නදීකා මධුවන්තී මහත්මිය විසින් පසුගියදා ග්‍රන්ථ අටක් එක් දක්වනු ලැබුවා. ඇය බාහිර ආචාරවරියක් ලෙස සේවය කරන අතර රන්ථ ඉරි දැක්වීමේ අවස්ථාව සඳහා ආරාධිත අමුත්තන් ලෙස එම්බී ගුණසේන සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රජිව් ගුණසේන මනප්පේරී ඉංජිනේරීන් සහ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ උපාලී මනම්පේරී ඇතුලු පිරිසක් එක්වුනා
මේ වන විට පුංචි අය පෙර පාසල් දරුවන් සහ ගුරුවරුන් ඇ හඳුනන්නේ නදී ටීචර් නමින්, මනෝවිද්‍යාත්මකව. ළමා සිතට විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමට ඇය දරන උත්සාහය හා කැපවීම දැනටමත් බොහෝ ප්‍රතිඵලදායක වී තිබෙනවා. පෙර පාසල් දරුවන්ගේ සිට 1. 2. 3 වසර වල දරුවන්ට ඉංග්‍රීසි ලියන්න. කියවන්න, කතා කරන්තඅවශ්‍ය ශක්තිමත් පදනමක් ඇගේ ඉගැන්වීමේ ක්‍රම වේදයට ඇතුළත්. ළමයින්ට පොත්පත් වගේම පෙර පාසල් ගුරු පුහුණුවත්, ඉංග්‍රීසි දැනුම අඩු අම්මලාට ඉංග්‍රීසි දැනුම දියුණු කර ගනිමින් දරුවන්ට සහාය වීමට හැකි පරිදිත් නදී ටීචර්ගේ පොත්පත් ඇසුරින් ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය…
මම විශ්වාස කරනවා කතන්දර පොත් දරුවන්ගේ ගතිගුණ වැඩිදියුණු කරන්න, හැකියාවන් වර්ධනය කරන්න ලොකු කාර්‍යභාරයක් සිදු කරන බව. කතාන්දර පොත් කියවීම මඟින් දරුවන්ගේ වචන මාලාව, ඉංග්‍රීසි භාෂණ හැකියාව, නිර්මාණශීලීත්වය, චිත්තරූප මවාගැනීමේ හැකියාව අවසාන වශයෙන් සියල්ලන්ගේම එකමුතුවක් ලෙස බුද්ධිවර්ධනය, ඔවුන්ට වඩාත් කල්පනාකාරී සහ පරිකල්පනීය වීමට උදව් කරනවා. කතාන්දර පොත් කියවීමෙන් දරුවන්ට නව කුසලතා ඉගෙන ගැනීමට පමණක් නොව, ශක්තිමත් චිත්තවේගීය හා සමාජීය පදනම් ඇති යහපත් පුද්ගලයන් බවට පත්වීමටද හැකිය. මම මේ කතාන්දර පොත් දෙකම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් යන දෙකෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට සමීප නැති දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි කතාන්දරය පැහැදිලි කර දීමේ හැකියාව වැඩිවෙනවා වගේම මේ ද්වීභාෂා ක්‍රමය නිසා දරුවන්ට වගේම දෙමාපියන්ටත් ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි දියුණු කර ගැනීමට පුළුවන් වෙනවා. 02) මගේ පළවෙනි පොත Drako (ඩ්‍රැකෝ) කතාව. . මේ කතාවේ ඩ්‍රැගන්ගේ නම ඩ්‍රැකෝ. පිරිමි ළමයගෙ නම රොන්. එස් වගේම වක්‍රාකාරව දරුවෙක් එදිනෙදා ජීවිතයේදී තනියම තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න ඕන කියන පණිවිඩය දෙනවා වගේම, කොහොමද තමන්ගේ දුක, තරහා වගේ චිත්තවේගයන් පාළනය කරගන්නේ, ඒ වගේම යහළුවන් විදියට එකිනෙකාට උදව් කර ගැනීමේ වටිනාකම, මිත්‍රත්වයේ බලය පෙන්වන කතාවක්. 03) Three little bees (මී මැසි යහළුවෝ) කතාවෙන් දෙන ප්‍රධාන පණිවිඩය අන් අයට උදව් කිරීම, නිවැරදි තීරණ ගැනීම, කරුණාවන්තකම සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම. මේ කතාවේ මී මැස්සො එකට එකතුවෙලා මකුළු දැළක සිරවී සිටින සමනලයෙක් බේරාගන්නවා. ඉතිං මේ වගේ කතාවකින් එකමුතුවෙලා ප්‍රශ්ණයක් කොහොමද විසඳගන්නේ කියලා දරුවන්ට කියලා දෙනවා. 04) ඇයි කතාන්දර පොත් කියවන එක දරුවන්ට වැදගත් වන්නේ..? . කතාන්දර පොත් හරහා නව ලෝකයක් විවර වෙනවා. දරුවන්ගේ භාෂාව සහ චිත්‍ත පාලන හැකියාව වැඩිදියුණු වෙනවා. ඒ වගේම දරුවන්ව screen එකෙන් ඉවත් කර පොත පතට හුරු කිරීමට හැකියාව ලැබෙනවා. නින්දට යෑමට පෙර පොතක් කියවීම මඟින් දරුවන් ඉතාමත් සැහැල්ලු හොඳ නින්දකට යනවා වගේම දෙමාපියන් සහ දරුවන් අතර හොඳ බැඳීමක් වර්ධනය වෙනවා. Bedtime story කියන්නේ දරුවන්ව සංසුන් කරන සැපදායී පරිසරයක් හදන ඉතාමත් වැදගත්. 05) ළමා ගීත . මේ පොතෙන් මම ප්‍රසිද්ධ ළමා ගීත 10ක් (Twinkle Twinkle little star, Humpty Dumpty etc.. ) ඉංග්‍රීසියෙන් පමණක් නොව, එය ශබ්ධ කරන ආකාරය pronunciation සහ සිංහල සිංදුවද නිර්මාණය කරලා තියෙනවා. මෙහිදී සිංහල සිංදුව නිර්මාණය කිරීමට ඉංග්‍රීසි ගුරුවරියක් වන බන්දුමතී ද සිල්වා ගුරුතුමිය උදව් කරනු ලැබුවා. මේ පොතේදී ඉංග්‍රීසි දැනුම සමීප නැති දෙමාපියන්ට නිවැරදිව ගීතය ගායනා කිරීම සහ නිවැරදි සිංහල තේරුම දැනගැනීමට පුළුවන් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මෙම පොත් මිළදීගන්නා අයට සිංහල සහ ඉංග්‍රීසී සිංදුවල audio tracks ලබා දෙන්න. 06) ඇයි මම පාටකරන Doodle colouring, Pattern colouring ඇතුළු පොත් 5ක් නිර්මාණය කලේ. .Doodle colouring and Pattern colouring වලින් කුඩා දරුවන්ගේ මතකය, වැඩකට focus කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඔවුන්ට අවධාවනය යොමු කිරීමේ හැකියාව වැඩි කරනවා. එම දරුවන් යම් දෙයක් කිරීම ආරම්භ කළ විට කැපවීමෙන් එම වැඩේ නිම කිරීමේ හැකියාව ලැබෙනවා. මේ චිත්‍ර පොත් වර්ග 5ක් නිර්මාණය කරන්න හේතු වූයේ මේකයි.
