Saturday, December 2, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකදේශීය වශයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම සහ අලෙවිය සඳහා...

දේශීය වශයෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම සහ අලෙවිය සඳහා Abans සමග EWIS Colombo Limited අත්වැල් බැඳ ගනියි

ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සඳහා ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් හිමිකර ගෙන සිටින Abans PLC සමග ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පරිගණක සහ උපාංග නිෂ්පාදන අංගනය වන EWIS Colombo Limited (ECL) පසුගියදා ව්‍යාපාරික සහයෝගීතාවයක් උදෙසා අත්වැල් බැඳ ගන්නා ලදී. ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, පරිගණක සහ උපාංග නිෂ්පාදනය කිරීම සඳහා වූ ගිවිසුම් අත්සන් තැබීම EWIS Colombo Limited හි සභාපති සංජීව වික්‍රමනායක මහතා සහ Abans PLC හි ප්‍රධාන වෙළඳනාම නිලධාරී බුද්ධික ධර්මවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් 2022 අගෝස්තු 10 වන දින සිදු විය.

භාණ්ඩ ආනයනය දැඩි ලෙස සීමා කෙරී ඇති පසුබිමක මෙම ගිවිසුම් ගත වීම විශේෂත්වයකි. ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමේ පිළියමක් වශයෙන් දේශීය නිෂ්පාදකයින් ප්‍රවර්ධනය කිරීම උදෙසා Abans සමාගම පෙරමුණ ගෙන සිටියි. මේ හරහා භාණ්ඩ ආනයනය අවම කිරීමට හැකියාව ලැබීමෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් රට තුල ආරක්‍ෂා කර ගැනීමට හැකි වනු ඇත. මෙවැනි ව්‍යාපාරික සහයෝගීතාවයන් ඔස්සේ දේශීය ශ්‍රම බලකාය සවිබල ගන්වමින් රටේ ආර්ථිකය ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇතැයි යන්න Abans සමාගමේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන දේශීය වශයෙන් නිපදවමින් වෙළඳපොළට ඉදිරිපත් කර Made in Sri Lanka තේමාවට අගනා වටිනාකමක් එක් කිරීම

Abans සමාගමේ අපේක්‍ෂාවයි. අධික වියදමක් දරා ආනයනික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල  දී ගැනීමට නොහැකි පාරිභෝගික ප්‍රජාවට මෙමඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ පහසු මිල ගණන් වලට දිවයින පුරා ව්‍යාප්තව ඇති Abans ප්‍රදර්ශනාගාර ජාලය හරහා පහසුවෙන්  ලබා ගැනීමට හැකි වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments