රජයේ පාසල්වල මේ වසරේ තුන්වන වාරය අද (05) ආරම්භ වනවා.
එය මාර්තු මස 24 වනදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. තුන්වන වාරය ක්‍රියාත්මක අතරමඟදී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනවාරි මාසයේදී පාසල් දරුවන්ට නිවාඩුවක් ලබාදීමට නියමිතයි.
අතරමගදී පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම මේ වසරේ සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ දී හැදෑරීමට නියමිත විෂය ධාරව නොමැති පාසල්වල සිසුන් එම විෂය ධාරාව ඇති පාසල්වලට අයදුම්පත් ඉදිරිපත් කිරීම කළයුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර රජයේ පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම අද සිට තාවකාලිකව නතර කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
නැවතත් නව අධ්‍යයන වාරය ආරම්භ කළ පසුව පාසල්වල පවතින පුරප්පාඩු සළකා බලා අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කරන අතර එම අයදුම්පත් දෙමාපියන් විසින් පාසල්වලට යොමුකළ යුතු වනවා.