2022 වසර පුරාවට පැවති අස්ථාවර ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව තම ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා අඛණ්ඩ ද්‍රවශීලතා පැතිකඩයන් පවත්වා ගැනීමට සමත් විය. ක්‍රියාශීලීව අභියෝග හඳුනා ගැනීම හා ඒ සඳහා සුදුසු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම බැංකුවේ ශක්තිමත් බව හා තිරසාර බව තව දුරටත් වැඩිදියුණු කිරීමට උපකාරී විය. තවද වත්මන් ආර්ථික අර්බුධය කළමනාකරණය කිරීම සඳහා සියලුම තම පාර්ශ්වකරුවන්ට සහාය වන අතරම, අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අපනයන ආදායම රටට ගලා ඒමට දිරිමත් කිරීම මඟින් ජාතික ආර්ථිකය නගා සිටුවීම බැංකුව සක්‍රීයව කටයුතු කරන ලදී. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා බැංකුවේ ප්‍රමුඛතම වැඩසටහනක් වන “වැවට ජීවයක්” වැඩසටහන යටතේ බහුවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් බැංකුව තම ආයතනික සමාජීය වගකීම් (CSR) ක්‍රියාකාරකම් ද වේගවත් කරන ලදී.

බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 19.8% ක හා 24,4%ක පහළ යාමක් වන අතර එමඟින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 21.6%ක හා 24.3%ක පහත වැටීමකි.
බැංකුව 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා බදු පසු ලාභය රුපියල් බිලියන 7.2 ක් හා බදු පෙර ලාභය රුපියල් බිලියන 9.3 ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙලින් 19.8% ක හා 24.4% ක පහළ යාමක් වන අතර එමඟින් රට තුළ පවතින අස්ථාවර ආර්ථිකය තත්වය මැනවින් පිළිබිඹු වේ. එසේම 2022 සැප්තැම්බර් 30 දින වන විට සමූහය බදු පසු ලාභය හා බදු පෙර ලාභය පිළිවෙලින් රුපියල් බිලියන 7.7ක් හා රුපියල් බිලියන 10.2ක් වාර්තා කරන ලද අතර එය 2021 වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 21.6% ක හා 24.3% ක පහත වැටීමකි.
2022 සැප්තැම්බර් 30න් අවසන් කාලඡේදය සඳහා සම්පත් බැංකුව ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රතිඵල
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 82% කින් එනම් රුපියල් 164.75කින් තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ විනිමය ආදායම 276% ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීම.
කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් මූලික කරගෙන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 69.5% කින් සැලකිය යුතු ලෙස ඉහළ යාම
ඇති විය හැකි ආර්ථික අවිනිශ්චිතතාවයන් ආවරණය වන අයුරින් ණය අත්තිකාරම් හා ආයෝජනයන් සඳහා රුපියල් බිලියන 48.8ක ඉහළ අපහායන අයකිරීමක් හඳුනා ගැනීම
අරමුදල් මත පදනම් වූ ආදායම
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මුල් මාස 9 තුළදී මුළු පොලී ආදායම 67.7% කින් වැඩි වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 63 සිට රුපියල් බිලියන 106 දක්වා වැඩි වීමකි. මෙයට මූලික වශයෙන් හේතු වූයේ 2022 වසරේදී වාර්තා වූ පොලී අනුපාත ඉහළ යාමයි. 2022 සැප්තැම්බර් 30 දින වන විට සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 25.95% ක් දක්වා ඉහළ ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දින සිට පදනම් ලකුණු 1,953ක් හා 2021 වසර අවසානයට සාපේක්ෂව පදනම් ලකුණු 1,734 ක ඉහල යාමකි. එසේම වසරක භාණ්ඩාගාර බිල්පත් කූපන් අනුපාතය 2022 සැප්තැම්බර් 30 වන විට 29.85% ක් දක්වා ඉහල ගිය අතර එය 2021 සැප්තැම්බර් 30 දිනට සාපේක්ෂව පදනම ලකුණු 2,284 ක ඉහළ යාමකි.
වෙළෙඳපොල පොළී අනුපාත ඉහළ යාම හේතුවෙන් බැංකුවේ පොළී වියදම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 57.3% කින් ඉහල ගොස් එනම් රුපියල් බිලියන 52.8ක් ලෙස වාර්තා කරන ලදී. බැංකුවේ විචක්ෂණශීලී වත්කම හා වගකීම් කළමනාකරණය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 79.4% කින් ඉහල යන ලදී.
අරමුදල් මත පදනම් නොවූ ආදායම
වාර්තා කරන කාලපරිච්ඡේදය තුළදී බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම (NFCI) පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 69.5% කින් සැලකිය යුතු ලෙස හා සැසඳීමේදී ඉහළ යන ලදී. මෙම ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳ හා විද්‍යුත් නාලිකා වැනි අංගයන්ගෙන් ලද ආදායමෙන් සමන්විත වන අතර එය කාඩ්පත් හා වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායමෙහි සිදු වූ වර්ධනය හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහල යන ලදී.
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වන මුල් මාස 9 සඳහා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 18 ක් විය. මෙය 320% ක වාර්ෂික වර්ධනයක් වන අතර ඒ කෙරෙහි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්‍රමාණය වීම හේතු විය. 2022 වසර තුලදී, පෙර වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 98ක අලාභයට සාපේක්ෂව බැංකුව රුපියල් බිලියන 3ක ශුද්ධ වෙළෙඳ අලාභයක් වාර්තා කළේය. මුළු විදේශ විනිමය ආදායම පසුගිය වසරේ සලකා බලනු ලබන කාලපරිච්ඡේය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3.8ට සාපේක්ෂව මෙම වසරේදී රුපියල් බිලියන 14.5ක් විය.
අපහායන අයකිරීම්
2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුව රුපියල් බිලියන 48.8ක මුළු අපහායන අයකිරීමක් හඳුනාගන්නා ලදී. මෙය පසුගිය වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 9.8ට සාපේක්ෂව 396% ක ඉහල යාමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 37.7කින්ද අනෙකුත් මූල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 10.3කින්ද සමන්විත විය. මීට අමතරව අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් මිලියන 839ක් වෙන් කරන ලදී.
ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම්
පිරිහෙමින් පවතින සාර්ව ආර්ථික තත්වයන් නිරූපණය වන අයුරින් බැංකුව විසින් සාර්ව ආර්ථිකය තව දුරටත් පහල යාමට ඇති සම්භාවිතාව සඳහා ගැලපෙන බර තැබීම් වැඩි කරන ලද අතරම ආර්ථික සාධක ගැලපුම් (EFA) ආකෘතියද නැවත සමාලෝචනය කිරීම හේතුවෙන් සලකා බලනු ලබන කාල පරිච්ඡේදය සඳහා ඉහළ සැලකිය යුතු ඉහල අපහායන ප්‍රතිපාදනයක් හඳුනා ගන්නා ලදී. තවද ආර්ථිකය තුළ ණය අවධානම ඉහල ගිය ක්ෂේත්‍රයන් නැවත සමාලෝචනය කළ අතර නව කර්මාන්තය (ක්ෂේත්‍ර) කිහිපයක් ණය අවදානම ඉහල ගිය ක්ෂේත්‍ර වශයෙන් හඳුනාගන්නා ලදී. මීට අමතරව උද්ධමනය ඉහල යාම, ඉහල පොලී අනුපාත හා බදු වැඩි කිරීම තුළින් ඇතිවන බලපෑම ද අපහායන ප්‍රතිපාදන හඳුනාගැනීමේදී සලකා බැලූ අනෙකුත් සාධක වේ.
සංචාරක ව්‍යාපාරයේ සහ ඒ හා සමානව බලපෑමකට ලක් වූ අනෙකුත් කර්මාන්තවල ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපහායන ප්‍රතිපාදනවල ප්‍රමාණවත් භාවය බැංකුව විසින් සමාලෝචනය කරන ලද අතර එමඟින් තනි තනිව සැලකිය හැකි ගනුදෙනුකරුවන් සඳහාද ප්‍රමාණවත් අපහායන ප්‍රතිපාදනයන් හඳුනාගන්නා ලදී. 2021 දෙසැම්බර් හා 2022 ජූනි අවසානයේදී සහනදායී ණය යෝජනා ක්‍රමයන්ගෙන් බැහැර වූ ඇතැම් ගනුදෙනුකරුවන් වත්මන් ආර්ථික තත්වයන් හේතුවෙන් තවදුරටත් ණය සහන අයදුම් කිරීම හේතුවෙන් බැංකුව එම ගනුදෙනුකරුවන් සඳහා අතිරේක අපහායන ප්‍රතිපාදන (Overlay) හඳුනා ගැනීමද අඛණ්ඩව සිදු කරන ලදී. මීට අමතරව පවතින ආර්ථික පසුබෑම් හමුවේ ඇති විය හැකි අහිතකර බලපෑම් දරා ගැනීමේ හැකියාව මත ගනුදෙනුකරුවන් අදියර 1 සිට 2 දක්වා මාරු කිරීමට බැංකුව අඛණ්ඩව පියවර ගන්නා ලදී.
ඉහත ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙස පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් ඇති විය හැකි අලාභයන් අවශෝෂණය කර ගැනීම සඳහා 2022 සැප්තැම්බර් 30 දින වන විට 9.8% ක ඉහළ සමස්ත අපහායන ප්‍රතිපාදන ආවරණයක් බැංකුව විසින් හඳුනාගන්නා ලදී.
අනෙකුත් මූල්‍ය උපකරණ මත වූ අපහායන අයකිරීම්
සම්පත් බැංකුව විසින් 2022 සැප්තැම්බර් 30 වන දිනට ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රුපියල් මිලියන 9,040 ක් හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා රුපියල් මිලියන 935ක්ද වෙන් කරන ලදී. 2022 මැයි මස දී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම ‘C’ සිට ‘RD ’ දක්වා පහත වැටීමත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගත් මේ සඳහා බලපාන ලද ප්‍රධාන කරුණු 2ක් විය. සමාලෝචිත කාල පරිච්ඡේදය අවසානයේදී, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බැංකුව විසින් වෙන් කරන ලද මුළු ප්‍රතිපාදන රුපියල් 21.6ක් විය. මේ අතර වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී කල් පිරුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ශ්‍රී ලංකා රුපියල් බවට පත් කිරීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් නම් කරන ලද උපකරණවල සංයුතිය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට බැංකුව සමත් විය.
ශුද්ධ මෙහෙයුම් ආදායම
සලකා බලනු ලබන කාලය තුළදී මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 40කින් වර්ධනය විය. කෙසේ වුවද අපහායන අයකිරීම්ද රුපියල් බිලියන 39කින් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායමේ වර්ධනය 3.7කට සීමා විය.
මෙහෙයුම් වියදම්
වාර්තා කරනු ලබන කාල පරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම රුපියල් බිලියන 20.5ක් වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 16.6ට සාපේක්ෂව 23.6% ක ඉහළ යාමකි. ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය වීම හා ඉහළ යන උද්ධමනය මේ සඳහා ප්‍රධාන හේතූන් විය. මෙහෙයුම් වියදම්වල වර්ධනයක් තිබියදීත් 2021 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා කළ 39.6% ට සාපේක්ෂ්ව බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය පදනම් ලකුණු 1,460කින් එනම් 25% ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටිණි. ආදායම් පිරිවැය අනුපාතයෙහි මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමස්ත මෙහෙයුම් පිරිවැයේ ඉහළ යාම ඉක්මවා සමස්ත මෙහෙයුම් ආදායම ඉහල යාමයි.
බදු වියදම්
එකතු කළ අගය මත බද්දට පෙර ලාභය 17.6% ක පහත වැටීමක් තිබුණද 2022 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය 15% සිට 18% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මූල්‍ය සේවාවන් මත එකතු කළ අගය මත බදු වියදම 9.3% කින් ඉහල යන ලදී.
2022 ඔක්තෝබර් මස 11 වැනි දින නිකුත් කරන ලද දේශීය ආදායම් පනතේ (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් බලාත්මක කර නොමැති බැවින් වාර්තා කරනු ලබන කාලසීමාව සඳහා පනත් කෙටුම්පතේ යෝජිත වෙනස්කම් බැංකුව විසින් සලකා බලා නොමැත.
ප්‍රධාන අනුපාතයන්
සාමාන්‍යය කොටස් හිමියන්ගේ කොටස්වල ප්‍රතිලාභය (බදු පසු) 2021 වසර අවසානයේ වාර්තා කළ 11.05% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 31 දින වන විට 8.08% ක් දක්වා පහත වැටී ඇත. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) 2021 වර්ෂයේ වාර්තා කරන ලද 1.44% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මස 30 දින වන විට 0.96% ක් විය.
ප්‍රාග්ධන අනුපාතයන්
2022 සැප්තැම්බර් 30 දින වන විට තම සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට බැංකුව සමත් විය. පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතය 2021 වර්ෂයේ අවසානයේ වාර්තා කළ 13.95%, 13.95% හා 17.02% ට සාපේක්ෂව 2022 සැප්තැම්බර් 30 දින වන විට පිළිවෙලින් 11.31%, 11.31% හා 13.72% ක් ලෙස වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් බර තබන ලද වත්කම් ප්‍රමාණය ඉහල යාම, මුදල් ලාභාංශ හා අධිභාර බදු ගෙවීම යන කරුණුවල සාමූහික ප්‍රතිඵලයක් ලෙස වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ප්‍රාග්ධන අනුපාතයන් පහත වැටුණි.
වත්කම් හා වගකීම්
2022 සැප්තැම්බර් මස අවසානයේදී සම්පත් බැංකුව සතු මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.3ක් වූ අතර එය 2021 දෙසැම්බර් 31 දිනට වාර්තා වූ රුපියල් ටි්‍රලියන 1.2ට සාපේක්ෂව රුපියල් බිලියන 113ක (12.6% ක වර්ධනය) වර්ධනයකි. මේ සඳහා ශූද්ධ ණය හා අත්තිකාරම්, මුදල් හා මුදලට සමාන දෑ වල ඉහළ යාම හේතු විය. වර්ෂය තුළදී දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම ශේෂ පත්‍රයේ වර්ධනය වීම සඳහා මූලිකව හේතු විය.
මුළු අත්තිකාරම් ප්‍රමාණය 2021 දෙසැම්බර් මස අවසානයට වාර්තා කරන ලද රුපියල් බිලියන 813ට සාපේක්ෂව වාර්තා කරනු ලබන කාල සීමාව තුළදී 22.6% (වාර්ෂික) වර්ධනයක් සහිතව 2022 සැප්තැම්බර් මස 30 වන විට රුපියල් බිලියන 951ක් ලෙස වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා මුදලින් අගය කරන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය 12.1% කි (වාර්ෂික). සලකා බලනු ලබන කාල පරිච්ඡේදයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 164.75කින් අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ව්‍යවහාර මුදලින් අගය කරන ලද ණයවල වටිනාකම ඉහළ යන ලදී. විනිමය අනුපාතයන් වෙනස්වීමේ බලපෑම ඉවත් කළේ නම බැංකුවේ මුළු ණය හා අත්තිකාරකම් ප්‍රමාණයේ වර්ධනය 8.8% ක් වේ. (වාර්ෂිකව)
2022 වසරේ තුන්වන කාර්තුවේදී බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද තැන්පතු ප්‍රවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් දේශීය තැන්පතු පදනම රුපියල් බිලියන 44.4 කින් වර්ධනය විය. කෙසේ වෙතත් 2021 වසර අවසානය හා සැසඳීමේදී මෙම වර්ධනය 0.8% කට සීමා විය.