Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsයුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය...

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව තිරසාර අනාගතයක් වෙනුවෙන් හවුල්කාරීත්වයකට එළඹෙයි..

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පුළුල් තිරසාර න්‍යාය පත්‍රයේ කර්තව්‍යයක් ලෙස සිය සමාගමෙන් පිටතට යන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් +100%ක් නැවත එකතුකරගැනීමට ඔවුන් කැපවී සිටියි. මෙරට ජනතාවගෙන් මිලියන 04ක දෛනික පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබන කැලණි ගංඟාවේ සෞඛ්‍යාරක්ෂිතබව ඉහළ නැංවීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සවිබලගන්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති හා විධායක නිලධාරී අලි තාරික් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” ප්ලාස්ටික් සඳහා වක්‍ර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අපගේ ප්‍රයත්නය තුළදී පසුගිය වසර 02 පුරාවට අප සමාගමෙන් පිටතට යන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් +100%ක් සාර්ථකව නැවත එකතු කරගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙම හවුල්කාරීත්වය තුළින් ප්ලාස්ටික් නිෂ්පාදකයින් සඳහා වූ නිෂ්පාදකයාගේ වගකීම් පුළුල් කිරීම පිළිබඳව ජාතික අරමුණට අපගේ දායකත්වය පෙන්නුම් කරනු ලබනවා. පිරිසිදු කැලණි ගඟක් නිර්මාණය කිරීම තුළින් සුරක්ෂිත පානීය ජලය පමණක් නොව ධීවර හා සංචාරක ව්‍යාපාර සඳහා වඩා යහපත් පරිසරයක් ද සමාජය තුළ තිරසාර ජිවන රටාවක් බිහිවීමට ද උපකාරී වෙනවා.”

මධ්‍යම පරිසර අධිකාරීයේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා මෙසේ සිය අදහස් දැක්විය.” සහයෝගීතා හා හවුල්කාරීත්වයන් තුළින් නිෂ්පාදන වගකීම් ඉටුකිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පියවර ගැනීම දැකීමට ලැබීම ප්‍රශංසනීය කරුණකි. කැලණි ගඟ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ දායකත්වය එයට කදිම නිදසුනක්. මෙවැනි රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයන් පාරිසරික අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමේ තිරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතරම, තිරසාර අනාගතයක් සඳහා මෙම හවුල්කාරීත්වය බෙහෙවින් ඉවහල් වනු ඇත.”

මෙම පස් අවුරුදු ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ දෙපස, වෙරළ හා මුහුදු පතුල පිරිසිදු කිරීමේ වැඩසටහන්, ඇතුළු වැඩසටහන් රාශියක් අන්තර්ගත වේ. එසේම ප්‍රාදේශීය සභා සමඟ එක්ව පාසල් සිසුන් සහ නිවැසියන් අතර පාරිසරික දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රජා සහභාගීත්ව වැඩසටහන්, පළාත් පාලන ආයතන සේවකයන් සඳහා පුළුල් පුහුණු වැඩසටහන් ,ජල දූෂණය වැළැක්වීම සඳහා පාවෙන බාධක ස්ථාපනය කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාකාරකම් මඟින් ගංමෝය කෙරෙහි අවධානය යොමුකරමින් වෙරළබඩ පරිසර පද්ධතිවල සහ සාගර ජිවින්ගේ සෞඛ්‍ය ඉහළ නැංවීම මෙහිදි සිදුකරයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපති අසේල රැකව මහතා මෙසේ සිය අදහස් දැක්විය. “මෙම ව්‍යාපෘතිය සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සිය පූර්ණ සහයෝගීත්වය දක්වන අතර අපගේ වටිනා සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම අප හඳුනාගෙන තිබෙනවා. එසේම කැලණි ගඟ සෘජුවම සාගරයට ගමන් කරන අතර අපගේ සාගර සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා ඵලදායී ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය බෙහෙවින් වැදගත් වේ. “

මෙම ව්‍යාපෘතිය යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පුළුල් තිරසාරමය න්‍යාය පත්‍රයට එක්වන තවත් වැදගත් කර්තව්‍යයක් ලෙස සැළකිය හැකිය. යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මෙම කැපවීම පාරිසරික යහපැවැත්මෙන් ඔබ්බට යමින් දේශගුණික විපර්යාස විසඳීම, සොබාදහම ආරක්ෂා කිරීම, වගකියයුතු ප්ලාස්ටික් භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජිවනෝපායන් නඟාසිටුවීමට පරිසර හිතකාමී පද්ධතියක ඇති වටිනාකම හඳුනාගැනීම යන කර්තව්‍යයන් ඔස්සේ ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments