Tuesday, October 3, 2023
spot_imgspot_img
spot_imgspot_img
Homeව්‍යාපාරිකUB Finance, සමාගම් ශ්‍රේණිගත කිරීම ICRA Lanka Limited විසින් “BB Positive Outlook”...

UB Finance, සමාගම් ශ්‍රේණිගත කිරීම ICRA Lanka Limited විසින් “[SL]BB Positive Outlook” ලෙස තහවුරු කරයි….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Co Ltd හි ICRA ශ්‍රේණිගත කිරීම් සංශෝධනය කර තිබේ. ඒ අනුව UB Finance සමාගමේ ICRA ණය ශ්‍රේණිගත කිරීම (Issuer Rating) [SL]BB positive outlook ලෙස යළි තහවුරුකර ගනිමින් ඉදිරි දැක්ම ස්ථාවර කරගැනීමට සමත්ව තිබේ. මෑතකදී UB Finance වෙත එහි මවු සමාගම වන Union Bank PLC වෙතින් රු. බිලියන 1.98 ක ප්‍රාග්ධන දායකත්වයක් ලැබුණු අතර, ඒ අනුව UB Finance මෙරට ඉහළ ප්‍රාග්ධනීකරණයක් සහිත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ICRA Lanka Limited, ලොව ණය ශ්‍රේණිගත කිරීම් සම්බන්ධ දැවැන්ත සමාගමක් වන Moody’s Investors Service හි අනුබද්ධ ආයතනයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, UB Finance සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අසංක උඩුගම මහතා මෙසේ පැවසී ය. “අපගේ ඉදිරි ගමනේ තීරණාත්මක අවස්ථාවකදී මෙලෙස අපගේ ප්‍රකාශිත ශ්‍රේණිගත කිරීම “[SL]BB Stable outlook” සිට “[SL]BB Positive outlook” දක්වා වැඩිදියුණු වීම අපට මහත් සතුටක්. ඉදිරියේදී වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගැනීමටත්, ඔවුන්ට වඩාත් විශිෂ්ට මට්ටමේ සේවාවක් සැලසීමටත් අප බලාපොරොත්තු වෙනවා. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ශක්තිමත්ම සමාගමක් ලෙස ඉදිරියට පැමිණීමට අපට හැකියාව ලැබේවි. මේ සියල්ල සමගින් ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනාට සුවිශේෂී ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ තිළිණ කිරීමට අප සූදානම්.”

UB Finance Co Ltd යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි මූල්‍ය සමාගමකි. එම සමාගම මේ වනවිට ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු, ලීසිං, ණය සේවාවන් සහ රන් ණය සේවාවන් ඇතුළුව, පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් එකතුවක් පිරිනමයි. ICRA වෙතින් ධනාත්මක ඉදිරි දැක්මක් සහිත ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් වන “[SL]BB Positive Outlook“ හිමිකරගෙන ඇති UB Finance Co Ltd හි අරමුණ වන්නේ විශ්වාසනීයත්වය ඔස්සේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින්, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ දියුණුව උදෙසා නව වෙළඳපොල අවස්ථාවන් උදාකර දීම ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments