ලෝක මිහිකත දිනය කියලා කියන්නේ මුලු ලෝකයම මහ පොළොව ගැන දැනුවත්වෙන, දැනුවත් කරන දිනයක්. ඒ දවසට ලෝකය පුරාම විසිරිලා ඉන්න පරිසරවේදීන්, පරිසර ක්‍රියාකාරීන්, මේ මහ පොළොව රැක ගැනීමේ වැදගත්කම ගැන කතා කරනවා. නමුත් ලංකාවේ අපිට ඒ දිනය ගැන ලොකු දැනුවත් බාවයක් නැහැ. පරිසර දිනය, ළමා දිනය, වැඩිහිටි දිනය, කම්කරු දිනය වගේ ජාත්‍යන්තර දවස් සමරන අපි, ඇයි මිහිකත දිනය ගැන ලොකුවට දැනුවත් නැත්තෙ?
ඉතින් TBWA Sri Lanka සහ Omnicom Media වෙළඳ ප්‍රචාරණ ආයතන විදියට, මේ වැඩේට හවුල් කරගන්නේ මව්බිම කියන පත්තරය.
ලෝක මිහිකත දිනයේදී ඒ කියන්නේ අප්‍රේල් 22 වෙනිදා මව්බිම පත්තරය එයාලගේ “Mast Head” එක අයින් කරනවා. මෙහෙම දෙයක් වෙන්නේ ලෝකේ පලවෙනි වතාවට. ඒ වෙනුවට හෙඩ් ලයින් එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්,
“නැතිවේවි මවුබිම, රැක නොගත්තොත් මහ පොලොව.” මව්බිම පත්තරය මෙතනදි පාඨකයාව කතුවැකියට යොමු කරනවා. කතුවැකියේදී තමයි කියවෙන්නේ ඇයි අපි මිහිකත දිනය ගැන දැනුවත් වෙන්න ඕනි කියල.