්සවයේදී මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

මෙරට ආර්ථික අර්බුදයේ පීඩනය සෑම දෙනාටම තදින් දැනෙන කාල වකවානුවක, ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ගේ නිරත වන්නන්, නිවසේ ආර්ථිකය නගා සිටුවන්නට සවියක් වෙමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට දායක වීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් දක්නට ලැබිණි. මේ කාලය තුළ ගෘහනියන් සිය පවුලට ශක්තියක් වෙමින් ව්‍යවසායිකාවන් බවට පරිවර්තනය වීම ද කැපී පෙනිණි. සාම්ප්‍රදායික ගෘහනියකගේ භූමිකාවෙන් බැහැරව, මැහුම් ගෙතුම්, ආහාර පාන, අත්කම් නිර්මාණ ආදී තමා සතු දක්ෂතා තුළින්ම පවුලේ ආර්ථිකය සවිමත් කරන්නට කටයුතු කරමින්, ශ්‍රම බලකායේ කොටසක් ලෙස ජාතික ආර්ථිකයට ශක්තිය සැපයීමට ඔවුන් කාන්තා ව්‍යවසායිකාවන් ලෙස ඉදිරි පියවරක් තැබීම ඉතා වටිනා පරිවර්තනයකි.

කාන්තා ව්‍යවසායිකාවන්ගේ මෙම අප්‍රහිත ධෛර්යය පිළිබඳ හොඳින් අවබෝධ කර ගන්නා DIVA, ව්‍යාපාර කිරීම සඳහා ඔවුන් සතු දැනුම, කුසලතා හා හැකියාවන් තවදුරටත් ඔප් නංවා ගැනීමට වෘත්තීමය මාර්ගෝපදේශනය, වෘත්තීය කුසලතා, මූල්‍ය සහයෝගය හා ඩිජිටල් සාක්ෂරතාව සැපයීම අරමුණු කරගනිමින් DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරන ලදී. DIVA දෑතට දිරියක් වැඩසටහන​ ඔස්සේ ව්‍යාපාර ආරම්භය, ඒවා ක්‍රමානුකූලව පවත්වා ගැනීම, අලෙවිය මේ යනාදිය සඳහා අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීම තුළින් කාන්තා ව්‍යවසායකයන් හට ආත්ම විශ්වාසයෙන් යුතුව තම ව්‍යාපාර සිදු කිරීමට ශක්තියක් වෙයි.

ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නොලැබීමේ සංවේදී කාරණය වටහා ගන්නා DIVA, DIVA දෑතට දිරියක් වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ දක්‍ෂ කාන්තා ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීමට අරමුණු කරයි.

කාන්තාවන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනට සහභාගි වන කාන්තාවන් පෙන්නුම් කරන දක්ෂතා හා ප්‍රගතිය නිරීක්ෂණය කර, වැඩසටහන අවසානයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා කාන්තා ව්‍යවසායකයින්ගේ දියුණුව හා ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට මූල්‍ය ත්‍යාග පිරිනමමින් ඔවුන්ව තවදුරටත් දිරිමත් කිරීමට ද  DIVA  අරමුණු කරයි.

මෙසේ ගාල්ලේ පැවති DIVA දෑතට දිරියක් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන වෙත සහභාගී වූ කාන්තාවන්ගේ හොඳම ව්‍යවසායකත්ව දක්ෂතා හා කුසලතාවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ව්‍යවසායිකාවන් සිව් දෙනෙකුට මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී. මෙම ව්‍යවසායිකාවන් ඇගයීමේ දී, ව්‍යාපාරය ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ගිණුම්කරණය, තවත් කාන්තාවන් සදහා රැකියා අවස්ථාවක් සලසා දීම, මාසික විකිණුම්වල ප්‍රගතිය, වෙළඳ නාමකරණය සහ ඇසුරුම්කරණය, නව පාරිභෝගිකයින් ගණන, නව මුල පිරීම් යන නිර්ණායක සැලකිල්ලට ගැනිණ. ඒ අනුව, ප්‍රථම ස්ථානය අම්බලන්ගොඩ පදිංචි ආර්.කේ. ලක්මාලි (බයිට් සහ කැවිලි වර්ග), දෙවන ස්ථානය ‍කරන්දෙනියේ පදිංචි එච්.ආර්.එම්. සරෝජනී (කුරක්කන් පිටි නිෂ්පාදන, මී පැණි සහ සුදු ළූණු, වියලන ලද කෙසෙල්) තෙවන ස්ථාන දෙකක් අම්බලන්ගොඩ පදිංචි ඩබ්ලිව්.සී. මානෙල් කුමාරි (සපත්තු) සහ දිවිතුර පදිංචි ඒ.කේ. රම්‍යා ප්‍රියානි (බිම්මල් සහ ආහාර තාක්ෂණය) විසින් දිනා ගන්නා ලදී. මෙම ඉතා දක්‍ෂ කාන්තාවන් නිසි ලෙස හඳුනාගෙන සම්මානයට පාත්‍ර කරනු ලැබීය​.

“තොටිල්ල පදවන දෑත ලොව ආණ්ඩු කරවයි ” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි අනාගත පරපුර පෝෂණය කරන කාන්තාව, රටේ සංවර්ධනය වෙනුවෙන් ද ප්‍රබල දායකත්වයක් සපයයි. නිසි ඇගයීමත්, ආදරය හා රැකවරණයත් ඇය වෙත නිරන්තරයෙන් ලැබිය යුතු බව අප සෑම විටම අවබෝධ කර ගත යුතු ය. DIVA දෑතට දිරියක් වැඩසටහන කාන්තාවන් සතු ශක්තියත්, සැඟ වී ඇති කුසලතා මතු කර ගනිමින් ව්‍යාපාර අවස්ථා සඳහා දොරටු විවර කර දෙමින් අනාගතය ජය ගැනීමට නිරන්තරයෙන් ඔවුන් දිරිමත් හා සවිමත් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments