Monday, October 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeක්‍රීඩාCRYSBRO-NOCSL Next Champ වැඩසටහනේ ප්‍රතිලාභී නෙත්මි ප‍්‍රනාන්දු එළඹෙන ජාත්‍යන්තර තරගවලදී උපරිම දක්ෂතාවක්...

CRYSBRO-NOCSL Next Champ වැඩසටහනේ ප්‍රතිලාභී නෙත්මි ප‍්‍රනාන්දු එළඹෙන ජාත්‍යන්තර තරගවලදී උපරිම දක්ෂතාවක් දැක්වීමට බලාපොරොත්තු වෙයි

57kg බර පන්තිය යටතේ 2022 ජාත්‍යන්තර  කණිෂ්ඨ ශූරතාවලියේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරන 17 හැවිරිදි නෙත්මි ප‍්‍රනාන්දු, ඉදිරි තරඟ වලදී තම මව්බිමට ආඩම්බරයක් ගෙන ඒමේ අධිෂ්ඨානය පෙරදැරිව වෙහෙස මහන්සි වී තම පුහුණු වීම් කටයුතු වල නිරත වන්නේ CRYSBRO-NOCSL Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන හරහා තවදුරටත් ශක්තිමත් වෙමිනි.

”ජාත්‍යන්තර කණිෂ්ඨ ශූරතාවලිය මට බොහෝ අත්දැකීම් ලබාදුන්නා. මම ජාතික ශූරතාවලියට සහභාගී වූ විට පළමු වටයෙන්ම මම ඉවත් වුණා. මෙය අසාර්ථක වීමක් ලෙස නොගෙන මම මගේ වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් තව තවත් වෙහෙස මහන්සි වී පුහුණු වූ අතර මෙවර ජාතික ශූරතාවලියේදී මගේ හොඳම දක්ෂතාව වාර්තා කරමින් රන් පදක්කමක් දිනා ගත්තා.” යැයි ප‍්‍රනාන්දු ක‍්‍රීඩිකාව පැවසුවාය.

ජාත්‍යන්තර කණිෂ්ඨ ශූරතාවලියෙන් ලද අත්දැකීම් වලට අමතරව එය අලූත් දේවල් ඉගෙනීමට ද මහඟු අවස්ථාවකි. ඇය දැන් ඇගේ ශක්තීන් හා දුර්වලතා හඳුනාගෙන එළඹෙන තරඟාවලිය සඳහා පුහුණුවීම් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

තම පුහුණුකරුට සහ සෙසු පුහුණු වන්නන්ට තමා දැන් සිටින ස්ථානයට යාමට බොහෝ අභියෝග ජය ගැනීමට සිදු වන බව අවධාරණය කරමින් ඇය මෙසේ අදහස් දැක්වූවාය. ”අපට පුහුණු උපකරණ කිසිවක් තිබුණේ නෑ, මගේ පුහුණුකරු පුහුණු උපකරණ සෑදීම පිළිබඳ DIY වීඩියෝ නරඹා අතින් සාදාගත් උපකරණ භාවිතා කිරීමට අපව යොමු කළේ වෙන විකල්පයක් නොමැති නිසා. ප‍්‍රමිතිගත උපකරණ සදහා වගේම මෙම තරඟාවලි වලට සහභාගී වීමේ දී ද මගේ පවුලට දැඩි මූල්‍යමය අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුණා.”

”මෙවැනි වාතාවරණයක් තුළ මා වැනි දරුවන්ට ලබා දුන් සියලූ ආධාර සහ සහයෝගය ගැන මම සැමවිටම CRYSBRO-NOCSL Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනට ස්තූතිවන්ත වෙනවා. මෙම වැඩසටහන හරහා මගේ පවුලට හෝ මගේ පුහුණුකරුට බරක් නොවී මගේම දස්කම් දැක්වීමට මට හැකි වී තිබෙනවා. අප වැනි දරුවන්ට ලෝකය දැකීමට සහ අපේ ජාතික ක‍්‍රීඩා හැකියාවන් නඟා සිටුවීමට ඔවුන් ලබා දෙන සහයෝගයට මම නැවත නැවතත් ඔවුන්ට ස්තූති කිරීමට කැමතියි. ” යනුවෙන් ඇය වඩාත් ස්තූති පූර්වකව පැවසුවාය.

Crysbro ‘Next Champ’ වැඩසටහන මගින් මේ දක්වා කී‍්‍රඩකයින්ට ඉහළ සහයෝගයක්  දැක්වූ අතර, ශී‍්‍ර ලංකාවේ සිටින දක්ෂ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.

යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා 2022, ආසියානු ක‍්‍රීඩා 2022, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා 2022 සහ 2023 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල වැනි ප‍්‍රමුඛ පෙළේ ඉසව්වලට ඇතුළත් වීමේ හැකියාව ඇති අඩු වරප‍්‍රසාද ලත් ප‍්‍රදේශවල තරඟකාරී තරුණ තරුණියන්ට මූල්‍ය ආධාර සැපයීම මෙම වැඩසටහනෙහි අරමුණයි. 2019 නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් දිනාගත් ජයග‍්‍රාහකයින් ද NOCSL-Crysbro Next Champ වැඩසටහන මගින් අනුග‍්‍රහය ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ය.

මෙම ශිෂ්‍යත්ව මඟින් පෝෂණ ආධාර, ප‍්‍රවාහන පහසුකම්, පුහුණු ගාස්තු, නවාතැන් පහසුකම්, ඇඳුම් පැළඳුම් සහ ක‍්‍රීඩා උපකරණ සහ තෝරාගත් සෑම ක‍්‍රීඩකයෙකුගේම පුහුණුව, හැඩ ගැන්වීම සහ සංවර්ධනය සඳහා අවශ්‍ය වෛද්‍ය වියදම් ආදී වූ සියල්ල ආවරණය කෙරේ. විදේශීය පුහුණු විධි ඇතුළුව ඉහළ වටිනාකමක් ඇති මෙවලම් සහ ජාත්‍යන්තර මට්ටමේ උපදේශකයින් සඳහා තරුණ ක‍්‍රීඩකයින් යොමුකරන අතර එමගින් ඔවුන්ව ඔපමට්ටම් කරයි.

NOCSL-CRYSBRO Next Champ වැඩසටහනෙන් තෝරාගන්නා ලද දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ජයග‍්‍රහණ හිමිකරගත් තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනෙකුට සහයෝගය දැක්වීම සඳහා Crysbro – NOCSL සමඟ ‘Next Champ’ ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් ‘Next Olympic Hope’  වැඩසටහන ආරම්භ කළේය.

‘Next Olympic Hope’  වැඩසටහන තුළින් රට තුළ සහ ඉන් පිටත වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ට www.nextolympichope.com හරහා මෙම තරුණ හා නැගී එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ආධාර කිරීම සඳහා සුදුසු පරිත්‍යාග ලබාදිය හැකිය.

Crysbro Next Champ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම තරුණ ක‍්‍රීඩා කුසලතා හඳුනාගෙන ඔවුන්ට මූල්‍යමය අනුග‍්‍රහය දැක්වීම පමණක් නොව, නිසි පුහුණුව සහ සුදුසු ආහාර වේලක් වැනි අංශයන් පිළිබඳ ප‍්‍රවීණයන්ගේ මඟ පෙන්වීම ඇතිව විවිධ ක‍්‍රීඩා හැකියාවන්ගෙන් පොහොසත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා පූර්ණ දායකත්වයක් ලබාදෙයි. රටේ ග‍්‍රාමීය ආර්ථිකයේ ප‍්‍රධාන කුළුණක් ලෙස Crysbro  සැලකිය යුතු සමාජ දායකත්වයක් ලබාදෙන අතරම එමඟින් ක‍්‍රීඩා අවස්ථා ඇති කරමින් ශාරීරිකව හා මානසිකව ක‍්‍රියාශීලීව සිටීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන යයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments