Tuesday, April 23, 2024
spot_imgspot_img
HomeBiz NewsHNB සිඟිති ජම්බෝ සමඟ ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි වැස්සක්.....

HNB සිඟිති ජම්බෝ සමඟ ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි වැස්සක්…..

රටක අනාගතය තීරණය වන්නේ එරට දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම මතයි. ඒ වෙනුවෙන් දරුවන් හැඩගැස්වීම දෙමාපියන්ගේ වගකීමක් පමණක්ම නොවන අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ද රටේ දරුවන් උදෙසා විශේෂ අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වෙයි. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට දරුවන්ව ඉතුරු කිරීමට හුරු පුරුදු කිරීම උදෙසා දරුවන් සඳහාම වෙන්වූ විවිධ වූ වැඩසටහන් සෑම වසරකම දියත් කරනු ලබයි. එහි එක් පරිච්ජේදයක් ලෙස එළැඹෙන අලූත් අවුරුදු සමය වෙනුවෙන් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි.

ඒ යටතේ මාර්තු 15 වන දින සිට අපේ‍්‍රල් 29 වන දින දක්වා ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන වයස අවුරුදු 16ට අඩු සියලූම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් HNB විසින් හිමි කර දෙනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා සඳහන් කර සිටියේ ‘‘අපගේ බාලවයස්කාර ගිණුම් හිමි දරුවන් සමඟ මේ ආකාරයෙන් අවුරුදු සතුට බෙදා හදා ගැනීමට හැකිවීම අපට ඉමහත් සතුටක්. මෙවර ‘සිඟිති ජම්බෝ අවුරුදු’ හරහා දේශීය මුදලින් පමණක් නොව විදේශ මුදල්වලින් ඉතිරි කරන සිඟිති ගිණුම් හිමියන්ට ද ප‍්‍රතිලාභ හිමි කර ගැනීමට අවස්ථාව අප ලබා දී තිබෙනවා. එහිදී ශී‍්‍ර ලංකා මුදලින් රු.5000/= සිට රු1,000,000/= දක්වාත් විදේශ මුදලින් ඩොලර් 50 සිට 5000 ක් හෝ ඊට සමාන මුදලක් අනුමත විදේශ මුදල් වලින් තැන්පත් කරන ගිණුම් හිමියන්ට HNB වෙතින් තෑගි සහ වවුචර් පත් හිමිකර ගත හැකියි. ඔබගේ දරුවා වෙනුවෙන් HNB සිඟිති සහ TEEN ගිණුම් වල ඔබ තැන්පත් කරන මුදල වෙනුවෙන් ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දෙමින් උපරිම ආරක්ෂාවක් සහතික කිරිමට අප සැමවිටම කැපවී සිටිනවා.’’ යනුවෙනි.

”පසුගිය කාලයේ පැවති වසංගත තත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වයේ වටිනාකම වඩාත් තීව‍්‍ර වුණා. එබැවින් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් බැංකු ගිණුමක ඉතිරි කිරීමේ වැදගත්කම මෙන්ම මූල්‍ය සාක්ෂරතාවය ආදී කාරණා පිළිබඳව දරු පරපුර දැනුවත් කිරීම අපගේ ප‍්‍රධානතම වගකීමක්. ඒ උදෙසා පාසල් සහ අධ්‍යාපන ආයතන වෙතට ගොස් මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කරමින් දරුවන්ව ඉතිරි කිරීම වෙත යොමු කරන්න අපි දැනටමත් කටයුතු කරලා තිබෙනවා. තම දරුවන් සමඟ පැමිණ දරුවන්ට ඉතිරි කිරීමේ වටිනාකම අවබෝධ කර දෙන මෙන් අපි දෙමාපියන්ට ආරාධනා කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සි`ගිති ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන්ට ඉතිරි කිරීමට දිරි ගැන්වීම සඳහා HNB විසින් ආකර්ෂණීය ත්‍යාග රාශියක් ලබා දීමට මෙවර ද කටයුතු කර ඇත. එහිදී සිඟිති ජම්බෝ පෑන් රඳවනයන්, HNB කැප්, කුඩ සහ පාසල් බෑග් වැනි ත්‍යාග රැසක් වශයෙන් හිමි කර දීමට HNB කටයුතු සලසා ඇත.

මීට අමතරව 50,000ක තැන්පතුවක් සඳහා 2000/-ක් වටිනා වවුචර්පතක් ද 100,000ක තැන්පතුවක් වෙනුවෙන් 5000/- ක වවුචර්පතක් ද 250,000ක තැන්පතුවක් සඳහා 12,500/-ක වවුචර්පතක් ද 500,000/- තැන්පතුවක් වෙනුවෙන් 25,000ක් මෙන්ම 1,000,000 ක තැන්පතුවක් වෙනුවෙන් රුපියල් 50,000 ක් වටිනා තෑගි වවුචර්පතක් ද හිමි වේ. එම වවුචර්පත් මගින් Abans, Arpico Supercentre, DSI, Mallika Hemachandra Jewellers, Nithyakalyani Jewellery, Stone ‘N’ String, Sarasavi Bookshop, Vijitha Yapa, සහ Zuzi යන අලෙවිසැල් වෙතින් තමන් කැමති භාණ්ඩයක් මිලදී ගැනීමේ අවස්ථාවද ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත උදා කර දී තිබීම තවත් විශේෂත්වයකි. නොඑසේ නම් එම වවුචර්පතේ වටිනාකම සිඟිති ගිණුමක තැන්පත් කිරීමේ අවස්ථාව ද ගිණුම් හිමියන් හට ලබා දී ඇත. විශේෂයෙන්ම මෙම ප‍්‍රවර්ධන කාල සීමව තුළදී අලූතින්ම සිඟිති ළමා ඉතුරුම් ගිණුමක් ආරම්භ කරන ගිණුම් හිමියන්ට මෙම ප‍්‍රතිලාභ වලට අමතරව තවත් වාසි රැසක් හිමිවනු ඇත.

දැයේ දු දරුවන් වෙනුවෙන්ම දියත් කරන ලද මෙම සුවිශේෂී වැඩසටහන ඔවුනට සුරක්ෂිත අනාගතයක් සහතික කරන අතරම ඔවුන්ව සකසුරුවම් ජීවන රටාවක් වෙනුවෙන් ද හැඩගස්වයි.

මීට අමතරව HNB සිඟිති ගිණුම් හිමි දු දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගේ ගිණුමේ ශේෂය මත වසර මුළුල්ලේම ත්‍යාග හිමි කර දෙන සුවිශේෂී ත්‍යාග ක‍්‍රමයක් ද ක‍්‍රියාත්මක වේ. එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස HNB ඇෂුවරන්ස් සමඟ එක් වෙමින් ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත සුවිශේෂී රක්ෂණාවරණයක් හඳුන්වා දීමටද HNB කටයුතු කරන ලදී. එම රක්ෂණාවරණය ‘සිඟිති හා ‘HNB TEEN’ ගිණුම් හිමි දු දරුවන්ගේ දෙමව්පියන් විසින් ලබා දෙනු ලබන ස්ථාවර නියෝග මත ක‍්‍රියාත්මක වේ. මෙම රක්ෂණ පහසුකම් බැංකුව විසින් නොමිලේ ලබාදෙන අතර යම් අවාසනාවන්ත හේතුවක් මත ස්වාභාවික හෝ හදිසි මරණයකදී දෙමාපියන් අහිමි වූයේ නම් මෙම රක්ෂණ ක‍්‍රමය මගින් දරුවාගේ ගිණුමට අදාල මාසික ස්ථාවර නියෝගය අඛණ්ඩව දරුවාට අවුරුදු 18ක් වන තෙක් ලබා දීමට කටයුතු කරයි. රුපියල් 1000 සිට 25,000 දක්වා වූ ස්ථාවර නියෝග මේ සඳහා සුදුසුකම් ලබයි.

හැටන් නැෂනල් බැංකුවේ ‘‘සිඟිති ගිණුම’’ දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරන අතර තුර ඉහළ පොළී අනුපාත, ආකර්ෂණීය තෑගි හා වටිනා තෑගි වවුචර ආදී නොයෙකුත් ප‍්‍රතිලාභ ද ලබා දෙයි. වර්තමානයේදී ශ්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල වන HNB ‘‘දිරි දරු ශිෂ්‍යත්ව’’ මගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමියන්ට රුපියල් 10,000ක් දක්වා මුදල් තිළිණ ද ලබා දීම සිදු කරයි. ඒ අනුව, මේ වසරේදී ද, 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දු පුතුන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙර ඔවුන්ගේ සිඟිති ගිණුමේ රුපියල් 10,000ක ශේෂයක් පවත්වා ගැනීමෙන් මෙම මුදල් ත්‍යාග සඳහා සුදුසුකම් ලබා ගත හැක. තවද, HNB TEEN ගිණුම් හිමි දරුවන් GCE/London සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාගවලින් ඉහළින් සමත් වූ විට HNB දිරි දරු ශිෂ්‍යත්ව යටතේ රුපියල් 25,000ක මුදල් ත්‍යාග හිමි කර ගැනීමට ද සුදුසුකම් ලබයි.

අලූත උපන් බිළිඳුන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති ඉතිරි කිරීමේ ගිණුමක් වන ‘‘සිඟිති කිරිකැටියෝ” ගිණුම දරුවාගේ උපතෙන් මාස තුනක් ඇතුළත දෙමාපියන්ට, ආච්චි සීයා, හෝ වෙනත්  ඕනෑම ඥාතියකුට රුපියල් 1000 ක් තැන්පත් කිරීමෙන් දරුවා වෙනුවෙන් විවෘත කිරීමේ හැකියාව ඇත. සාමාන්‍ය ළමා ඉතුරුම් ගිණුමකට වඩා ඉහළ පොළී අනුපාතයක් මෙම ගිණුමට ලබා දෙන අතර ගිණුමේ ශේෂය මත දරුවන්ට උපන්දින තෑගි පිරිනැමීම ද මෙම ගිණුමේ ඇති විශේෂත්වයකි. එමෙන්ම එම ගිණුම ඇරඹීමේදී බැංකුව මගින් ද රුපියල් 1000ක තැන්පතුවක් ලබා දීම ද තවත් සුවිශේෂී ප‍්‍රතිලාභයකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments