Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsඉතිරි කිරීමේ ශ්‍රී ලාංකික සම්ප්‍රදාය සමරන ‘SDB ඉතුරුම් චාරිත්‍රය’..

ඉතිරි කිරීමේ ශ්‍රී ලාංකික සම්ප්‍රදාය සමරන ‘SDB ඉතුරුම් චාරිත්‍රය’..

SDB බැංකුව ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් බැංකුකරණ ප්‍රවේශයක් සමඟ වසර විසිහයකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකික මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා විසල් මෙහෙවරක් ඉටු කර ඇති කීර්තිමත් බැංකුවකි. ‘ඔබව වටින තැන’ ලෙසින් ප්‍රකට SDB බැංකුව එම කාලය පුරාවටම විශ්වාසනීය සහ ආරක්ෂිත බැංකුකරණ විසඳුම් හරහා ශ්‍රී ලාංකිකයින්ට සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර දහස් ගණනක් වෙනුවෙන් විවිධාකාරයෙන් සවිය සපයා ඇති අතර අවස්ථානෝචිත පරිදි ජනතාව අතර මූල්‍ය දැනුම සහ සාක්ෂරතාවය වර්ධනය කිරීමටද SDB බැංකුව ඒ අයුරින්ම කටයුතු කර ඇත.

ඒ අනුව යමින් එළඹෙන සිංහල සහ දෙමළ නව අවුරුදු සමයට සමගාමීව ඉතිරි කිරීමේ පුරුද්ද ජනතාව අතර ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ ප්‍රචාරණ ව්‍යාපෘතිය SDB බැංකුව විසින් පසුගියදා දියත් කෙරුණු අතර එහි සුවිශේෂත්වය වන්නේ නව වසර හා බැඳුණු සංස්කෘතික චාරිත්‍රයන් සහ වටිනාකම් හරහා ඉතිරි කිරීමේ ඇති වැදගත්කම ජනතාවට මතක් කරදීමට කටයුතු කර තිබීමයි. දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සමඟිය, සතුට පෙරදැරිව  සුභ මොහොතින් නව ඇරඹුමක් සමරන අතර ඉතිරි කිරීමද ජීවිතය සුබ කරවන චාරිත්‍රයක් ලෙසින් වැදගත් පණිවිඩයක් ලබා දීම SDB බැංකුව විසින් ගත් ක්‍රමෝපායිකව වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය.

‘SDB ඉතුරුම් චාරිත්‍රය’ ප්‍රචාරණ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ අලෙවි ප්‍රධානී හසිත සමරසිංහ මහතා මෙසේ පැවසීය. “ඉතිරි කිරීම අපේ සෑම ගනුදෙනුකරුවෙක්ටම මූල්‍ය ආරක්ෂාව ලබා දෙන සරලම නමුත් වඩාත් සාර්ථකම විසඳුම බවට කිසිම සැකයක් නැහැ. විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලසීමාවක් පසු කරමින් සිටින විට ඉතිරි කිරීමේ පුරුද්ද අතිශයින් වැදගත් වෙනවා. ඒ නිසා ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ හුදු ප්‍රචාරණ ව්‍යාපෘතියකට වඩා මූල්‍යමය සුරක්ෂිතබව පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙනයාමට අපේ ඇති කැපවීම ගැන නිදර්ශනයක් සපයන අවස්ථාවක්. ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැපවුණු බැංකු සහකරුවෙක් වශයෙන් අපි නිරන්තරයෙන්ම නිවැරදි මූල්‍ය පිළිවෙත් ගැන ඔවුන් දැනුවත් කරමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ටම පැහැබර අනාගතයක් උදාකර දීමට කැප වී සිටිනවා.”

සිංහල දෙමළ නව වසර අතරතුර මූල්‍යමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් ශ්‍රී ලාංකිකයින්ට උදා කරදීමට උත්සාහ දරන ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා සිය ගනුදෙනුකරුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිය සබැඳියාව තව දුරටත් සවිමත් වනු ඇතැයි SDB බැංකුව අපේක්ෂා කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments