Monday, April 29, 2024
spot_imgspot_img
HomeBiz Newsසුරාඩෝ කැම්පස් ආයතනයේ 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් ලෙස...

සුරාඩෝ කැම්පස් ආයතනයේ 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් ලෙස පවත්වයි …

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සදහා  උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.

සිය පාඨමාලා කාලය පුරාවට කැපී පෙනෙන කැපවීමක් සහ දක්ෂතා පෙන්නුම් කළ 200ට අධික දක්ෂ සිසුන් වෙත මෙහිදී උපාධි පිරිනමන ලදී. මෙම සම්භාවනීය අවස්ථාව සදහා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා, සුරාඩෝ කැම්පස් ආයතනයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී සහ එක්සත් රාජධානියේ ලංකා තානාපතිවරුන්ගේ සංසදයේ අධ්‍යක්ෂ ආචාර්ය පී. එස්. රචිත බුද්ධික, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් නව්‍යා සිංග්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, ජූජ්‍ය තීනියාවල පාලිත හිමි, ෆින්ලන්තය සහ අයිස්ලන්තයේ හිටපු තානාපති ගොඩ්ෆ්‍රි කූරේ, අධ්‍යයක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නයින් වේල්ස් හොස්පිට්ල් ප්‍රයිවට් ලිමිටඩ් ආචාර්ය විභාෂ් විජේරත්න, සාමාන්‍යඅධිකාරී සැන්ටා ඩෝරා හොස්ට්ල් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු , ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය චම්පික අමරසිංහ , සුරාඩෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ තවත් කැපීපෙනෙන ආරාධිතයින් රැසක් මීට සහභාගී විය.

මෙම උපාධි ප්‍රධානෝත්සවය සුරාඩෝ කැම්පස් ආයතනයේ ඉමහත් කැපවීම පිළිබදව සාක්ෂිදරණ අවස්ථාවක් බවට පත්විය. තවද, සුරාඩෝ ආයතනයට සහ එහි උපාධිධාරීන්ට මෙය අභිමානයක් සහ ජයග්‍රහණයක් වනවා මෙන්ම, සුරාඩෝ කැම්පස් ආයතනයේ විවිධ වැඩසටහන් මගින් ලබාගත් දැනුම සහ කුසලතා වලින් සමන්විත ඔවුන්ගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමක් ලෙසද දැක්විය හැකිය.

2012 වර්ෂය ආරම්භයේ සිටම  සුරාඩෝ කැම්පස් ආයතනය විසින් ලොව පුරා උපස්ථායක රැකියා වෙළදපල ඉල්ලුම මත ශ්‍රී ලංකාවේ දේශීය සිසුන් සදහා නව ගෝලීය රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය කර දී ඇත. සුරාඩෝ කැම්පස් ආයතනය ගෝලීය හවුල්කාරීත්වය මත ගුණාත්මක විෂය මාලාවක් සහ කීර්තිමත් විශ්ව විද්‍යාල සමග එක්ව දෙස් විදෙස් රැකියා අවස්ථාවන් සොයන පුද්ගලයින්ට එහි දොරටු විවර කර දී තිබේ.

සුරාඩෝ කැම්පස් ආයතනයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පී. එස්. රචිත බුද්ධික පවසා සිටියේ ”අපගේ උපාධිධාරී සිසුන්ගේ ජයග්‍රහණ පිළිබදව අපි අතිශයින් ආඩම්බර වෙමු. ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සුරාඩෝ කැම්පස් ආයතනයේ අපි ආරක්ෂා කරන සාරධර්ම, විශිෂ්ටත්වය, වෘත්තීයභාවය සහ සෞඛ්‍ය සේවා අංශයට අඛණ්ඩව සේවය කිරීමට ඇති කැපවීම පෙන්නුම් කරයි. ඔවුන් ඔවුන්ගේ වෘත්තීය ගමන් ආරම්භ කරන විට, ඔවුන් ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇතැයි මට පූර්ණ විශ්වාසයක් ඇත.”

නවීනතම අධ්‍යාපනය සහ පුහුණුව සමගින් සෞඛය සේවා ශ්‍රම බලකාය සවිබල ගැන්වීම සදහා සුරාඩෝ කැම්පස් ආයතනයේ සිය මෙහෙවර අඛණ්ඩව කරගෙන යන අතර, 2024 උපාධි ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ අනාගතය හැඩගැස්වීම සදහා ආයතනයේ කැපවීම දිරිගැන්වීමක් සහ නැවත තහවුරු කිරීමක් විය. තවද, දේශීය භාරකරුවන්ගේ සහ රැකවරණ ලබන්නාගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සහ වෘත්තියේ ගෞරවය සහ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නැංවීම සදහා වන සංවිධානය, ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය සහ එක්සත් රාජධානියේ ලංකා තානාපතිවරුන්ගේ සංසදය සමග එක්ව කටයුතු කරයි.

සුරාඩෝ කැම්පස් ආයතනය සම්මානලාභී ආයතනයක් වන අතර එහිදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සම්මාන රැසක් දිනාගෙන ඇත. දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේ අධ්‍යාපනික නායකත්වයේ හොදම විශිෂ්ටත්වය සහ සෞඛ්‍ය සේවයේ හොදම නැගී එන ආයතනය ලෙසින් පිට පිට වසර තුනක් 2021, 2022, 2023 සම්මානයන් ලබා ඇත. (Best Excellence in Educational Leadership and the Best Emerging Institute in Healthcare by South Asian Business Excellence Awards (consecutively in 2021, 2022 and 2023)) , ආසියානු සම්මාන උළලේදී අධ්‍යාපනික නායකත්වයේ හොදම විශිෂ්ටත්වය සහ සෞඛ්‍ය අංශයේ හොදම නැගී එන ආයතන ලෙස පිට පිට වසර දෙකක දී 2021, 2022 සම්මානයන් ලබා ඇත. (Best Excellence in Educational Leadership and the Best Emerging Institute in Healthcare by Asian Awards (consecutively in 2021 and 2022)) , වසර 2022 දී ගුණාත්මක සෞඛ්‍ය සේවා ආශ්‍රිත පාඨමාලා පිරිනැමීම වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ The Business World International විසින් ලබා දුන් හොදම අධ්‍යාපනික නායකත්වය සදහා වූ විශිෂ්ඨතා සම්මානය ලබා ඇත. (USA Excellence Award in 2022 for the Best Educational Leadership by The Business World International of the USA, for offering quality healthcare-related courses.)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments